කොරියාවේ HRD දුක සන්තාප,බලාපොරොත්තු කඩවීම් බලලා රැකියා අවස්ථා දෙන්නෙ නැ

                             
කොරියාවේ HRD දුක සන්තාප,බලාපොරොත්තු කඩවීම් බලලා රැකියා අවස්ථා දෙන්නෙ නැ

කොරියාවට යන්න බලාගෙන විභාගෙ පාස්වෙනව කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසීරු කර්තව්‍යයක්.
අවුරුදු දෙකක් හීන දැක දැක වෙබ් එකේ පල්වෙලා කාලෙ ඉවරවෙලා එලියට වැටෙනව කියන්නෙ දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.

2017 සහ 2018 අවුරුදු වල නිෂ්පාදන ඉදිකිරීම් ධීවර අංශවලින් විභාගෙ පාස්වෙච්ච දහස් ගනන් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නව.
ඉන් බොහෝ අය 2018 විභාගෙ ලියපු අය.

ඔබට හිතෙනව නම් ව්භාගෙ කරල ඔබ අසීරුවට පත් උනා කියල ඔබට පුලුවන් SLBFE එක හරහා HRD KOREA එකට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
ඒ වෙනුවෙන් සමූහයක් විදියට ඉදිරිපත් වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

01.
වසරකින් වෙබ් එකේ කාලසීමාව දීර්ඝ කර දෙන ලෙසටත්.
02.
2020 වසරේ විභාගය නොපවත්වන ලෙසටත් 
(පාස් උනත් ඔවුනුත් මේ ගොඩටම වැටෙන්න පුලුවන්)

ඒ ආයතන දෙකම එහෙම ඉල්ලීමක් බාරගන්න කිසිම අකමැත්තක් නැහැ.
වගේම ඔවුන් එම ඉල්ලීම් ඔබ වෙනුවෙන් HRD KOREA ප්‍රධාන කාර්‍යාලයට ඉදිරිපත් කරාවි 

හැබැයි ඉතිං මෙහෙම දෙයක් තියෙනවා HRD කොරියා ආයතනය තීන්දු තීරණ ගන්නේ බලාපොරොත්තු කඩවීම් දුක සන්තාපය ආදී හැගීම් පිළිබඳ ඇනලයිස් කරලනම් නෙවෙයි 

කොරියාවේ විදේශීය සේවක අවශ්‍යතාවය කෙබඳුද 
දැනට EPS රටවල් වල වෙබ් වල කොපමණ පිරිසක් සිටිනවාද 
ආදී තවත් බොහො තොරතුරු විද්‍යාත්මකව ඇනලයිස් කරලයි.

ඉච්ඡාභංගත්වයට පත් උනාම මිනිස්සු ගන්න තීන්දු තීරණ වලින් බොහෝ ඒව නිවරදි නෑ කියල මං අහල තියෙනවා.
ඔබ සංයමයෙන් ඉවසීමෙන් ලංකාවේ නමටත් හානියක් නොවෙන්න අදාල ඉල්ලීම් කරන්න ගන්නා උත්සාහයේ ප්‍රථිපළය කුමක් උවත් ඔබේ උත්සාහය ඉතාමත් වටිනා එකක් වනු ඇත 
ඔබට ජය.🇰🇷❤
 
සටහන   දර්ශන හේවාගමගේ 

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න