ලෝවම පුදුම කරවමින් උතුරු කොරියානු ජනාධිපතිගෙන් පොරොන්දුවක්

ලෝවම පුදුම කරවමින් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ගෙන් පොරොන්දුවක්


නව වසරේ අසල්වාසී උතුරු කොරියානු දේශයෙන් ඇසෙන්නට ලැබෙන්නේ සුබ ආරංචියකි..
   දෙස් විදෙස් බලවතුන්ට කන් නොදී මුරණ්ඩු  පාලනයක් ගෙන යමින් සිටි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්  උන් මෙවර නව වසරේ ලොවම පුදුම කරමින් අපූරු කතාවක් කර ඇත..
 එනම් න්‍යෂ්ටික හා දිගු දුරමිසයිල අත් හදා බැලීම් වලින් වැලකී සිටින බවයි..
       පසු ගිය දිනක එක්සත් ජනපද ජනාධිපති  ඩොනල්ඩ්  ට්‍රම්ප්  සමග සිදු කරන ලද සාකච්ජා වලදී මේ ගැන පොරොන්දු වී ඇති අතර න්‍යෂ්ටිකරණය පිළිබද ගිවිසුමක් ද අත්සන් කරන්නට යෙදුනා..
     ඉන් පසු ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව ගැටුම් හා යුද්ධය වෙනුවට සාමය හා සමෘද්ධිය තෝරාගනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බවයි..
      උතුරු කොරියාව විසින් මීට පෙර මුළු එක්සත් ජනපදයම විනාශ වන ලෙස මිසයිල ප්‍රහාර එල්ල කල හැකි බවත් ඒ හා  සම්බන්ධ න්‍යෂ්ටික අත්හදාබැලීම් 6ක් සිදු කර තිබේ

  උතුරු කොරියාවේ ජනාධිපති තුමගේ මේ තීරණයත් සමගම ඉදිරියේදී එක්සත් ජාතින්ගේ සම්බාධක ලිහිල් වේයැයි අපේක්ෂා කරන අතරම චීනය හා රුසියාව ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් වේ යැයිද අපේක්ෂා කරනවා...

අපගේද පැතුම උතුරු කොරියාවේ මේ මුරණ්ඩු ප්‍රතිපත්ති වලින් මිදී සාමයෙන් පිරි ශක්තිමත් රාජ්‍යයක් ඇති වේවා යන්නයි..

සටහන
නුවන් මධුෂංක කරුණාරත්න 

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න