විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට LTTE සයිබර් ප්‍රහාරයක්




විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට LTTE සයිබර් ප්‍රහාරයක්

මීට සතියකට පෙර HIRU TV  වෙබ් අඩවියට එල්ටීටීඊ සංවිධානය විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල වු බව වාර්තා වු අතර අද දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රාජ්‍ය පරිපාලන සේවා යන වෙබ් අඩවි දෙකට එඑල්ටීටීඊ ඩයස් පොරාව විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා..
අද උදෑසන අප මිතුරෙක් විදේශ සේවා වෙබ් අඩවියට පිවිසිමෙදී දකින්නට ලැබි ඇත්තෙ ltte ධජය සහ විස්තර කිහිපයක් එම විඩියෝව පහතින්
               


 මේ පුවත පල කල විඩියෝව පහතින්




කේසේවෙතත්  විදේශගත සහ විදේශගත වීමට  බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගෙ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය ගැන වඩාත් අවධානමක් ඇති වීමට ඉඩකඩ ඇත..

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයෙක් පිහි ඇනුමකින් මියයයි

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයෙක් පිහි ඇනුමකින් මියයයි

කොරියාවේ අවාසනාවන්ත සිදුවීමක්. කොරියාවේ ජින්දො ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අතර ගැටුමකින් එක් අයෙක් මියගොස් ඇති බවට විශ්වාස දායි තොරතුරු අපවෙත ලැබී ඇත..
  
තවම හේතුවක් නොදන්නාමුත් අපරාදය කල පුද්ගලයා පලායන අයුරු දැක්වෙන CCTV දර්ශන  සො⁣යාගෙන ඇති බවත් අනිවාර්යයෙන් ඔහුව නීතියට හසු කරගැනීමට හැකිවෙතැයි අපට දැනගන්නට ලැබී ඇත.

ප්‍රවෘත්තිය කෙසේවෙතත් ඇත්තටම මෙවැනි සිදුවීම් වලින් අවඅවසානයෙ සිදුවන්නේ කොරියාවෙ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත්වීමත් ශ්‍රී ලංකාව ගැන තියෙන ගෞරවය කොරියාව තුල නැතිවී යාමය.

මොන සිදුවීම වුනත් කොරියාවේ නීතියෙන් කිසිම කෙනෙක්ට සැගවී සිටිය නොහැකිය..

ශ්‍රී ලාංකික අප සිතට ගත යුත්තෙ කොරියාව  වගේම වෙනත් රටක වුවද තමන්ගෙ සීමාව සහ ඉන්නෙ කොහෙද යන්න හිතට අරගෙන වැඩ කරගෙන සිටීමයි.. නැත්තම් සිදුවන්නෙ විදෙස්ගත සිටින අප පමනක් නොව අපෙ රටම අපකීර්තියට පත්වීමයි... 

ලොවක් වටින කළු දිවියා මියයයි

ඉතා දුර්ලභ ය දින හමු වූ කළු දිවියා මියයයි

ලක්ෂපාන වලමෙලෙයි වත්තේ පහසු ගියේ දින සොයාගත් කලු දිවියා අද වන විට මිය ගොස් ඇත..නල්ලතන්නිය පොලිසිය ට හා හා වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මන්දමකට හසුවී තිබූ  කළු දිවියා විශාල පරිශ්‍රමයක් දරා බේරා ගෙන රැගෙන ගොස් ඇත .

වතු යායේ එළවළු වගා කරන්නන් විසින් අටවා තිබූ මෙම උගුලට හසුව
 වී ඇති මෙම කළු දිවියා වන ජීවී නිලධාරීන් විසින් නිර්වින්දන බෙහෙත් යොදා සිහි අඩපණ කර රැගෙන ගොස් ඇත ..එම නිලධාරීන් විසින් ඉක්මනින් udawalawa පසුඋඩවලව පශු වෛද්‍ය රෝහලට යොමු කරන ලදී ..

මෙලෙස ප්‍රතිකාර කළ කළු දිවියා අද වන විට ජීවිතක්ෂයට පත්වී ඇත..වන ජීවී නිලධාරීන් විසින් එම සත්‍ය ආගම අගයෙන් මරණ පරීක්ෂණය සිදු කරන බව සඳහන් වේ

කොරියාවේ නිරෝධායන නීතිය නොදැන ආවොත් ගුවන්තොටුපලෙදී අතරමං


කොරියාවේ නිරෝධායන නීතිය නොදැන ආවොත් ගුවන්තොටුපලෙදී අතරමං 


අපි බලමු දැනට කොරියාවේ තියෙන නිරෝධායන නීතිය

විදේශිකශ්‍රමිකයන් (E-9) 2020වර්ෂයේ මැයි මස 6වනදින සිට  කොරියාවට ඇතුල්විමේදි  මව්රටේ EPS සෙන්ටර් වෙතින් ලබාගන්නා නිරෝධායන පරික්ෂන සහතිකය අවශ්‍ය වනු ඇත.
1) ශ්‍රමිකයන් විසින් කර්මාන්තශාලාව, දැනහදුනාගත්, තානාපතිකාර්යාලය හරහා දින 14ක නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරාගත යුතුයි
2) මව්රටේ EPS සෙන්ටර් එක වෙතින් නිරෝධායන අයදුම්පත පුරවාගැනිම කලහැකිය.
3) සහතික  පිටපත් දෙකක් සකස්කර නිවස්නයේ අවසරපත්‍රයක්ද නිකුත්කල, කොරියාවට ඇතුල්විමේදි  නිරෝධන අංශයට බාරදිය යුතුයි
4) සහතිකකරගත් ලිපිගොනු නැතහොත් ඔවුන් සීමාකිරිමට සිදුවනු ඇත.
5) සහතික කරගත් ලිපිගොනු නැති අවස්ථාවක, සිමිත කරඇති අතර අමතර පරික්ෂාවකට භාජනය කර ප්‍රමානවත් නිරෝධන මධ්‍යස්ථාන නෙැමැතිවුවහොත් රටට ඇතුල්විම් නොකර පිටමං කිරිමට හැක.

නැවත කොරියාවට පැමිණ ශ්‍රී ලාංකිකයින් මෙම corona නීති වලට අනුකූලව පැමිණෙන ලෙසත් ඒවා කඩ කිරීමෙන් කොරියාවට ඇතුළු වීමට නොහැකි බවත් කම්කරු උපදේශක පුෂ්පලාල් මහතා ෆේස්බුක් සටහනක් මගින් ප්‍රකාශ කරන ලදී

Coopang Online විකුණුම් ආයතනයක කොරෝනා රෝගීන් හමුවේ video

කොරියාවේ ප්‍රධාන පෙලේ coupang online shopping සැකසුම් ගබඩාවක කොරෝනා රෝගය පැතිර යයි

ක්‍යොන්ගි දො බූචෝන් කූපන් coupang online විකුණුම් ආයතනයේ සේවය කළ කොරියානු ජාතිකයෙක් නිසා covid19 වෛරසය ආසාදිතයන් යලි වැඩි වී ඇත..මෙම ගබඩා වේ 4000කට වැඩි පිරිසක් සේවය කරන අතර අදාල ආසාදිතයා සමග 500ක් පමන මුනගැසී ඇත..මෙහි සේවය කළ තුන්දාහකට අධික පිරිසක් මේ වන විට corona පරීක්ෂණවලට යොමු කර ඇත..එහෙයින්  මේ වන විට 60 කට අධික කොරෝනා  රෝගීන් හමු වී ඇති බව සඳහන් වේ ..එබැවින් ශ්‍රී ලාංකික ඔබත් පසු ගිය දින කිහිපය තුළ හා මේ දිනවල කූපන් තුළින් බඩු ලබා ගත්තේ නම් එය විසබීජහරණය කට ලක්කර හඬ  අවධානය යොමුකර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු ..
එමෙන්ම ඔවුන් සැරි සැරූ පූචොන්ග්,කුම්පො ඉන්චොන්,වැනි ප්‍රදේශවල සේවය කරන අපේ අය පරිස්සමෙන් වෙමු

කොරියාවේ කව්රුත් දන්න ව්‍යාපාරික කැලුම්  මහතා මේ ගැන පැහැදිලි කරන විඩියෝව පහතින්..
                           

Korean News vedio වීඩියෝව
                     
                           
                           

වතුකරයේ ජනතාව වෙනුවෙන් හඬක් නැගූ ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයෙන් සමුගනී

වතුකරයේ ජනතාව වෙනුවෙන් හඬක් නැගූ ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයෙන් සමුගනී 

ලංකා කම්කරශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ,ප්‍රජා සවිබල ගැන්වීමේ සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඊයේ දින දැයෙන් සමු ගෙන ඇත ..
 1964 මැයි 29වන දින උපත ලැබූ එතුමා නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 වසරේ සිටම පාර්ලිමේන්තු  ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය 

රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන එ තුමා ප්‍රධාන වෘත්තීය සමිති නායක සෞම්‍යමූර්ති තොන්ඩමන්  මහතාගේ ආදරණීය මුණුපුරා වෙති

එංගලන්තයේ වසර 148 පැරණි පල්ලියක් පන්සලක් බවට පත්වේ

එංගලන්තයේ වසර 148 පැරණි පල්ලියක් පන්සලක් බවට පත්වේ 
 
වර්තමානයේ ලොකයේ බොහො රටවල බෞද්ධ පන්සල් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා  බොහො සේ වැඩ වාසය කරයි..
එහෙත් විශේෂත්වය වන්නෙ වෙනත් ආගමික සිද්ධස්ථානයක් බෞද්ධ පන්සලක් වීම. මේ පුවත වාර්තා වන්නෙ එංගලන්තයේන්..
මේ පිලබදව සමාජ ජාලා තුල මේ වන විට විශේෂයෙන් බෞද්ධයන් අතර ඉතා වේගයෙන් හුවමාරු වන පුවතක් බවට පත්ව තිබෙනවා..
 එසේ හුවමාරු වන පුවතෙ අයත් ඡායාරූප පහතින්...
මෙහිද සුදු ජාතික භික්ෂූන්වහන්සේලා පිණ්ඩපාතයෙ යෙදෙන අතර සුදු ජාතික ගිහියන් විසින් දානය පිලිගන්වන සහ සිල් සමාදන් වන අයුරු දැක ගත හැකියි...


මත්තලින් ශ්‍රී ලාංකිකයින් 160ක් රැගත් යානයක් දකුණු කොරියාවට

කොරෝනා වෛරසය මැද ශ්‍රී ලාංකිකයින් 160ක් රැගත් යානයක් කොරියාවට මත්තලින් ...

ශ්‍රී ලාංකික ගුවන් සේවයට වෙනස් වූ පරිච්ජේදයක් එක් කරමින් ප්‍රථම වරට මත්තල ගුවන් තොටුපල සිට සෝල්  නුවරට ගුවන් යානයක්  අද පිටත් වේ.
  දකුණු කොරියාවේ සේවය  කිරීමට ශ්‍රී ලාංකිකයන් එකසිය හැට දෙනකු රැගත් මෙම යානය අද දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුප තොටුපළෙන් ඉන්චොන් ගුවන්තොටුපළ වෙත පියාසර කරන ලදී..මෙම ගුවන් යානය මත්තලින් දකුණු කොරියාව වෙත බිය වන පළමු ගුවන් යානය ලෙස ඉතිහාසයට එක් වනු ඇත ..මෙම ගුවන් යානය මියන්මාර් ගුවන් සේවයට අයත් MAI  8M801 දරන ගුවන් යානයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි ..
   කොරෝනා වෛරස උත්සන්න වීමත් සමගම නිවාඩු බලා පැමිණි කොරියාවේ සේවයේ නියුතු  ශ්‍රී ලාංකිකයින්ට යාමට නොහැකිව බොහෝ ගැටලු ගැටළු වලට මුහුණ දීමට සිදු විය..එහෙත් ඒ ඒ  ආයතනය e9 travel ආයතනය මැදිහත්ව මෙම මෙහෙයුම කළ බව සඳහන් වේ ..තම රැකියාව අහිමි වීමට යන මොහොතක මෙසේ මැදිහත්ව කටයුතු කිරීම  කොරියාවේ ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම අගය කළ යුත්තකි..

ශ්‍රී ලාංකික යුවලක් කොරියාවේ හෝටලයක් කොල්ලකෑමට ගොස් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික යුවලක් කොරියාවේ හෝටලයක් කොල්ලකෑමට ගොස් අත්අඩංගුවට 

දකුනු කොරියාවේ සේවය කරන ශ්‍රමිකයන් ශ්‍රිලංකාවේ නාමය තබාගෙන තමන්ගේ රැකියාව කිරිමට වගබලාගන්න.

 2020වර්ෂයේ මැයිමස 24වනදින කොරියාවේ එක්තරා පලාතක මුවින්ටෙල් (මොටෙල්) ආයතනක කාන්තාවක් සහා පිරිමි කෙනෙක් වසරකට ආසන්න කාලයක් සේවයකර ඇත.එම ආයතනයේ ප්‍රධානියා වශයෙන් වයසක කෙනෙක් සිට ඇත.ඉතින් මොවුන් දෙදෙනා එම රැකියාවෙන් අයින් වි පසුකලෙක මෙම මුවින්ටෙල් එකේ කාමරයක් දිනකට කුලියට ගෙන ඇත.

මොවුන් එම මුවින්ටෙල් එකට එනවිට මුහුන වහගෙන කැමරා පද්ධතිය විනාශකර  ඇවිත් කැෂියර් එක මංකොල්ල කා පැන ගියහ.ඉතින් ඔවුන් එම මුවින්ටෙල් එකේ කැමරා පද්ධතියට හානිකර මුදල් රැගෙන පලාගියත් වටපිටාවේ තියෙන කැමරා හරහා ඔවුන් පලායන දර්ශන ලබාගෙන ඇත.ටැක්සිවලින් යන ඔවුන් අතර මගදි බැස වෙනත් ටැක්සිවල නැග සැගවි සිටියදි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මට කියන්න අවශ්‍ය වුයේ රැකියා අවස්ථා අඩු වි ඇති වෙලාවක මෙවන් ශ්‍රිලාංකිකයෙක් නිසා අපේ රටට ලැබෙන්න තියෙන රැකියා අවස්ථා අඩුවිමක් වෙන්න පුලුවනි.නිතරම ශ්‍රිලාංකිකයන් වැරදි කර පත්තර වල ප්‍රවෘත්තිවල පලවුනාට පස්සේ  කොරියානු මහජනතාව විසින් රජයට පැමිනිලි කිරිමෙන් පසු අපේ රටේ රැකියා අවලංගු කිරිමට පවා ඉඩඇත.ශ්‍රිලාංකිකයන් වන අප විදේශයේ සේවය කිරිමේදි තමන්ගේ මව්රටේ ගෞරුත්වය රැකගෙන ජීවත්වෙන්න බලන්න.

අප මේ රටෙන් මුදලක් උපයාගෙන තවත් ශ්‍රිලාංකිකයෙකුට මේ රටට එන්න පුලුවන් වාතාවරනයක් ඇතිකර මව්රටට පිටත්ව යන්න.එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා සියලු ශ්‍රිලාංකිකයන් එක හා සමානව මනිනු ඇත. තමන් කාලයක් මෙරට සේවය කර ඇති බැවින් මංකොල්ල කෑම හොරකම් කිරිම සුදුසු නැත

.තමන්ගෙන් පසු තවකෙනෙකුට කොරියාවට එන්න පාර හදලා දෙමු.

සටහන 
පුෂ්ප ප්‍රේමලාල් මහතාගෙ පිටුවෙන්

පියයුරු ඇල්ලුවාද..? පියයුරු ඇල්ලුනාද ? කොරියාවේ නීතිය

පියයුරු ඇල්ලුවාද...??  පියයුරු ඇල්ලුනාද....?? කොරියාවේ නීතිය 
----------------------------------------
ගතවුනු කාල වකවානුව පුරාවටම කොරියානු අහස යට අහන්න ලැබුන ලාංකීය කදුලු කතා බොහොමයි. ඒ අතරින් ඔබ වෙත ගෙන ආව සත්‍ය සිදුවීම් රාශියක් අතරෙ මට ලැබුණු බොහොම හිත සසල කරපු සිදුවීමක් මේක. මොකද අදටත් නොදන්න සත්‍ය ඉතුරුවෙලා තියෙන්නෙ ඔහු ලග පමණයි.

මේ කතාව පිළිබද විස්තරය මා වෙත එවන්නෙ , මේ නඩුව වෙනුවෙන් ඔහුගෙ පාර්ශ්වයට කතා කරපු කොරියාවේ අපේ භාෂා පරිවර්තකයෙකු විසිනුයි. එතුමන්ට බොහොම ස්තූතියි.

බොහෝ අසීරු වැඩ කටයුතු මැද්දෙ කොරියාවේ ඉන්න අපේම සහෝදර සඟයන් වෙහෙස මහන්සිය විඩාව නිවාගන්න ගොඩක් වෙලාවට නිවාඩු දවසක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා නිදහසේ හුස්මගන්න වගේම එළියට බැහැලා ටිකක් විනෝද වෙන්න.සතියේ වැඩ කටයුතු ඉවරවෙලා සති අන්තියේ මේ සිදුවීමට අදාල තරුණයාත් ඔහු නවාතැන් ගත් ස්ථානයට ආසන්න උද්‍යානයකට යන්න කාලයක් තිස්සෙ පුරුදු වෙලා හිටියා. ඒ වගේම මෙම උද්‍යානයට ආව ගිය ගොඩක් පුංචි දරුවො එක්ක සෙල්ලම් කරන්න වගේම ඔවුන්ගෙ පුංචි ළමා ක්‍රීඩා වලට උදවු කරන්නත් ඔහු පුරුදු වෙලා ඉදලා තිබුණා.

අවාසනාවන්ත ලෙස එක් දිනකදී සුපුරුදු විදියටම මෙම උද්‍යානයකට ආව මේ තරුණයා එම ස්ථානයේ සිටි දරුවන් සමග කුඩා බෝල වලින් සෙල්ලම් කරමින් සිටින මොහොතක වයස අවුරුදු දහ තුනක පමණ ගැහැණු දරුවෙකු වඩාගනිමින් ඇයට ක්‍රීඩාව සදහා සහය දී තිබෙනවා. අවාසනාවන්ත ලෙස ඒ අවස්ථාවේ ඔහුගේ අත ඇයගේ පියයුරු ස්පර්ශ වෙනවා. මෙය දකින ඇගේ මව කෝපයට පත්වන අතර ඉන් නොනැවතී පොලීයට කැදවා ඔහු අසහනකාරයෙකු ලෙස හුවා දක්වමින් පොලීසිය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් උසාවි දක්වා ගමන් කොට ඔහුට වසර දෙකක හිර දඩුවමකට යටත් කරනු ලබනවා. ඒ වන විටත් ඔහු වීසා අහිමිව සිටි තරුණයෙකු වීම තවත් බරපතල කරුණක් වනවා.

කොරියානු පොලීසිය විසින් මෙම සිදුවීමේ සත්‍යතාව විමසා බැලීම උදෙසා එම ස්ථානයේ සී සී ටීවී පරික්ෂා කිරීමේදීත් ඔහුගේ දෑත්වල⁣ට ඇයගේ පියයුරු ස්පර්ශ වන අයුරු පැහැදිලි ලෙසම පෙන්නුම් කරනවා.ඉතා අවාසනාවන්ත ලෙස මේ වන විටත් ඔහුට කොරියාවේ සිර මැදිරියක් උරුම වී හමාරයි.
ඔහු දාරක ස්නේහයෙන් දරුවා ඔසවා ගත්තද, නැතිනම් වෙනත් පටු නොහික්මුණ චේතනාවක් ඔහු තුල තිබුණාද යන්න දන්නේ ඔහුගේ හිත පමණයි.

කොරියානු නීතියට අනුව ඔහු වරදකරුවෙකු වී හමාරයි. කොල්ලනේ මේ සිදුවීමෙන් ඔබට මා කිව යුතු දෙයනම් පළමුවෙන් ඔබ සිහිතබාගන්න මෙය ලංකාව නොවේ.
කොරියාවට රැකියාව සදහා පැමිණි පසු ඔබ සිටින්නේ වෙනත් රටක වෙනත් නීතීන් සමූහයකට යටත්වය.

එසේම කොරියාවේ සංස්කෘතිය වෙනස් කිරීමට ඔබටවත් මටවත් කළ නොහැක. 

ඇතැම් විට ලංකාවේදී මෙන් කුඩා දරුවන් පිළිබද වැඩිපුර සෙනෙහසක් ඇල්මක් දැනෙනු ඇත. ඇතැම්විට ඔබේ දරුවන් සිහිවෙනු ඇත. නමුත් ඔබ කොරියාවේ දරුවන් වඩාගැනීම් සිප වැලදගැනීම් වලට උනන්දුවක් නොදක්වන්න. ඒ වෙනුවට දයාබර වදනින් ඔවුන් ඇමතීම පමණක් සිදු කල හැකිය.

එක් අයෙකු විසින් ⁣දැන හෝ නොදැන කරන ක්‍රියාවකින් හානියක් වනුයේ සමස්ත රටටමය.
එබැවින් කුමන රටක කුමන ස්ථානයක ඔබ රැකියාව කලද ඔබේ හැසිරීම ඔබේ ජීවිතයේ තීරණාත්මක කාරණාවක් වනු ඇත.

මේ කොරියාව තුළ ඔබට දහසක් දෙනා හිමිව නැත. ලාභයද පාඩුවද ඔබම විද දරා ගත යුතුය. කොල්ලනේ කෙල්ලනේ අපි සතුටු වෙමු , විනෝද වෙමු, සියල්ලන්ටම ලොකු පොඩි භේදයකින් තොරව ආදරය කරමු.
එපමණක් නොවේ නිරතුරු සිහියෙන් කටයුතු කරමු.

වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් ඔබට ලියන මම 
දිලාන් මදුසංක..
2020/05/23

මේ දවස්වල වැඩනැද්ද කොරියන් රජයෙන් පඩිය ගන්න පුලුවන් මෙන්න ක්‍රමේ

මේ දවස්වල වැඩනැද්ද කොරියන් රජයෙන් පඩිය ගන්න පුලුවන් මෙන්න ක්‍රමේ

ශ්‍රිලාංකිකයන්ට සුභ ආරංචියක් 

දැනට සේවය කරන කර්මාන්තශාලාවේ වැඩනොමැතිනිසා ඔබ ලබන මාසික වැටුපෙන් 70%ක මුදලක් රජයෙන් ලබාගත හැකිය.ඔබ කලයුත්තේ තමන්සේවය කරන ආයතනය මගින් අයදුම්කිරිම පමනි.
1)ඔබ විසින් මාසික වැටුප ලබනවිට고용보험 රක්ෂනයට සුලුමුදලක් කැපෙනු ඇත.
2) ඔබ කර්මාන්තශාලාවේ මාසයක්ම වැඩනැතුව සිටිය යුතුයි.එම කාලසිමාවට මාසික වැටුපෙන් 70%ක් කර්මාන්තශාලාව මගින් අයදුම්කර තමන්ගේ බැංකුපොතට ලබාගත හැකිය.
3)තමන්ගේ සේවා ස්ථානයට දැනුම්දිමක් කර කම්කරු කාර්යාලටය ගොස් අයදුම්කිරිමෙන් ලබාගත හැකිය.
4) 고용보험 රක්ෂනයට අයදුම් නොකල අයට මෙය ඉල්ලුම්කල නොහැකිය.

පුෂ්ප ප්‍රෙමලාල් මහතාගෙ පිටුවෙන්..

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් මැයි 20 සිට යළිත්

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම්  මැයි 20 සිට යළිත්

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කිරීමේ කටයුතු  2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදේ. කොරෝනා වෛයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවන ලදී.

 මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදුකෙරේ. එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබාදේ.

 රැකියා සදහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලි වලට අමතරව. දකුණු කොරියාව, ජපානය , කැනඩාව , ජර්මනිය යන රටවල සේවා යෝජකයන්  විසින් තමන් ලබා ගන්නා  ශ්‍රී ලාංකිකයන් එම රටේදි, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපියද ලියාපදිංචි කිරිම සදහා අවශ්‍යවේ. විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.

මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතය
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය facebook පිටුව

දකුණු කොරියාවේ කෑම සමග මත්පැන් නිවසටම ලබාදීමට නීති ලිහිල් වේ

දකුණු කොරියාවේ කෑම සමග මත්පැන් නිවසටම ලබාදීමට නීති ලිහිල් වේ 

කොරියාවේ මත්පැන් පානය ලංකාවේ මෙන් සීමාවක් සහිත වී නැත.තැබැරුම් සීමාවීම් නැත.සාමාන්‍ය සිල්ලර කඩයක් ලෙස සැලකෙන සහ ආපනශාලා ලෙස සැලකෙන තැන්වල පවා කොරියාවේ මත්පැන් අලෙවිය සිදුවේ..

එවගේම සාමාන්‍ය හොටෙල් වල පාවා මත්පැන් පානය සිදුවේ.එමනිසා ජනතාව රැස්වීම දුරස්ථභාවයද අඩුවේ.. එවගෙ කොරියානුවො කෑම බහුලව⁣ශයෙන් ගෙවල් වලටම ගෙන්වා ගැනීම සිදු කරත් මත්පැන් මිලදී ගැනීමට නිතරම අලෙවිසැල් වලටද යාමු සිදුවේ

මේ සියල්ලම සැලකිල්ලට ගෙන ජුලි මාසයේ තමන්ට අවශ්‍ය ආහාර සමග මත්පැන් (සෝජු)බියර් වර්ග නිවසටම ලබාදීමට නීති ලිහිල් කරන  කොරියානු පුවත් වාර්තා කරයි..
එ පිලිබදව පලවු විඩියෝව පහතින්  අදාල ප්‍රවෘත්තිය සහිත විඩියෝව මෙතනින්
                

මගෙ පුස්තකාලයේ වෙනම තැනක් ඔබතුමාගෙ පොත්වලට දීලා තියෙන්නේ තිස්ස සර් ලියපු සංවේදී කතාව

 
සන්නස්ගල සර් සහ මගේ ටියුෂන් කලාව 
------------------------------------------------

මම සන්නස්ගල සර්ව හඳුනා ගන්නේ "මංජුල" නමැති මගේ පාසල් මිතුරෙකු මගින්(ඔහු මා ඉගෙනගත් බලංගොඩ පාසලේ මිත්‍රයෙක්). ඒ ඔහු එවකට "අරලිය" පත්තරේ, කොටස් වශයෙන් පළවෙච්ච "වස්සාන සිහිනය" කතාව කියවමින් සිටන අතරතුරදී. හඳුනා ගත්තා කීව්වට ඒ නමින් විතරයි. මංජුල මට ඒ කතාවේ කොටස් සියල්ලම කපලා පොතක් විදිහට හදලා දෙනවා. ඒ මම ඒ කාලේ උසස් පෙළ දෙවන වර විභාගය ලියලා ඉවර වෙලා තිබුන නිසා, මට කියවන්න. ඔහු එසේ සිදු කළේ " ඒ කතාව මගේ කතාවක් " ලෙස ඔහුට දැනිලා තිබුන නිසා. ඇත්තටම එහි බිඳවැටුණු මාගේ ප්‍රථම ප්‍රේමයට අදාල චරිත වල නම් ඒ විදිහටම තිබුනා. ඉතින් ඒ නිසාම මම ඒ කතාවේ ඔහු ලියාතිබුන හැම වචනයකටම ආදරය කලේ කතාවේ ජීවත්වෙන ගමන්.

සන්නස්ගල සර් දෙවනියට මට මුණගැහෙන්නේ  මගේ ජීවිතේ මම ටියුෂන් ගුරුවරයකු වෙච්ච අවස්ථාවේ ගම්පහ "සමාධි" ආයතනයේදී. ඒ කාලේ සර් පන්තියට ආවේ සුදු පාට "ඩොක්ටර් සනී" කාර් එහෙක.ඇත්තටම මම සර් එක්ක කතාබස් කළේ ඉතාමත් ආශාවෙන්.මට එතුමා ගැන ලොකු ගෞරවයක් තිබුනේ.

මම කැලණිය විශ්ව විද්‍යාලයේ දී ඉගෙන ගත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව (92/92 UOK). හැබැයි මම උසස් පෙළ අවසන් කරලා කැම්පස් යන්න කලින් ටියුෂන් පන්ති පටන් ගත්තා. ඒ දවස්වල මට Zoology වත්, Botany වත් කරන්න අවස්ථාවක් හම්බුනේ නෑ. අහම්බෙන් ලැබුණු ඒ අවස්ථාවේ මට උගන්වන්න හම්බුනේ Agricultural Science. හැබැයි ඉතා කෙටි කාලයකින් මම ඒ විෂයේ සාර්ථක ගුරුවරයෙක් බවට පත්වුණා. ඒ නිසාම හුඟ දෙනෙක් හිතුවේ මම කෘෂි විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් කියලා.

1998 තමා අපේ උසස්පෙල විෂය ක්ෂේත්‍රයට Biology කියන විෂය එකතු වෙන්න.ඒ Zoology සහ Botany එකතුකරලා. ඉතින් Biology වලින් මුල්වරට විභාගය තිබ්බේ 2000 වසරේ.මේ වෙන කොටත් මං මගේ උපාධිය සම්පූර්ණ කරලා විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙලා ඉවරයි(1996 තමා අපේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුනේ). ඒ නිසා මේ කාලය මට හොඳම අවස්ථාවක් වුනා අලුත් විෂයට ප්‍රවේශයක් ගන්න. ඒ නිසා මම ජීව විද්‍යා විෂයට ප්‍රවේශ වෙමින් ක්‍රමයෙන් කෘෂි විද්‍යාව උගැන්වීමෙන් ඉවත් වුණා. ඒ කෘෂි විද්‍යාවේ ඇති අඩුපාඩුවක් හෝ එය බාල විෂයක්  නිසා නෙමේ. ඒ කාලේ මට තිබුණු ආර්ථික ප්‍රශ්න විසදගන්න, ඒ විෂය හදාරන සිසුන් සංඛ්‍යාව අඩු වුන නිසා, මට අවශ්‍ය ප්‍රමානවත් තරම් අදායමක් ඒ විෂය ඉගැන්වීමෙන් ලබා ගැනීමට නොහැකි වූ නිසා. අනෙක් අතට ඉතින් මගේ උපාදියත් ජීව විද්‍යා උපාදියක් නිසා.

නමුත් මම මේ ළඟදී සන්නස්ගල සර් අන්තර්ජාලයේ තබා තිබූ සටහනක් දැක්කා. ඒකේ තිබුනේ " තිස්ස ඔයා ඉස්සර කෘෂිකර්මය ඉගැන්නුවේ. ඔයාට බයලොජි එක්ක ගව පාලනය පැටලිලා" කියලා. ඒ ප්‍රකාශය ඇත්තටම මාව දුකට පත්කලා. ඇත්තටම මම කෘෂිකර්ම ඉගැන්වීම බාල වැඩක්ද? ඔහුගේ විෂයන් පිලිබද ඇති දැනුම පිළිබඳව ද මට දුකයි. උසස් පෙළ ඇත්තේ කෘෂි විද්‍යාව/ Agricultural Science  නමැති විෂයයි. කෘෂිකර්මය/ Agriculture  තියෙන්නේ සාමාන්‍ය පෙළ සහ ඉන් පහළ පංති වලට. ඒ එක්කම ඔහු එහි ලියා තිබුනා " මා දන්න විද්‍යාව අනූව " කියලත්. ඒකෙන්ම ඔහුගේ විද්‍යා දැනුම ගැන අවබෝධයක් ලබාගන්න පුලුවන්. දැනට ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යාව උගන්වන ඔබගේද හිතවත් ගුරුවරුන්ගෙන් අහලා බලන්න , biology වලට වඩා සංකීර්ණ තැන් කොතෙක් කෘෂි විද්‍යාවේ තිබෙනවා ද කියාලා. 
ඔබ මගේ විද්‍යා දැනුම අවඥාවට ලක්කරාට කමක් නැහැ.
නමුත් "කෘෂි විද්‍යා" විෂය එලෙස අවඥාවට ලක් කරන්න එපා. එම විෂය ඉගෙනගන්න ළමයින්, එය උගන්වන ගුරුවරුන් අවඥාවට ලක් කරන්න එපා. අද පවතින තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට එය අනිවාර්ය විෂයක් කරලා උගන්වන්න ඕනේ කියලයි මම අදහස් කරන්නේ. ඒ නිසා ඒ කරුන මට හුගක්ම රිද්දන්නේ ඔබ මාව අවඥාවට ලක් කරන්නට, එම විෂය අවඥාවට ලක් කිරීමයි. කිසිවකු හෝ සිංහල භාෂාව හා සාහිත්‍යය අවඥාවට ලක් කළහොත් ඔබට රිදෙන්නේ නැති බවද මම දන්නවා. ඒ ඇයි කියුවොත් ඔබ එයට ආදරය නැති නිසා. නමුත් මා ජීව විද්‍යාවට මෙන්ම කෘෂි විද්‍යාව ට ද එක ලෙස ආදරය කරමි. ගෞරව කරමි.නමුත් ඒවා හිසමුදුනේ තබා නොගනිමි.

විශ්වවිද්‍යාලයේ දී අපිට " Agricultural Biology" කියා විෂයක් ද, " Plant Biology " කියා විෂයක් ද අධ්‍යනය කිරීමට තියෙනවා. ඒ වක්කම උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ 10 වන ඒකකය ව්‍යවහාරික ජීව විද්‍යාව ලෙස නම් කරලා තියෙනවා වගේම ඒකෙත් තියෙන්නේ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ කොටස්.

මාගේ අදහස නම් පුද්ගලයකු හෙළාදැකීමට ඔබ වැනි ප්‍රමාණික උගතෙකු විෂයක් හෑල්ලූවට ලක් කිරීම නොකළ යුත්තක් යන්නයි.

ඔබ පිළිබඳ මා තුළ වූ ගෞරවය ඔබ මෙලෙස කෙලෙසීමට ලක් කර ගැනීම ගැන මට ඇත්තේ මහත් දුකකි. වසර 20 ක ටියුෂන් ඉතිහාසයේ මාගේ වේදිකාවේ ඔබ හෝ වෙනස් කිසිදු ටියුෂන් ගුරුවරයෙකු මා විවේචනය කර නැත. අපි ටියුෂන් මිතුරන් සමග කතා කරන වෙලාවල් වල, ඔබට වඩා වයසින් අඩු ඇතැම් මිතුරන් ඔබට " සන්නා" කියා කතාකරන විට (ඔබ නැති අවස්තාවල ) මම ඔවුනට බැන සිටියේ " ඇයි සන්නස්ගල සර් උබේ මස්සිනාද? " කියා අසමිනි. ඔබ බයිපාස් ශල්‍ය කර්මයෙන් පසු නුගේගොඩ රොටරි ශාලාවට පැමිණි අවස්ථාවේ හුග දෙනෙක් ඔබව බැලීමට නොපැමිනි මොහොතක මම එහි පැමිනියේ ඔබට මා තුල තිබූ ඒ ලැදියාව නිසාමය.ඔබ නොදන්නා තවත් කරුණක් ඇත,ඒ මාගේ පුද්ගලික පුස්තකාලයේ තනි රාක්කයක්ම අයිතිකරගෙන සිටින්නේ ඔබ පමනක්ම වීමය. ඒ සියල්ල මා කියවූ ඔබේ අදහස්/ පොත්ය. ඔබ මාගේ ටියුශන් වීරයන්ගෙන් එක් අයෙකි. ඔබගේ අදහස් හා මාගේ අදහස් සමහර අවස්ථාවලදී පරස්පරය. නමුත් ඔබ සමඟ මට වෛරයක් නැත. ඔබ සැබෑම වැඩ්ඩෙකි. නමුත් ඔබේ සියලු භාවිතයන් මම අනුමත නොකරමි. මම මගේ අදහස් කියනවා විනා ඔබට පෞද්ගලිකව මඩ ගැසීමක් සිදුකර නැත. 

ඔබ ඔබේ අදහස් ඔබේ පන්තියේ ළමයින්ට කියයි. එක් කලෙක ඔබ "ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක්" හෙව්වා මට මතකය. එවිට මම ඔබට, පොඩි උන්ට කුනුහරුප කියන්න එපා, පොඩි උන් නොමග යවන්න එපා කියා කීවේ නැත. එයට හේතුව ඒ ඔබේ " දැක්ම " නිසාය. ඔබ හිතන් ඉන්නේ ඒ ඔබේ දැක්ම, ඔබේ සියලුම ළමයින් පිළිගන්නවා කියාද? නැහැ. ඒ වගේම තමයි මම කියන දේ මගේ ළමයි සියලුම දෙනා කොහොමත් පිළිගන්නේ නෑ. පිළිගන්න ඕනෙත් නෑ. මොකද උන් සයන්ස් කාරයෝ නිසා. අනික මම ළමයින්ව ප්‍රශ්න කිරීමෙන් වලක්වලා නෑ. ඒක මගෙන් ඉගෙන ගත්ත, පන්ති ඉවර වෙලා පන්තියේ දොර ඉස්සරහට වෙලා  මම එනකම් බලන් ඉදපු හැම ළමයෙක් වගේම ඔවුන්ව පන්තියෙන් ගෙදර එක්කන් යන්න බලන් ඉදපු දෙමව්පියනුත් ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා. අපි ළමයින්ව පුරුදු කළේ ප්‍රශ්න කරන්නමයි. 

හැබැයි ජාන ගැන, පරිණාමය ගැන, මානව විද්‍යාව ගැන, ජාන කිටුව (Gene Pool), ජාන සංඛ්‍යාතය, DNA විශ්ලේෂණය, මයිටකොන්ඩ්‍රියා DNA විශ්ලේෂණය මගින් ලැබෙන පරිණාමික සාක්ෂි පිළිබඳ ඔබ ප්‍රසිද්ධියේ වාද කර ගැනීමට උත්සාහ කිරීම නොකළ යුත්තක්මය. රුධිර ඝන සහ ජාන සම්බන්ධයත්, ලංකාවේ අමුතු විදියේ රුධිර ඝන (උදා: බොම්බේ ගෲප් ) පිලිබඳවත් ඔබේ අර කුඩ්ඩාගෙන් අසා දැනගන්න. අපට මේ කරුණු පිළිබඳව වාදයක් අවශ්‍ය නම් අප සැබැවින්ම කළ යුත්තේ, එකතුවෙලා ප්‍රසිද්ධ නොවන සංවාදයක් සුහදව පවත්වා එහි නිගමනය දරුවන්ට කියා දීමය. ප්‍රසිද්ධ සංවාදයකට යෑම නොහැකි දෙයකුත් නොවේ. එහිදී කාගේ රෙදි ගැලවුණත් ළමුන්ට සහ බලා සිටින අයට පෙනෙන්නේ ටියුෂන් කාරයන් දෙදෙනෙකුගෙන් එකෙක්ගේ හෙළුව බව අවධාරණයෙන් මතක තබාගන්න. ඔබ සමාජ මාධ්‍ය  ඔස්සේ පිදුරු දමා ඇවිල වූ මේ ගින්න පිලිබදව බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරීන් මාගෙන් විමසුවද මා ඒවාට ප්‍රතිචාර නොදී බලා සිටියද, අවසානයේ මම ඇතැම් අයට පිලිතුරු දීමට තීරනය කලේ මට ඔබ සමග පැටලීමට ඇති උවමනාවක් නිසා නොවේ. අපගේ අදහස් නිසා විරසක විය හැකි අනෙකා පිලිබද උපේක්ෂාවෙන් සිතීමෙන් අනතුරුවයි.

අවසාන වශයෙන් මා යෝජනා කර සිටින්නේ, ඔබ අහස හොඳට පැහැදිලි දවසක රෑ අහස දිහා නිදහසේ බලා සිටින්න. ඒ පෙනෙන තරු බොහෝමයක් සූර්යයන්. ඒ හැම සූර්යයෙකුටම  ග්‍රහලෝක ඇති බව මතක් කරන්න. මේ අනන්ත වූ විශ්වයේ සැඟවී ඇති "දැනුම" සමග ඔබත් මමත් දන්නා දැනුම සංසන්දනය කරන්න. එතකොට සන්නස්ගලත්, තිස්සත් කියන්නේ තිතකින්වත් ලකුණු කරලා පෙන්නන්න පුළුවන් පොරවල්ද කියලා ඔබටම වැටහේවි.

-  තිස්ස ජනනායක -

ප.ලි : ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස වැරදි ඇතොත් සමාවන්න. මක්නිසාදයත් මම ඔබ තරම් මෙම විෂයෙහි දක්ෂයෙකු නොවුන නිසාය.

උපුටාගැනීම තිස්ස ජනනායක සර්ගෙ පිටුවෙන්

මුහුදු මහා විහාරය නාවික හමුදාවේ ආරක්ෂාව යටතට ගැනේ


මුහුදු මහා විහාරය නාවික හමුදාවේ ආරක්ෂාව යටතට ගැනේ

නොයෙක් අවස්ථාවල මුහුදු මහා විහාරය අන්තවාදී ආක්‍රමණයට හසුවන බව සමාජ මාධ්‍ය සහ සියළුම මාධ්‍ය ඔස්සෙ  නොයෙක් අවස්ථාවල වාර්තා වුනා.. පසුගිය කාලයෙදීත් මෙය දිගින් දිගටම වාර්තා වීම නිසා ජනාධිපතිතුමාගෙ අවධානයට ලක්වීමෙන් පසු ඊයෙ දින 2020 - 05 14  දින ආරක්ෂක ලේකම් තුමා නීරීක්ෂණයට 
ලක්කර මේ තීරණය ගෙන තිබෙනවා..

ඒ අනුව අද සිට නාවික හමුදා අනුකණ්ඩයක් මුහුදු මහා විහාරස්ථානයේ ආරක්ෂාවට යොදවන බවත් නැති වී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ගැසට් කර මුහුදු මහා විහාරස්ථානයට ලබා දීමට කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා..

2017,2018,2019 විභාගෙ සමත් එත් කොරියන් සිහිනය කුමක් වේවිද

2017,2018,2019  විභාගෙ සමත් එත් කොරියන් සිහිනය කුමක් වේවිද

#2020_න්_එහා_කොරියානු_රැකියා_සිහිනය.

නිෂ්චිතවම තොරතුරු සතු නොවුනත් 2017,2018 සහ 2019 යන තෙවසරේ විභාගය සමත් වූවන්ගෙන් 4000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පොරොත්තු ලේඛනයේ සිටිනු ඇතැයි අනුමාන කල හැක.
(නිෂ්චිතවම දන්නා කෙනෙක් වේනම් පහතින් සටහන් කරන්න.)

එයින් 2017 ඉතිරිව ඇති යම් ප්‍රමාණයක් වේනම්  ඔවුන් නුදුරේදීම වසර දෙකේ කාලසීමාව ඉක්මවූ පසු පොරොත්තු ලේඛනයෙන් ඉවත්වනු ඇත.
එය කණගාටුවට කාරණාවක් වුවත් EPS සැබෑ ස්වරූපය එයයි.

එමෙන්ම මේ කොරෝනා නිසා උද්ගතවූ ඇතැම් ප්‍රමාදයන් යම් වාසිදායක තත්වයක් ඇති කිරීමට දායකවිය හැකිය.
එය මෙසේය.
කොරෝනා හේතුවෙන් ඉදිරිපත්වීම ප්‍රමාදවන වෛද්‍ය වාර්ථා නිසා අපේක්ෂකයන් වසරකින් පසු නැවත වෙබ්ගතවීම ප්‍රමාද වෙමින් පවතී.
බොහෝවිට මෙම තත්වය සමනය වී අවසාන අපේක්ශකයාත් වෙබ්ගතවී අවසානවන්නේ අගෝස්තුවේ විය හැකිය.
ඒ අනුව ඔවුන්ගේ වසර දෙක අවසාන වන්නේ 2021 අගෝස්තු කෝටාවටත් ගිවිසුම් ලැබීමෙන් පසුවය.
එනම් තව කෝටා පහකට පසුවය.

දැනට කොරියාවේ කර්මාන්තශාලා වල රැකියා අහිමිවීමේ තත්වයක් නැති වුවත් 
අතිකාල අඩුවීමක් නිරීක්ෂණය කල හැකිය.
එහෙත් කොරියානුවෝ 2021 නව ජවයකින් අරඹනු ඇත.

මා අසා ඇති පරිදි සාමාන්‍යයෙන් කොරියාවේ දිනකට නව කර්මාන්තශාලා 200 ක පමණ ප්‍රමාණයක්  එකක් ඇරඹේ.
එවන් තත්වයක් ඔවුන් ඉදිරි අනාගතයේ නිර්මාණය කරනු ඇත.
එමෙන්ම එක් සේවකයෙක් වැඩකරන පැය ගණන සීමා කොට සේවකයාගේ ජීවන තත්වය උසස් කිරීමේ කොරියාවේ වෑයම නිසා වැඩ මුර පවත්වාගැනීමට වැඩි සේවකයන් ප්‍රමාණයක් සේවාස්ථානයන්ට බඳවාගැනීමට සිදුවනු ඇත.
උක්ත කාරණා දිත්වයෙන්ම සංක්‍රමණික සේවකයන්ට නව රැකියා ජනිතවීමට ගැම්මක් සැපයෙනු ඇත.

මේ මැයි මාසයයි.
ලංකාවේ 2021 වසරේ සාමාන්‍ය EPS විභාගය පවත්වන්නට තාම හිතලාවත් නැත.
කොරියාවට අවැසි වුවත් කොරෝනා ඊට ඉඩදෙන සේයාවක් පෙනෙන්නට නැත.
ලංකාවේ පොරොත්තු ලේඛනයේ විශාල පිරිසක් ඇත.
තවත් පිරිසක් එම ගොඩට ඇතුලත් කරගැනීමට කොරියාවට හදිසියක් නොමැති අයුරක් පෙනේ.
බොහෝවිට විභාගය නොපැවැත්වීමට වැඩි බරක් ඇත.
විභාගය පැවැත්ම හෝ නොපැවැත්වීම ගැන පුවතක් මෙම සමූහයට මුදාහැරීම මට අයිති නිළ කටයුත්තක් නෙවේ.
ගුරුවරුන් සහ සිසුන් ඉගැන්වීමේ ඉගෙනීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුද නොවේ.
මා පවසන්නේ මාගේ විශ්ලේෂණයයි.
එම කොනෙන් අල්ලාගෙන මට චෝදනා කල යුතුද නොවේ.

සිහින හාරදහසකට ආසාන්න ප්‍රමාණයක් වෙබ් එකෙහි පල් වෙමින් පිලුනු වෙමින් තිබේ.
ඒවා පමණ නොදැන පාස් කිරීමේ ආනිසංශය.
ඒ ගැන මීට ඉහතදී බොහෝතැන්හි බොහෝකොට කථාකර ඇතිනිසා වැඩි යමක් නොලිවමනාය.

මා ඉහතින් සඳහන් කල අනුමාන සියල්ලම ඒ ආකාරයෙන් සිඳු වුවහොත් අඩුමගානේ ඔය හාරදහසක් දෙනාගෙන් 90% කටවත් සෝජු උගුරක් තොලගා කිම්චි කෑල්ලක් රස බැලීමේ වාසනව උදාවනු ඇත.
එසේ වුවහොත් වසර දෙකින් ඔබ්බට තව දිඟුවක් අවැසි වන්නේ නැත.

බලාපොරොත්තු සරවත් වන්නේ ඒවා චිරාත්කාලීනව හිතේ කැකෑරෙන විටය.
ඒ රස විදිමින් පසුවන්න.
විභාගය පවත්වන නිවේදනය නිකුත්වුවහොත් අනිවාර්යයෙන් හැකි හැමෝම ඇඩ්මිෂන් ගන්න.
හැමදාමත් වෙබ් එකේ ඉන්න කෙනා කවදාහරි කොරියාවට යනු ඇත.
සිස්ටම් එකට අභියෝග කිරීමට ඔබ ශක්තිමත් මදි වෙන්නට පුලුවනි.
එහෙත් කොරියාවට යෑමට ඔබට සිස්ටම් එකක් තිබිය යුතුමය.

සැමට ජය.

සටහන👉 දර්ශන හේවාගමගේ 

දකුණු කොරියාවේන් අනුරාධපුර රෝහලට තවත් වෛද්‍ය ආධාරයක්

දකුණු කොරියාවේන් අනුරාධපුර රෝහලට තවත වෛද්‍ය ආධාරයක් 

උපන් බිමට සවියක් අවසන් අදියර 
අනුරාධපුර මහ රෝහලේදී                              
දකුණු කොරියාවේ පිංවත් ඔබ සැම කෙරෝනා වෛරසය ජයගන්නට මාතෘ භුමියේ ඔබේ නෑසියන් වෙත පිරිනමන ලද ආධාර මුදලින් සිදුකරන අවසන් වැඩසටහන

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට නොහැකිව සිටින අහිංසක ගැමි ජනතාව වෙනුවෙන් එම රෝහලේ හෘද ඒකකයේ හදවත් රෝගීන්ගේ දත්ත තැන්පත් කිරීමේ පද්ධතිය සැකසීම වෙනුවෙන්  උපකරණ පරිත්‍යාග සිදුකෙරේ. 

කොරියා ශ්‍රී ලංකා මහාවිහාර පදනම


  එම අවස්ථාවට  කොරියාවේ සේවය කල  සම්පත්  ජේ සුබසිංහ මිතුරාගේ facebook  විඩියෝව මෙතනින් බලන්න




            

කොරියානු භාෂා විභාගය ( TOPIK) කල්යයි

කොරෝනා වෛරසය පැතිර යාම සමග 69 වන කොරියන් භාෂා විභාගය ( TOPIK) කල් යයි

ලොවපුරා මේ මොහොත වන විට කොරෝනා වෛරසය සීඝුයෙන් පැතිරෙමින් පවතී..දකුණු කොරියාවේ ද මේ අනුව කොරෝනා රෝගීන් බොහෝ  සෙයින් වාර්ථා වී කොරෝනා බිය පහව ගියත් මේ වන විට නැවත කොරෝනා වෛරස් අවදානම කොරියාවට මතුව ඇත..

මේ හේතු නිසා දකුනු කොරියාවේ පවත්වන්නට නියමිත විභාග සියල්ල දින නියමයකින් තොරව කල් දමන්නට එරට බලධාරීන් පියවර ගෙන ඇත..

  ඒ අනුව මේ මස 24 දිනට පැවැත්වීමට නියමිතව තිබූ  කොරියානු භාෂා විභාගය(TOPIK) ද 7 වන මස පැවැත්වීමට තීරණය කර ඇතැයි පැවසේ..එහි දිනයන් නිෂ්චිත ඉදිරි කාලයේ ඔබට ලැබීමට සලස්වන්නෙමු.
   මෙම විභාගය අවලංගු කල හේතුව නිසා ඒ සදහා  ලියාපදිංචි ගාස්තු නැවත ලබා දීමටද තීරණය කර ඇත..ඒ සදහා www.topik.go.kr වෙබ් අඩවියට පිවිසෙන්න

මූලාශ්‍ර  - අයිරා රාජපක්ෂ මිස්ගේ FACEBOOK පිටුවෙන්

වැඩි විස්තර සදහා අමතන්න
1644-7111+01

කොරියාවේ අලුත්ම (e-9 visa) නිරොධායන නීති.නිරොධායනයට තැනක් නැත්තම් කතා කරන්න

                       
කොරියාවේ අලුත්ම (e-9  visa) නිරොධායන නීති.නිරොධායනයට තැනක් නැත්තම් කතා කරන්න


විදේශිකශ්‍රමිකයන් (E-9) 2020වර්ෂයේ මැයි මස 6වනදින සිට  කොරියාවට ඇතුල්විමේදි  මව්රටේ EPS සෙන්ටර් වෙතින් ලබාගන්නා නිරෝධායන පරික්ෂන සහතිකය අවශ්‍ය වනු ඇත.
1) ශ්‍රමිකයන් විසින් කර්මාන්තශාලාව, දැනහදුනාගත්, තානාපතිකාර්යාලය හරහා දින 14ක නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරාගත යුතුයි
2) මව්රටේ EPS සෙන්ටර් එක වෙතින් නිරෝධායන අයදුම්පත පුරවාගැනිම කලහැකිය.
3) සහතික  පිටපත් දෙකක් සකස්කර නිවස්නයේ අවසරපත්‍රයක්ද නිකුත්කල, කොරියාවට ඇතුල්විමේදි  නිරෝධන අංශයට බාරදිය යුතුයි
4) සහතිකකරගත් ලිපිගොනු නැතහොත් ඔවුන් සීමාකිරිමට සිදුවනු ඇත.
5) සහතික කරගත් ලිපිගොනු නැති අවස්ථාවක, සිමිත කරඇති අතර අමතර පරික්ෂාවකට භාජනය කර ප්‍රමානවත් නිරෝධන මධ්‍යස්ථාන නෙැමැතිවුවහොත් රටට ඇතුල්විම් නොකර පිටමං කිරිමට හැක.

සටහන පුෂ්ප ප්‍රෙමලාල් මහතාගෙ පිටුවෙන්

 කොරියාවට වැඩිම e 9  visa සහිත වැඩි පිරිසක් පැමිනිමට බලාපොරොත්තු වන අපෙ ශ්‍රී ලාංකිකයන් හට සමහර සේවා ස්ථාන වල අවස්ථාව නැතිනම් කොරියානු රජයෙන් පවතින නිරොධායන මධ්‍යස්ථානයකට වැඩිමුදලක් ගෙවා යාමට සිදුවේ එම නිසා පහත විඩියෝවෙ සහ පොස්ට් එකෙ සදහන් කරන ආකාරයටත් එ දුරකථන වලට ⁣කතා කර සම්බන්ධ කරගන්න..
මීට පෙර අපි කොරියන් ගොසිප් facebook පිටුවෙත් පල කර තියෙනවා...
එ වගේම මේවගෙ හැකියාව තියෙන කොරියාවේ තව කාමර සොයාදෙන්න පුලුවන්නම් ඒ අයත් කොරියාවට පැමිනෙන අපෙ අයට උදව් කරන්න 



         




කොරියාවේ වසා දැමුනු සුරා සැල් මෙන්න


දකුණු කොරියාවේ මේ දිනවල ASIA MART යාමෙන් පරිස්සම් වෙන්න.

දකුණු කොරියාවේ මේ දිනවල ASIA MART යාමෙන් පරිස්සම් වෙන්න.


මේ දිනවල ඉතෙවොන් ප්‍රදේශයේ  කොරොනා පැතිරීම පිලිබදව සියළුම දෙනා දැනුවත්..
මෙහි අසාදිතයන් අතර විදේශිකයන්දද සිටි අතර හ්වාසොන් ප්‍රදේශයේ සේවය කල මියන්මාර ජාතිකයන්ද දෙදෙනෙකු සිටි..
ඔවුන් ගමන් කල සියළුම ස්ථාන අපට නිශ්චය කල නොහැකිවුවත් අනිවාර්යයෙන් ASIA MART වලට යනු ඇතැයි අනුමාන කල හැක..
එනිසා අපෙ කොරියාවේ සිටින සහෝදර ⁣සහෝදරියන් මේ පිලිබද වැඩි සැලකිල්ලකින් කටයුතු කිරීම අපේම ආරක්ෂාවට වැදගත් වෙනවා...
මේ අතර අප්‍රේල් මස 24දින සිට මැයිමස 6 වෙනිදින දක්වා සෝල් ඉතේවෝන් නගරයේ රාත්‍රිසමාජශාලා(නයිට් ක්ලබ්)වට ගොස් ඇති අය එලියට යාමෙන් වැලකි,
රෝග ලක්ෂයන් නොමැතිවුවද වෛද්‍ය පරික්ෂන කටයුතු සිදුකරගතහැකි බැවින් 1339 බෝවෙන රෝග නිවාරණ මධ්‍යස්ථානය හෝ ලගම සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් උපදේශන සේවය ලබාගන්න ලෙස කොරියානු රජයෙන් දැනුවත් කර ඇත..


 මේ අතර 2020- 05- 11 වන විට ආසාදිතයන් 86 දක්වාද මුලික හදුනාගත් නිරොධායනයට ලක්වු පිරිස 3000ට ආසන්න බව වාර්තා වෙනවා..
මේ පිලබදව ARIRANGNEWS  විඩියෝව බලන්න මෙතන ක්ලික් කරන්න 

දකුණු කොරියාවේ නොසිතු ලෙස නැවතත් කොරොනා පැතිරීමක් සෝල් night club වසාදැමේ video

                                      

දකුණු කොරියාවේ නොසිතු ලෙස නැවතත් කොරොනා පැතිරීමක්  සෝල් night club වසාදැමේ video

ලොකයම අවධානය දිනාගත් කොරොනා පාලනය කල කොරියාවේ එක වරම සොල් කියොන්ගිදො ඉතියවොන් ප්‍රදේශයේ එක්වරම කොරොනා ආසාදිතයන් වාර්තාවනවා..
කොරියාවේ මේ ප්‍රදේශය කොරි⁣යානුුුවන් සහ විදේශිකයන් විශාල වශයෙන් රැදී සිටින ප්‍රදේශයක්.. රාත්‍රි සමාජ ජාලා වැඩිම තිබෙන සහ කොරියාවේ වැඩිම ප්‍රසිද්ධියක් ඇති ප්‍රදේශයක්..
කොරොන පාලනයත් සමග නැවත මෙම රාත්‍රි සමාජ  ජාලා තුලට එකතුවන්නන් වැඩි වී තිබෙනවා.. 
කොරියන් ප්‍රවෘත්තිවලට අනුව ⁣ඉතියවොන් ප්‍රදේශයේ සමාජ ජාලා පහක මේ වන විට ආසාදිතයන් වාර්තා වී ඇති  අතර ඔවුන් අතර මුහුනට මුහන මුන ගැසීම් වූවන් අතර 1500කට වැඩි පිරිසක් හදුනාගෙන ඇත. එ සියළුම දෙනා සහ මැයි 02  සිට එම ප්‍රදේශයේ සමාජ ජාලා තුල සිටියනම් අනිවාර්යයෙන් වෛද්‍ය පරීක්ෂාව කල යුතු බවට කෙටි පනිවිඩ මගින්ද දැනුම් දී ඇත..
මේ වන විට සියළුම සෝල් ප්‍රධාන නගරය තුල ඇති රාත්‍රි සමාජ ජාලා තැබැරුම් සියල්ල වසා දැමීමට තීරණය කර ඇත..
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික අපද නැවතත් ආරක්ෂා කාරී වීම ඉතාමත් වැදගත්.. නැවතත් ආරක්ෂක පිලවෙත් අනුගමනය කරමින් ආරක්ෂා වෙමු..
නොදන්න අයට යවන්න..
කොරියාවේ පුවත් තුල මේ පිලිබද කල නවතම විස්තර සහිත විඩියෝව පහතින්..
arirang news video  මෙතනින් බලන්න

                                             

කොරියාවේ HRD දුක සන්තාප,බලාපොරොත්තු කඩවීම් බලලා රැකියා අවස්ථා දෙන්නෙ නැ

                             
කොරියාවේ HRD දුක සන්තාප,බලාපොරොත්තු කඩවීම් බලලා රැකියා අවස්ථා දෙන්නෙ නැ

කොරියාවට යන්න බලාගෙන විභාගෙ පාස්වෙනව කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසීරු කර්තව්‍යයක්.
අවුරුදු දෙකක් හීන දැක දැක වෙබ් එකේ පල්වෙලා කාලෙ ඉවරවෙලා එලියට වැටෙනව කියන්නෙ දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.

2017 සහ 2018 අවුරුදු වල නිෂ්පාදන ඉදිකිරීම් ධීවර අංශවලින් විභාගෙ පාස්වෙච්ච දහස් ගනන් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නව.
ඉන් බොහෝ අය 2018 විභාගෙ ලියපු අය.

ඔබට හිතෙනව නම් ව්භාගෙ කරල ඔබ අසීරුවට පත් උනා කියල ඔබට පුලුවන් SLBFE එක හරහා HRD KOREA එකට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
ඒ වෙනුවෙන් සමූහයක් විදියට ඉදිරිපත් වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

01.
වසරකින් වෙබ් එකේ කාලසීමාව දීර්ඝ කර දෙන ලෙසටත්.
02.
2020 වසරේ විභාගය නොපවත්වන ලෙසටත් 
(පාස් උනත් ඔවුනුත් මේ ගොඩටම වැටෙන්න පුලුවන්)

ඒ ආයතන දෙකම එහෙම ඉල්ලීමක් බාරගන්න කිසිම අකමැත්තක් නැහැ.
වගේම ඔවුන් එම ඉල්ලීම් ඔබ වෙනුවෙන් HRD KOREA ප්‍රධාන කාර්‍යාලයට ඉදිරිපත් කරාවි 

හැබැයි ඉතිං මෙහෙම දෙයක් තියෙනවා HRD කොරියා ආයතනය තීන්දු තීරණ ගන්නේ බලාපොරොත්තු කඩවීම් දුක සන්තාපය ආදී හැගීම් පිළිබඳ ඇනලයිස් කරලනම් නෙවෙයි 

කොරියාවේ විදේශීය සේවක අවශ්‍යතාවය කෙබඳුද 
දැනට EPS රටවල් වල වෙබ් වල කොපමණ පිරිසක් සිටිනවාද 
ආදී තවත් බොහො තොරතුරු විද්‍යාත්මකව ඇනලයිස් කරලයි.

ඉච්ඡාභංගත්වයට පත් උනාම මිනිස්සු ගන්න තීන්දු තීරණ වලින් බොහෝ ඒව නිවරදි නෑ කියල මං අහල තියෙනවා.
ඔබ සංයමයෙන් ඉවසීමෙන් ලංකාවේ නමටත් හානියක් නොවෙන්න අදාල ඉල්ලීම් කරන්න ගන්නා උත්සාහයේ ප්‍රථිපළය කුමක් උවත් ඔබේ උත්සාහය ඉතාමත් වටිනා එකක් වනු ඇත 
ඔබට ජය.🇰🇷❤
 
සටහන   දර්ශන හේවාගමගේ 

දකුණු කොරියාවේ මාස්ක් නොමැතිව ගියොත් දඩය රුපියල් ලක්ෂ හතර හමාරයි

                                                

දකුණු කොරියාවේ මාස්ක් නොමැතිව ගියොත් දඩය රුපියල් ලක්ෂ හතර හමාරයි


දකුණු කොරියාවේ දැනට කොරොනා වසංගතය බොහෝ දුරය පාලනය කර තිබීමත් නිසා ජනතාව සුපුරුදු ලෙස ගමන් බිමන් ආරම්භ කර ඇත.
විශේෂයෙන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වු තේගු පලාතෙ දෛනික කටයුතු ආරම්භ කිරීමත් සමග කොරියානු රජය ජනතාවගෙ ආරක්ෂාව සදහා නව නීති පනවා ඇත.

එ අනුව දැනට තේගු පලාතේ පමනක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් නොමැතිව සිටියොත් මාන්වොන් 300ක (දැනට ඩොලරයෙ අගය අනුව රුපියල් ලක්ෂා හතර හමාරකට වැඩි)මුදලකට යටත්වීමට සිදුවේ..

එමගින් අනිවාර්යයෙන් ආසාදිතයන් අඩුවීම නිසා යම් කිසි නොසැලකිල්ලකින් ජනතාව කටයුතු කිරීම මගහැරී යනු ඇත..
 මෙම ප්‍රවෘත්තිය  වීඩියෝව මෙතනින් බලන්නමෙතනින් බලන්න
                           
                                 

කොරොනා පරාජය කල කොරියාවේ මහා වෙසක් පෙරහැර සොල් නුවරදී නැවතත්

             
                                    

කොරොනා පරාජය කල කොරියාවේ මහා වෙසක් පෙරහැර සොල් නුවරදී නැවතත්


කොරියාවේ මෙවර වෙසක් දිනය අප්‍රෙල් 30 ට යෙදී තිබුනි.. කොරොනා වසංගතය තිබුනත් කොරියාවේ බෞද්ධයින් විශාල වශයෙන් මෙවරද තමන්ට සුපුරුදු ආගමික වතාවත් පන්සල් වලටම ගොස් කරන අයුරු අප දුටුවා.
මෙවැනි වසංගතයක් තිබියදීත් එසෙ සැමරුවේ coviD19 කොරියාව තුල ඉතා ඉක්මනින් පැතිරීම පාලනය කල නිසා..
එබැවින් කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ද වෙසක් පොහොදින නිවාඩු දිනයක් බැවින් තම කර්මාන්ත ශාලා අවට තිබෙන පන්සල් වලට ගොස් ඡායාරූප facebook ඔස්සෙ පල කර තිබෙනු අප දුටුවා...

කෙසේවෙතත් කොරියාවේ වෙසක් පොහොදිනවල කොරියානු බෞද්ධයන් විශාල එකතුවී පවත්වන අලංකාර පෙරහැර වෙනදා මෙන් නොපැවත්වු අතර සමහර පෙරහැරවල් කල් දමා ඇති බව අපට දැන ගන්න ලැබුනා.
ඒ අතරින් කොරියාවේ විශාලතම පෙරහැර ලෙස සලකන ලෝකයේම අවධානය දිනාගත් 서울 연등회 행렬 සොල් වාර්ෂික වෙසක් පෙරහැර 2020 මැයි මස 23 සහ 24  දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත... ශ්‍රී ලාංකාව නියෝජනය කරමින්  ශ්‍රී ලංකා මහා බෝධී මහා විහාරයෙ නිර්මාණයක්ද පෙර වසරවල පරිදිම එක්කරනු ඇත..
කොරියාවේ සෝල් අවට සිටින අපෙ ශ්‍රී ලාංකිකයන් හටද මෙය නැරඹීමට හැකියාව ඇත..
⁣මීට පෙර වසරෙ අප නැරඹීමට ගොස් ලබා ගත් ඡායාරූප,විස්තර සහිත විඩියෝ සහ මෙවට පවත්වන 23වන දා පවත්වන උත්සවයේ විස්තර පහතින් බලන්න
                                         





                      

බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා හිටපු jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video

                                                 

බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා..jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video

 පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් විසින් බුදුරජාණන්වහන්සේ  ගංජා ආශ්වාස ප්‍රාශ්වස කලායැයි ආන්දෝලනාත්මක කතාවක් පසුගිය දිනකදී අසන්නට ලැබුණි..

කැන්ටින් අසේල නොහොත් කසිප්පු අසේල ලෙස ප්‍රචලිත අතර ඔහු නමින් අසේල සම්පත්‍ ය..ඔහු අපනශාලා හිමියන්ගේ සංගමය නමින් සංවිධානයක් ද පවත්වාගෙන යයි.

  මෙහිදී ඔහු අවධාරණය කරන්නේ රටේ වැවෙන තේ කොල පරිභෝජනයට හා අපනයනයට සුදුසුනම් මේ රටේ ගංජා ගැහුවම හෙන යහනවද යන්නයි...මෙසේ ඔහු විසින් මත්ද්‍රව්‍ය ප්‍රචාරක ප්‍රකාශ කරමින් මෙන්ම අප තථාගත බුදුරජාණන්වහන්සේ අපහාස කරමින් සිදුකල ප්‍රකාශය බෞද්ධයින් වශයෙන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මුලාශ්‍ර colombo today වෙබ් අඩවිය

ඔහුගෙ ප්‍රකාශ සහිත විඩියෝව
මෙතනින් බලන්න


චීන නෞකාවක බරපතල වැඩගෙන මියගිය සිරුරු මහමුහුදට දමන video දර්ශන කොරියාව හසුකරගනී

                                  

 චීන නෞකාවක බරපතල වැඩගෙන මියගිය සිරුරු මහමුහුදට දමන  video දර්ශන කොරියාව හසුකරගනී 

චීන ධීවර නව්කාවකින් ඉන්දුනීසියා පුද්ගලයෙකු මුහුදට දමන වීඩියෝවක් අද කොරියානු මාධ්‍ය විසින් නිකුත් කර ඇත..මාස ගණනාවක් පැය 18ට වැඩි කාලයක් අමානුෂික ලෙස ඉන්දුනීසියා  පුද්ගලයින්ගෙන් වැඩ ගෙන ඇත..වතුර පවා ඉන්දුනීසියා  සේවකයන් මුහුදු ජලය පානය කර ඇත..කෙසේ මරණයට පත් වී ඇත්දැයි පරීක්ෂණ පවත්වන අතර මෙසේ මරණයට පත් වූ 3 වන පුද්ගලයායි..ඔවුන් සියල්ලම මරණය මුහුදට විසිකර ඇත..එම නව්කාව නාවික නීති කඩ කරමින් මෝරුන් පවා දඩයම් කර ඇති බව පරීක්ෂණ වලින් හෙලිව ඇත..එහි සිටි ඉන්දුනීසියා  පුද්ගලයින් 10 දෙනෙකු පූසාන් ප්‍රදේශයේ අතහැර නව්කාව නැවත පිටව ගොස් ඇත..චීනය හා ඉන්දුනීසියාවේ සහයෝගය ඇතිව ඉදිරියේදී ජාත්‍යන්තර පොලීසිය මගින් මෙම නැව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.


Video මෙතනින් බලන්න.

                                     
කොරියාවේ අපෙ අලුත්ම විඩියෝ බලන්න අපෙ youtube චැනලය සමග එකතුවන්න 

අද දකුණු කොරියාවේ ළමා දිනයයි

කොරියානු ළමා දිනය අදට යෙදී ඇත



දරුවන් තුළ  අභිමානය පිළිබඳ හැගීමක් ඇති කිරීමේ මාර්ගයක් ලෙස 1923දී කොරියානු ළමා  කෘති ලේඛක Pang Chong Hwang විසින් ආරම්භකරන ලදි. මුලින් මෙම දිනය Boy’s Day ලෙස හැදින්වූ අතර, 1975 පසු ළමා දිනය ලෙස නම්කර, ජාතික නිවාඩු දිනයක් බවට පත්කරන ලදි.

 මෙදින විශේෂ අංගයක් වන්නේ දරුවන් උදෙසා සංවිධානය කරන ටයිකොන්ඩෝ සංදර්ශනයි.  ටයිකොන්ඩෝ යනු වසර දෙදහසකට පෙර කොරියාවේදී ආරම්භවූ ආත්මාරක්ෂක සටන් කලාවකි. දරුවන් තුල ශාරීරක හා මානසික විනය ඇති කිරීමට ටයිකොන්ඩෝ සටන් කලාව භාවිතකරයි

බොහෝ කොරියානු දෙමාපියන් තම අවිවේකී ජීවිතය තුළ හෙට දිනයේ සිය දුවාදරුවන් වෙනුවෙන් කැපකරණු දැකිය හැකිය.

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර වෙඩි හුවමාරුවක්

උතුරු දකුණු කොරියානු දේශ සීමාවේ වෙඩි හුවමාරුවක්..


2020.05.03 වන ඉරු දින උදෑසන 7.41 ට පමණ උතුරු කොරියාව හා දකුණු කොරියානු බෝඩරය තුළ වෙඩි හුවමාරුවක් ඇති වී තිබේ..
  ප්‍රථමයෙන්ම වෙඩි තැනීම සිදුකර ඇත්තේ උතුරු කොරියාවෙනි..ඒ  අනුව දකුණු කොරියාවෙන් ද ඒ මොහොතේ ප්‍රතිප්‍රහාර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත..මෙම කදවුරු දෙක අතර 1.5km ක පමණ දුරකින් සමන්විතය.. 

 කිසිවෙකු මෙයින් තුවාල ලබා නොමැති අතර මෙසේ වෙඩි ප්‍රහාරයටහේතුව තවම පැහැදිලි නැත..

මෙසේ වෙඩිහුවමාරුවක් ඇතිව ඇත්තේ වසරගණනාවකින් පසුව වන අතර මෙවැනිතත්වයන් යලි ඇති නොවේවායැයි ප්‍රාර්ථනා කරමු


කොරොනාව ජයගත් කොරියාවේ වෙසක් අසිරිය

                                          

කොරොනාව ජයගත් කොරියාවේ වෙසක් අසිරිය.

චීනයට පසු කොරොනාව වේගයෙන් පැතිරී ගිය කොරියාව ගැන දැන් ලෝකයම කතා වෙනවා.. ඔවුන්ගෙ සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වෙමින් ජනතාව කාලය ගත කරන බව කොරියාවේ සිටින අපට දැකගන්න පුලුවන්.. 
කොරියාවේ ලංකාවේ මෙන් එකම ⁣දවසෙ වෙසක් දිනය නොපවතින අතර බොහොවිට අප්‍රෙල් මාසයෙ සහ මැයි මාසයට යෙදේ..
කොරියාවේත් 20% ක් පමන සිටින බෞද්ධයන්ද මේ වසරේ අප්‍රෙල් 30වන දින පැවති වෙසක් දිනය වෙන කාලවලදී වගේම නැතත් සාමාන්‍ය විදියට සමරනු ලැබුවා..

අපිත් ගියා වෙසක් අසිරිය බලන්න.. පහතින් තියෙන්නේ සොල් නගරයේ සහ යෝසු නගරයෙ තිබෙන පන්සල් දෙකක විඩියෝ සහ ඡායාරුප පල කර ඇත..   






                      

ලෝකයම පුදුම කරවමින් උතුරු කොරියා ජනාධිපති ජනතාව අතරට video

                                 
                        
ලෝකයම පුදුම කරවමින් උතුරු කොරියා ජනාධිපති ජනතාව අතරට video 

මේ දිනවල මුළු ලෝකයේම කතා බහට ලක්වු උතුරු කොරියානු ජනාධිපති වරයා මැයි01 දා ජනතාව අතරට පැමින ඇත.. 
කෙසේවෙතත් මින් පෙර මුළු ලෝකයේම  මොහු මියගොස් ඇති බවටද ප්‍රචාරය වුනා.. ඇතැම් පුවත් අසත්‍ය බවත් ඔහු සිටින තැනක් සොයාගත නොහැකි බවටද වාර්තා වුනා..
එහෙත් මැයි පලවෙනිදා ඔහු තම ජනතාවගෙ උණුසුම් පිලිගැනීම ඔස්සෙ මාධ්‍යද වාර්තා කර ඇති විඩියෝවක් කොරියානු මාධ්‍ය ඔස්සෙ වාර්තා කර තිබෙනවා..
පෙර සිටි නිරෝගි ජනාධිපතිවරයාට වඩා වෙනසක් සිදුවි ඇති බව පෙන්වනවා.. ඔහුගෙ පැමිනිම  ලෝකයෙම අවධානයට ලක්වන පුවතක් වනු නොඅනුමානය...

උතුරු කොරියා ජනාධිපති ජනතාව අතට පැමිනි පුවත දැක්වු
විඩියෝව මෙතනින් බලන්න


කොරියාවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී දෙදෙනකු මිය යයි.සජීවි video දර්ශන සහිතයි

                                              

කොරියාවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී දෙදෙනකු මිය යයි.සජීවි video දර්ශන සහිතයි.


කොරියාවේ මේ දිනවල පවතින යහපත් කාළගුණික තත්ත්වයන් සමග කොරියානුවො කඳු නැගීම විනෝදාංශයක් කරගෙන සිටි.. 
ඒ අතර 2020.05.01  දින චිරිසාන් නම් කදු ප්‍රදේශයේ කදුුුනැගීමට ගොස් අසනීප වී ප්‍රතිකාර සදහා ගෙන එමට ගිය හිදිසි අනතුරු ඒකකයට අයත්  හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී ඇත.
දෙදෙනකු මිය ගොස් ඇත..
හෙලිකොප්ටරය බිමට පතිත කිරීමේදී මේ අනතුර සිදුවන අයුරු සජීවිව පටිගත කල විඩියෝවක් කොරියානු පුවත් වලින් පල කර ඇත..


කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න