දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයෙක් පිහි ඇනුමකින් මියයයි

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයෙක් පිහි ඇනුමකින් මියයයි

කොරියාවේ අවාසනාවන්ත සිදුවීමක්. කොරියාවේ ජින්දො ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අතර ගැටුමකින් එක් අයෙක් මියගොස් ඇති බවට විශ්වාස දායි තොරතුරු අපවෙත ලැබී ඇත..
  
තවම හේතුවක් නොදන්නාමුත් අපරාදය කල පුද්ගලයා පලායන අයුරු දැක්වෙන CCTV දර්ශන  සො⁣යාගෙන ඇති බවත් අනිවාර්යයෙන් ඔහුව නීතියට හසු කරගැනීමට හැකිවෙතැයි අපට දැනගන්නට ලැබී ඇත.

ප්‍රවෘත්තිය කෙසේවෙතත් ඇත්තටම මෙවැනි සිදුවීම් වලින් අවඅවසානයෙ සිදුවන්නේ කොරියාවෙ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත්වීමත් ශ්‍රී ලංකාව ගැන තියෙන ගෞරවය කොරියාව තුල නැතිවී යාමය.

මොන සිදුවීම වුනත් කොරියාවේ නීතියෙන් කිසිම කෙනෙක්ට සැගවී සිටිය නොහැකිය..

ශ්‍රී ලාංකික අප සිතට ගත යුත්තෙ කොරියාව  වගේම වෙනත් රටක වුවද තමන්ගෙ සීමාව සහ ඉන්නෙ කොහෙද යන්න හිතට අරගෙන වැඩ කරගෙන සිටීමයි.. නැත්තම් සිදුවන්නෙ විදෙස්ගත සිටින අප පමනක් නොව අපෙ රටම අපකීර්තියට පත්වීමයි... 

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න