කොරියාවේ තවත් ශ්‍රී ලාංකයෙකු සියදිවි හානි කරගනී

කොරියාවේ මේ වසරේ සියදිවි හානිකරගැනීම රැළ්ලක් වෙලා
කොරියාවේ සියදිවි නසාගැනිමේ කලාව වෙනස් කලයුතු කාලය එලඹ ඇත.
මව්රටින් කොරියාවට පැමිනෙන හැම කෙනෙක්ම තමන්ගේ ජිවිතය ජයගැනිම සදහා වෙරදරනවා. අපි කොරියාවට එනවිට අංගසම්පූූර්න මිනිස්සු නොවන්න පුලුවනි.ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවානම් ඔවුන් නිසිමගට ගැනිම එම කර්මාන්තශාලාවල ඉන්න අයගේ යුතුකමකි.නමුත් ඔවුනුත් අසරන වෙන කෙනෙක් තලාපෙලිම නොකලයුතුයි.කෙසේ වෙතත් බිරිදක් ලමයි දෙදෙනෙක් සිටින ස්වාමිපුරුෂයෙක් පියෙක්ගේ වටිනාකම නොහදුනන අයගේ නොහොබිනා වැඩකටයුතු නිසා අකාලයේ ජිවිතයෙන් සමුගන්න සිදුඋනා. ඉදිරියේදි කොරියාවට එන අයගැන මානසික වෛද්‍යවරයෙකු ලවා දේශන පවත්වා මෙරටට එවිය යුතුයි.
 එක්සියදිවි නසාගැනිමෙන් මාස තුනක් ඉක්ම යන්නට පෙර තවත් ජිවිතයක් සියදිවි නසාගැනිමෙන් ප්‍රශ්නය තවමත් විසදි නැති බව පෙනියයි.විදේශයේ සිට පැමිනෙන අයට සියදිවිනසාගැනිම වැලැක්විමේ අධ්‍යාපන වැඩසටහන් කොතෙක් පැවැත්විමට සැලැසවුවද එය කිසිගනනකට නොගැනිම නිසා මෙවන් අකල් මරණ සිදුවිම වැලැක්විය නොහැකිය.ඉතින් කොරියාවේ සේවය කරන තරුන ජිවිත විශාල ප්‍රමානයක් මව්බිමට අහිමි වි ඇත.

උපුටා ගැනීම - පුෂ්ප ප්‍රේමලාල් මහතාගේ favebook සටහන ඇසුරෙන් 
2020වර්ෂයේ ජුලිමස අවසන් විමට පෙර 16දෙනෙක් ජිවිතයෙන් සමුගෙන ඇත.මෙහි සේවය කරන තරුන ජිවිත ඉදිරිය ගැන මීට වඩා වගකිමෙන් වැඩකටයුතු කලයුතුයි.එහෙම නැතිවුවහොත් තමන්ගේ දෙමාපියන්ට, බිරින්දැවරුන්ට, ලමයින්ට තම ආදරනියන් නැතිවි යයි.ඔබගේ අවධානය තවදුරටත් යොමුකරන ලෙස දන්වා සිටින්නෙමු.

⁣නිරෝධායනය නිමකල හොදම කණ්ඩායම කොරියාවේ අලුත්ම සෙට් එක

 ⁣නිරෝධායනය නිමකල හොදම කණ්ඩායම කොරියාවේ අලුත්ම සෙට් එක 


දකුණු කොරියාවේ සිට ජුලි 02 දින ශ්‍රී ලාංකාව බලා පිටත්ව ගිය අපෙ කොල්ලො කෙල්ලො සෙට් එක ඉතාම සාර්ථක ලෙස නිරෝධායනය නිම කර අද දින පෙ.ව (අලුයම)3.00 ට (2020.07.18) මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිට නිවස් බලා පිටත්ව යාමට පෙර.....පැමිණි 262 දෙනාම covid-19 දෙවන pcr පරීක්ෂණයෙන් ද නීරෝගී පුද්ගලයන් බවට තහවුරු විය .

අකාලයේ මියදෙන නොමගයන කොරියාවේ තරුණ ජීවිත

අකාලයේ මියදෙන්නට නොමග යන්නට නොදී රැකගනිමු අපේ තරුණ ජීවිතය


අවුරුදු විසිගනන්වල කොල්ලො කොරියාවට එනවා.එයාලා හිතාගෙන ඉන්නේ තමන් ගන්න තීරනය නිවැරැදි තීරන කියලා.දෙමාපියන් ලමයින් ලොකුමහත්කර සමාජයේ වැදගත් විධියට ජීවත්වෙන්න හුරුකරවනවා. ඉතින් ගොඩාක් තරුනයින් කොරියාවට ඇවිත් ජීවිතය ගොඩදාගන්නවා කියලා හිතන ප්‍රමානය වැඩි.කෙසේ හෝ කොරියාවට පැමිනෙන තරුණ ජිවිත වෙනස් වෙන්න යන්නේ ටික දවසයි. හොද පැත්තට යන නිසිපිලිවෙලට වැඩකරගෙන යනවා.නරක පැත්තට යන කෙනා තවත් අය ඒකට ඇදගන්න බලනවා.මේක තමයි සමාජයේ අද ගොඩාක් දකින්න තියෙන්නේ.මට කියන්න අවශ්‍ය උනේ කොරියාවට පැමිනෙන තරුනයින් මුහුනපොත හරහා ඇතිවන ප්‍රේමසබදතා නිසා තමන්ගේ ජිවිතය විනාශ නොකරගන්න කියලයි.කොරියාවේ තරුන ජිවිත විනාශයට පත්වන කරුනු කිහිපයක් පහතින් සදහන් කරන්ම්
1) සුදුවට ඇබ්බැහිවිම
2) මත්වතුර බීමෙන් පසු ගනිකාවන් හමුවිම
3) කැසිනෝ වැනි සුදුවලට ඇබ්බැහිවිම
4) මුහුනපොත හරහා හදුනාගෙන තමන්ගේ වැටුප් කාන්තාවන්ට පිදිම
5) විදේශිය කාන්තාවන් සමග විිඩියෝ කෝල්වලින් නිරුවත පෙන්විමෙන් පසු මුදල් අල්ලස් ඉල්ලිම
6) නයිට්ක්ලබ් වලට යොමුවිම සහා එහි කාන්තා ඇසුර 

මේ ඉතාම බහුල වශයෙන් කොරියාව තුල වෙන සිදුවිම්ය.ඉතින් ඔබගේ දෙමාපියන් කොරියන් විභාගය කරන්න කියලා මුදල් වියදම් කරලා කොරියන් සිහිනය සැබැකරගන්න රට එන පිරිමින් කාන්තාවන් සමග අනිසි සම්බදතා පවත්වමින් තමන් උපයන මුදල් දෙමාපියන්ට යවන්නෙත් නැතුව මුහුනවත් නොදැකපු කාන්තාවන්ට මාස්පතා යැවිමට පුරුදුවිම.ඉතින් දෙමාපියන් තම දරුවන් ලොකුමහත්කර රටයවලා ඔවුන් කරනා මෝඩ තකතීරු වැඩනිසා අවසානයට දෙමාපියන්ට තම දරුවන්ගේ මුහුනවත් බලාගැනිමට නොහැකි තත්වයක් උදාවෙලා තියෙන්නේ.
තමන් කොරියාවට ආපුකාරනය ඉටුකරගන්නා අය අතර වෙනස් අදහස් දරන තරුනයන් නැතුවාම නොවෙයි.ඔවුන් ගන්නා හදිසි තීරන නිසා එකට සේවය කරන යහලුවන්ද මහත් අසිරුතාවයට මුහුනදෙනවා.
 ඔබ කොරියාවට ඒමට පෙර තමන්ගේ හිත් ශක්තිමත්කරගන්න.එසේ නැතිවුවහොත් යහලුවන් අසල්වැසියන් තමන් හැදුවැඩු දෙමාපියන් අපහසුතාවයට පත්වෙනවා. ශක්තිමත් සිත්නැතිනම් අවසානයට මරණයකින් ජිවිතය නිමාකිරිමට සිදුවෙනවා.

ඔබගේ අවධානය යොමුකරන්න.මෙවන් සිතිවිලි අයින්කර මනුස්සජීවිතය සතුටින විදන්න.

සටහන - පුෂ්ප ප්‍රේමලාල්.මහතාගේ facebook පිටුව ඇසුරෙන් 

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න