ක්ෂණිකව නිධන් තියෙන තැන් හොයන මැෂිමක් ලංකාවට ගියොත් කොහොම වෙයිද


කොරියානුවො වැඩ කරද්දි අලුත් තාක්ෂණය යොදාගෙන මෙවැනි දේ ඉතා ඉක්මනින්ම කරගනී.

ඇත්තටම ලංකාවේනම් මෙවැනි දෙයක් සිදුවුවහොත් බාසූයි,ගෝලයොයි තව දවස් දෙකක් තුනකුත් විතර යනවා..

ඇත්තටම මෙවැනි මැෂින් එකක් තිබෙනවානම් කාලයත් ශ්‍රමයත් මුදලත් සෑහෙන්න ඉතුරු කරගන්න පුලුවන්...
අනිවාර්යයෙන්මම  මේ විඩියෝ එක තවත් අයට බලන්න share කරන්න..



කොරියාවේ අපි කරන  විඩියෝ බලන්න අනිවාර්යයෙන් චැනල් එක subscribe කරලා දැන්ම සෙට්වෙන්න

                               

ඇත්තටම මානසික ලෙඩෙක් මේක අහද්දිනම් අප්පිරියයි

ඇත්තටම මානසික ලෙඩෙක් මේක අහද්දිනම් අප්පිරියයි 


                                  








                                  

කොරියාවේ ඇවිත් මේතරම් සල්ලි හොයන්න පුලුවන්ද.කෙටිකාලයකදී අති සාර්ථක වුන ඔහුගෙ කතාව

කොරියාවේ ඇවිත් මේ තරම් සල්ලි හොයන්න පුලුවන්ද..

                              

අනිවාර්යයෙන් මේ වටිනා කතාව අනිත් අයටත් බලන්න share කරන්න..
තවත් මෙවැනි හො කොරියාවේ අලුත්ම විඩියෝ බලන්න අපිත් එක්ක සෙට්වෙන්න අපෙ youtube චැනලය subscribe කරන්න...

දකුණු කොරියාවේ 2020 ආරම්භය වර්ණවත් කල අපෙ කොල්ලොන්ගෙ සුපිරිම සංගීත රාත්‍රිය

දකුණු කොරියාවේ 2020 ආරම්භය  වර්ණවත් කල අපෙ කොල්ලොන්ගෙ සුපිරිම සංගීත රාත්‍රිය


සංගීත ප්‍රසංගයෙ දෙවෙනි කොටස සහ කොරියාවේ අපි කරන අලුත්ම විඩියෝ සහ දැනට පලකල විඩියෝ බලන්න අපෙ youtube චැනලය subscribe  කරන්න...

හපුතලේ ප්‍රදේශයේ ගුවන් අනතුරින් ගුවන් හමුදා සෙබළුන් 4 දෙනෙක් මරුට

හපුතලේ ප්‍රදේශයේ ගුවන් අනතුරින් 
ගුවන් හමුදා  සෙබළුන්  4 දෙනෙක් මරුට

හපුතලේ ප්‍රදේශයේ ගුවන් අනතුරින් 
ගුවන් හමුදා  සෙබළුන්  4 දෙනෙක් මරුට

අද උදෑසන හපුතලේ තම්බපිලෙයි ප්‍රාදේශයට ගුවන් හමුදාවට අයත් Y 12 ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා...

 වීරවිල ගුවන් හමුදා කදවුරේ සිට ගුවන් ගමන් අරඹා ඇති මෙය හදිස්සියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මේ ආකාරයට අනතුරට ලක්ව ඇතැයි විශ්වාස කරනවා..

අනතුරට ලක්ව ඇතු ගුවන් යානය පිළිස්සී විනාශ වී යාම සමගම එහි ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනෙක් හා සහයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

  එමෙන්ම ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ නිවාසයකට අලාබ හානි වී ඇති අතර එම නිවාසේ සිටි කාන්තාවක් තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුල් කර තිබෙනවා..

 මේ ප අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂන ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබනවා

පහතින්  දැක්වෙන්නේ අනතුරේ ජායාරූප කිහිපයකි

සටහන
නුවන් මධුෂංක

ඉතිහාසයේ ප්‍රථවවරට කිසිම ආචාර උත්සව නොමැතිව ජනාධිපති පාර්ලිමේන්තුව අමතයි

ඉතිහාසයේ ප්‍රථවවරට කිසිම ආචාර උත්සව නොමැතිව ජනාධිපති පාර්ලිමේන්තුව අමතයි

                               

මේවන විට අද දින 8 වන පාර්ලිමේන්තුව රැස්වේ.. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමෙන් අනතුරුව අද දින 2020.01.03  වන දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. මෙතෙකල් කල් ජනාධිපතිවරයෙක් පත්වී පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට පැමිනිමේදී සහ ප්‍රථම කතාවට පෙර ඉතා උත්සවාකාරයෙන් සහ යුදහමුදා වෙඩිමුර ආචාර මැද උත්සවාකාරයෙන් පැවැත්වේ...
එහෙත් මේ සියල්ල නවතා දමමින් අලුත් දැක්මක් රටට ඉදිරිපත් කරමින් අද දින ගෝඨාභය රාජපක්ෂ පක්ෂ මහතා ඉතා චාම් ලෙස පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ඇත.. මෙවැනි ආරම්භයක් රටටද පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ටද මහත් ආදර්ශයක් වනු ඇත..
අද දින ජනාධිපතිවරයාගෙ පාර්ලිමේන්තු කතාව මෙතනින් බලන්න

ලෝවම පුදුම කරවමින් උතුරු කොරියානු ජනාධිපතිගෙන් පොරොන්දුවක්

ලෝවම පුදුම කරවමින් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ගෙන් පොරොන්දුවක්


නව වසරේ අසල්වාසී උතුරු කොරියානු දේශයෙන් ඇසෙන්නට ලැබෙන්නේ සුබ ආරංචියකි..
   දෙස් විදෙස් බලවතුන්ට කන් නොදී මුරණ්ඩු  පාලනයක් ගෙන යමින් සිටි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්  උන් මෙවර නව වසරේ ලොවම පුදුම කරමින් අපූරු කතාවක් කර ඇත..
 එනම් න්‍යෂ්ටික හා දිගු දුරමිසයිල අත් හදා බැලීම් වලින් වැලකී සිටින බවයි..
       පසු ගිය දිනක එක්සත් ජනපද ජනාධිපති  ඩොනල්ඩ්  ට්‍රම්ප්  සමග සිදු කරන ලද සාකච්ජා වලදී මේ ගැන පොරොන්දු වී ඇති අතර න්‍යෂ්ටිකරණය පිළිබද ගිවිසුමක් ද අත්සන් කරන්නට යෙදුනා..
     ඉන් පසු ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව ගැටුම් හා යුද්ධය වෙනුවට සාමය හා සමෘද්ධිය තෝරාගනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බවයි..
      උතුරු කොරියාව විසින් මීට පෙර මුළු එක්සත් ජනපදයම විනාශ වන ලෙස මිසයිල ප්‍රහාර එල්ල කල හැකි බවත් ඒ හා  සම්බන්ධ න්‍යෂ්ටික අත්හදාබැලීම් 6ක් සිදු කර තිබේ

  උතුරු කොරියාවේ ජනාධිපති තුමගේ මේ තීරණයත් සමගම ඉදිරියේදී එක්සත් ජාතින්ගේ සම්බාධක ලිහිල් වේයැයි අපේක්ෂා කරන අතරම චීනය හා රුසියාව ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් වේ යැයිද අපේක්ෂා කරනවා...

අපගේද පැතුම උතුරු කොරියාවේ මේ මුරණ්ඩු ප්‍රතිපත්ති වලින් මිදී සාමයෙන් පිරි ශක්තිමත් රාජ්‍යයක් ඇති වේවා යන්නයි..

සටහන
නුවන් මධුෂංක කරුණාරත්න 

2020 සූර්ය වන්දනාවෙන් දකුණු කොරියානු⁣වන්ගෙ ආරම්භය

2020 සූර්ය වන්දනාවෙන් දකුණු කොරියානු⁣වන්ගෙ ආරම්භය
                                       

මුලින්ම 2020 ලැබුවා වූ නව වසර දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සැමටත් ලෝකවාසී සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථානා කරනවා...

දකුණු කොරියානුවන් බොහෝ පිරිසක් අලුත් වසරක පළමු දින  ඉර උදාව බැලීම සාම්ප්‍රදායිකව කරගෙන එනවා..ඒ වගේම විහාරස්ථාන වලට මෙන්ම තමන් අදහන ආගමික ස්ථාන වලට ගිහින් තම ආගම් ඇදහීමේ කටයුතුද කරනු ලබනවා..

     දකුණු කොරියානුවන් මෙම ඉර උදාව නැරඹීමෙන්  උදා වන නව වසරේ තමන්ගේ බලාපොරොත්තු  ඉෂ්ඨ  වේ යැයි අපේක්ෂා කරනු ලබනවා..නව වසරේ නැග එන හිරු දෙස බලමින් ඔවුන් ඒ පැතුම් ගුවනට මුසු කරනවා...

   මෙසේ ඉර උදාව නැරඹීමට සුදුසු ස්තාන විවිධ ප්‍රදේශ වල නගර සභා මෙන්ම පලාත් ආයතන වලින් නම් කරමින් ඒ සදහා කොරියානුවන්ට පහසුකම් සලසා දෙනු ලබනවා..

   මේ අතර දකුණු කොරියාවේ ඉපැරණිම පන්සලක් වන 향일암 පන්සලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්... මේ විහාරස්ථානයේ  වසරේ සෑම දිනකම ජනතාවගෙන් පිරී ඉතිරී යනවා..ඊට හේතුවනම් මෙම විහාරස්ථානයට පැමින කරන්නා වූ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙනවා යන මතය නිසාවෙන්...
  එබැවින් ජනවාරි 1 වන දින ඉර උදාව නැරඹීමට දස දහස් සංඛ්‍යාත ජනගහනය මේ විහාරස්ථානයට පැමිණෙනවා තමගේ ප්‍රාර්ථනා  ඉටු කරගැනිමේ අරමුණෙන්..

පහත සදහන් වීඩියෝව ක්ලික් කර ඔබත් 2020 වසරේ ඉර උදාව නරඹන්න...

සටහන
නුවන් මධුසංඛ කරුණාරත්න

                                       

අපගෙ සියළුම විඩියෝ නරඹන්න youtube චැනලයට පිවිසෙන්න..   

" පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා" නාලක සේනාධීරගෙ රැල්ලට හදවතට දැනෙන්න නිර්මාණයවූ භාතියගෙ ගීතය

                         

 පුරන් කුඹුරු අස්වද්දමු එකතුවෙයල්ලා..
වර්තමානයේ සමාජ ජාලා තුලින් රැල්ලක් කරමින් නාලක සේනාධීර විසින් ආරම්භ කල උතුම් කටයුත්ත අතිසාර්ථක ලෙස අපෙ රටපුරාම පැතිර ගොස් අවසන් බව කව්රුත් දන්නා දෙයක්..

එත් මේ උතුම් කටයුත්ත ටිකකාලයකින් අවසන් නොවන බව ස්ථිර කරමින් සහ මුළු ලෝක වාසී ශ්‍රී ලාංකිකයන්ට සදාකාලිකවම හදවතට දැනෙන්නට සිතන්නට මේ කටයුත්තට දිනෙන් දින එකතුවන්නට හැගෙන්නට තරුණ නිර්මාණ කරුවකු වන විරාජ් භාතියගෙ හඩින් නිර්මාණයකල "පුරන් කුඹුරු අස්වද්දමු එකතුවෙයල්ලා" ගීතය නිර්මාණය කර අවසන්වී තිබෙනවා... 
මේ විඩියෝව අනිවාර්යයෙන් බලලා මෙයට දායක වීම අපෙ රටේ අනාගතය වෙනුවෙන් අපි කල යුතුම දෙයක් ලෙස සිතට ගත යුතුවෙනවා..
ඉතිං ඔබත් අනිවාර්යයෙන් මෙය මුළු ලෝකය පුරාම බෙදාහරින්න කටයුතු කරන්න..
විඩියෝව නිර්මාණයෙදි නාලක සේනාධීරගෙ මුහුණුපොතෙ පලවු පින්තුර කිහිපයකුත් පහතින් බලන්න.. විඩියෝවත් නරඹන්න... 

සටහන
චතු - චතුවා





කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න