දකුණු කොරියාවේ නොසිතු ලෙස නැවතත් කොරොනා පැතිරීමක් සෝල් night club වසාදැමේ video

                                      

දකුණු කොරියාවේ නොසිතු ලෙස නැවතත් කොරොනා පැතිරීමක්  සෝල් night club වසාදැමේ video

ලොකයම අවධානය දිනාගත් කොරොනා පාලනය කල කොරියාවේ එක වරම සොල් කියොන්ගිදො ඉතියවොන් ප්‍රදේශයේ එක්වරම කොරොනා ආසාදිතයන් වාර්තාවනවා..
කොරියාවේ මේ ප්‍රදේශය කොරි⁣යානුුුවන් සහ විදේශිකයන් විශාල වශයෙන් රැදී සිටින ප්‍රදේශයක්.. රාත්‍රි සමාජ ජාලා වැඩිම තිබෙන සහ කොරියාවේ වැඩිම ප්‍රසිද්ධියක් ඇති ප්‍රදේශයක්..
කොරොන පාලනයත් සමග නැවත මෙම රාත්‍රි සමාජ  ජාලා තුලට එකතුවන්නන් වැඩි වී තිබෙනවා.. 
කොරියන් ප්‍රවෘත්තිවලට අනුව ⁣ඉතියවොන් ප්‍රදේශයේ සමාජ ජාලා පහක මේ වන විට ආසාදිතයන් වාර්තා වී ඇති  අතර ඔවුන් අතර මුහුනට මුහන මුන ගැසීම් වූවන් අතර 1500කට වැඩි පිරිසක් හදුනාගෙන ඇත. එ සියළුම දෙනා සහ මැයි 02  සිට එම ප්‍රදේශයේ සමාජ ජාලා තුල සිටියනම් අනිවාර්යයෙන් වෛද්‍ය පරීක්ෂාව කල යුතු බවට කෙටි පනිවිඩ මගින්ද දැනුම් දී ඇත..
මේ වන විට සියළුම සෝල් ප්‍රධාන නගරය තුල ඇති රාත්‍රි සමාජ ජාලා තැබැරුම් සියල්ල වසා දැමීමට තීරණය කර ඇත..
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික අපද නැවතත් ආරක්ෂා කාරී වීම ඉතාමත් වැදගත්.. නැවතත් ආරක්ෂක පිලවෙත් අනුගමනය කරමින් ආරක්ෂා වෙමු..
නොදන්න අයට යවන්න..
කොරියාවේ පුවත් තුල මේ පිලිබද කල නවතම විස්තර සහිත විඩියෝව පහතින්..
arirang news video  මෙතනින් බලන්න

                                             

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න