student visa in south korea ⁣කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය part 01


 

කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ඔයාලා  බලනවා ඇති,හිතනවත් ඇයි මේ තරම් දිගට ගොඩක් දෙවල් හෙමින් කියන්නෙ කියලා.. ඇත්තටම කොරියාවේ student visa ගැන ගොඩක් සරලව කියන්න බෑ.. ගොඩක් අයගෙ ඉල්ලීමට විඩියෝ කරත් මේ මාතෘකාව එහෙන් මෙහෙන් කතා කරලා ඔයාලව අමාරුවේ දාන්න අපිත් කැමති නැ සහ මීට කලින් කොරියාවේ student visa ඇවිත් අපෙ ලංකාවේ මේ අවස්ථාවන් නැති වෙන තරමට සිද්ධින් වෙලා තියෙනවා ඒ නිසා මේ නංගිගෙ අත්දැකීම් සහ කොරියාව ගැන/ කොරියාවේ student visa එකක වැදගත්කම / කොරියාවේ university එකක වැදගත්කම/ කොරියාවේ degree එකක වටිනාකම / අනාගත ප්‍රයෝජන ගැන ගොඩක් දේවල් දැනගෙන මෙහෙ එන්න ඕන...
ගොඩක්ම හේතුව වෙලා තියෙන්නේ මීට කලින් කොරියාවේ university ආව ලමයි student වීසාකාලය ඉක්මවා හො ඉට කලින්  ජොබ් කරන්න ගිහින් නීතිවිරෝධී වෙලා අදාල university වලින් black list වෙලා තියෙනවා. එනිසා  හොද නම නැතිවෙලා තියෙනවා..
එවගේම තමයි මම වැඩ කරන කම්කරු වීසා e-9  වීසා එකටත් එන ගැහැනු ලමයි කොරියාවට එන එක අඩුවෙලත් තියෙන්නේ මුලින්ම ඇවිත් තමන්ගෙ boyfriend husband  ඉන්න තැනට යන්න මාරුවෙන නිසා කම්පනි වලින් ලංකාවේ ගැහැනු ලමයි  ගැන තියෙන අයහපත් හැගීම..
කොරියාවේ student වීසාවලට අපි වගෙ රටවල් විතරක් නෙවෙයි වෙන යුරෝපීය  රටවලින් පවා එනවා. එයාලා ඇවිත් කොරියාවේ degree ඉවර කරලා මෙහෙ හොද පඩියකුත් ගන්නවා.. එ වගේම e9 වීසා ඇවිත් ඉන්න අයගෙ boyfriend,girlfriend,husband & wife ,උපාධිය  ඉවර කරගෙන කොරියාවේම වෙන වීසා වලට මාරුවෙලා e9 වීසා සිටින තමන්ගෙ කෙනාටත් වී⁣සා වෙනස් කරගෙන කොරියාවේ තවදුරටත් රැදී සිටිනවා.. මේ ගැන නොදැනුවත්කම නිසා අපෙ අය ගොඩක් පාඩු සිදුකරගෙන සිටිනවා.. ඉතිං මේ හැමදෙයක්ම පියවරෙන් පියවර ලංකාවේන් කොරියාවට තව අවස්ථාවන් ලබෙන්න අවබෝධයෙන් මේ ගැන දැනුවත් වෙන්න අපි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා..
මේ නිසා ඉවසීමෙන් අපිත් එක්ක දිගටම ඉන්න...
අනිවාර්යයෙන් තව වැඩසටහන් කරන්න ඔයාලගෙත් ස⁣හයෝගය අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි.. විඩියෝ share කරලා,සහයෝගය අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා..
ඔයාලට තියෙන ප්‍රශ්න කමේන්ට් කරන්න අනිවාර්යයෙන් උත්තර අපි ඉස්සරහට දෙන්නම්.. දිගටම අපිත් එක්ක ඉන්න.. ස්තුතියි..

කොරියාවට ඉගෙනගන්න එන්න කැමති ඔයාලට කොරියාවෙ කැම්පස් ගැන දැනගන්න මෙතනින්


AIESEC Organization එක හරහා volunteer project එකකට එන්න කැමති අයට

කොරියාවේ,වෙන ඕනම රටකට  student වීසා එන හැමොම මුලින්ම හිතන්න හොයන්න ඕන... එ ගැන  student university visa ,part 2




කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න