ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත

 ලෝකයේ වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති අද දිනය බොහෝ රටවල උත්කර්ෂවත් ලෙස සමරයි

1888 මැයි 1 වන දින ඇමරිකානු කම්කරුවන් 65000ක පමණ පිරිසම් පැය 8ක වැඩමුරයක් ඉල්ලමින් චිකාගෝ නුවර වීදි බැසීය..එවකට කර්මාන්ත ශාලා හිමියන් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් කර්මාන්ත ශාලා වසා දමමිම් දැඩිව ක්‍රියා කලේය..

මෙයින් ආවේගයට පත් විශාල සංඛාත මේ ජනතාව චිකාගෝ හේමාකට් චතුරස්‍රයට එක් විය..මෙහිදී වැඩවර්ජනයේ තෙවන දින පොලිස් නිළධාරීන් ගේ පහර හමුවේ කම්කරුවන් 4 දෙනෙකු මරු තුරුලට ගියහ.

මෙහිදී කම්කරුවන් හා පොලීසිය අතර විශාල ගැටුමක් බවට පත් වී පොලිස් නිළධාරීන් 6 පවා මියගියහ..මෙහිදී පොලීසිය විසින් කම්කරු මෙහෙයුම් මෙහෙය වූ කම්කරු නායකයින් අත්තඩංගුවට ගන්නා ලදී..පසුව ඔවුනට වසර 15ක සිරදඩුවමකට යටත් කෙරිණි..

චිකාගෝ සිපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම ක්‍රියාවලිය එවක සිටි පොලීසිය අනුමත කලව ලොව කිසිදු ජනවර්ගයක් එය අනුමත නොකලෝය..එබැවින් ලෝකය පුරා ජාත්‍යන්තර කම්කරු අරගලයට මුල පුරන්නට විය..

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීම සදහා පැරිස් නුවරදී පෙඩ්ඩ්‍රක් එංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන සැමරුම් උත්සවයක් පැවැත්මට තීරණය කලහ

මේ අනුව සෑම වසරකම මැයි 1 වන දිනට ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත් කරන අතර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1933 මැයි 1 දින කොළඹ ප්‍රයිස් පිටියේදිය.


දකුණු කොරියාවේ 🇰🇷 වැඩ බිමක දරුණු ගින්නකින් 38 දෙනෙක් මිය යයි

                                    

▪️දකුණු කොරියාවේ 🇰🇷 වැඩ බිමක දරුණු  ගින්නකින් 38 දෙනෙක් මිය යයි 

දකුණු කොරියානු නගරයක් වන ඉචියොන් හි ඉදිවෙමින් තිබූ ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ. එහිදි විදේශිිිකයන් තිදෙනෙක් ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිටින බවට වාර්තා නොවේ..
තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වැඩබිමේ සේවකයින් 78 දෙනෙකු සේවය කර ඇත.

ගින්න හටගෙන ඇත්තේ පහළම මාලය තුළ පරිවරණය ස්ථාපනය කිරීමේදී භාවිතා කළ හැකි දැවෙන ද්‍රව්‍ය පුපුරා යාමෙන් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහල යා හැකි බවත් ගින්න සුලු කාලයක් තුළ සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් සේවකයින් මුදා ගැනීමටද අපහසු වී ඇති බවත් සඳහන්.

මිය ගිය සියලු දෙනා ඉදිකිරීම් කම්කරුවන් යැයි විශ්වාස කරනවා 😢😢

මේ පිලිබදව කොරියාවේ  පුවත් වල පලවු අයුරු  මෙතනින් විඩියෝව බලන්න


කොරියාවේ සිහින ⁣බොඳකල සෝජු බෝතලය කව්රුත් නොහිතන කතාවක්

                                 
කොරියාවේ සිහින ⁣බොඳකල සෝජු බෝතලය.. කව්රුවත් නොහිතන  කතාවක්..

අදුරුම අහසක හදක් පෑවුවම තියෙන ලස්සන විස්තර කරන්න වචන නෑ වගේම කොරියන් හීනෙ හැබෑ වෙන මොහොතෙ ඔබේ සතුටත් විස්තර කරන්න වචන නෑ. මොකද ලේසියෙන් දුවන මෝටර් රථයක නැගල හයිවේ එක දිගේ ගිහින් ගමනාන්තය පසු කරනවා වගේ නෙමෙයි අමාරුවෙන් කන්දක් නැගලා වටපිට සුන්දර බලලා ගන්න සතුට.මොකද මහන්සියේ උණුසුමත් එක්ක විදින සතුටක් ඒක. ඒ වගේ ඉතා අසීරු මාවතක ඇවිත් ගොඩක් අභියෝග ජයගෙන කොරියන් හීනෙ හැබෑ කරගන්නවා කියන එක සුවිසල් ජයග්‍රහණයක්. ඒ අවස්ථාවට හිමිකම් කියන පිරිස හරියට පෙරාපු රත්තරන් වගේ. බොහොම ටිකයි. නමුත් වටින කමින් වැඩියි. 
     
       ඒත් මේ උදාවුණු අලුත් අවුරුද්දෙ ඔබත් එක්ක හමුවෙන පලමු සටහනෙන්ම අනුවේදනීය සත්‍ය පුවතක් ගෙන එන්න ලැබීම කණගාටුවක්. නමුත් මා මෙය ඔබට කිව යුතුම වූවක් නිසා මෙහෙම ලියන්න හිතුවා.

        අපේ ආදරණීය කොල්ලො ගොඩක් දෙනෙක් පහුගිය කාල වකවානුවෙම මේ සීතල කොරියාවෙ අවසන් හුස්මපොද හෙලුවා  බොහොම අවාසනාවන්ත විදියට. එහෙම කියද්දිම දැනෙන හැගීම මොනවගේද කියලා දැනටමත් කොරියාවෙ රැකියාවේ නිරත වෙන ඔබේ හිතවතා, ස්වාමියා, සොහොයුරා සිහිවෙන ඔබේ හදවත හදුනන මම දන්නවා. මේ කතාව වයස අවුරුදු විසි හතරක අපේම කොල්ලෙක්ගෙ අවාසනාවන්ත සිදුවීමක් ගැන. 

රැකියා ස්ථානය කොරියාවේ තේගු වල,ඔහු රැකියාව කල කර්මාන්තශාලාවේම තවත් ශ්‍රී ලාංකියෙක් වැඩ කරත් මේ සහෝදරයාගෙ නේවාසික කාමර⁣යෙ හිටියෙ ඔහු විතරයි. මොකද පෙර හිටපු යාලුවා ඒ වෙනකොට ලංකාවට නැවත පැමිණ තිබුණ නිසා.
මේ කතාව කියන්න කලින්ම මාතෘකාවෙ තිබුණා වගේම සෝජු එක්ක අපේ කොල්ලොන්ගෙ තියෙන්නෙ දැඩි මිතුරු කමක්. ඒ හින්දම ඊට නොදැවිනි නොවුනු මොහොත් වැඩමුර නිමාවෙලා සෙනසුරාදා දින එළිවෙන පාන්දර කාමරයට ආවෙ යාලුවො ටිකත් එක්ක හොදටම සෙට් වෙලා. ඔහුට නැවත වැඩමුරය සදුදා රාත්‍රියේ නිසාවෙන් අනෙක් යහලුවනුත් ඔහු පිළිබද පහුවෙනිදාද විපරම් කොට තිබුණේ නැහැ. හේතුව පෙර දින සෝජු වැඩිපුර පානය කල නිසාවෙන් පසු දින ඇති පදම නින්දට වැටෙන නිසා. නමුත් සදුදා සවස ඔහු වැඩමුරය සදහා නොපැමිණි නිසාවෙන් සජංනිම් සහා වටපිටාවේ සිටින ලාංකීයන් කිහිප දෙනෙක් ඔහු සොයා කාමරයට එනවා. 
නමුත් දොර විවෘත කර ගැනීමට නොහැකි වූ නිසාත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසාත් දොර අගුලු බිද ඇතුලට යන්නට සජංනිම් කටයුතු කරනවා. 

අවසානයේ සියලු දෙනාට දකින්න ලැබෙන්නෙ මේ සොයුරාගෙ ප්‍රාණය නිරුද්ද සිරුර. අවාසනාවට වෛද්‍ය වාර්තා තුළින් දිග හැරෙන්නෙ මේ මරණය සීතලට භාවිතා කරන ලද හීටරය හේතුවෙන් එමගින් ඇති වූ ලේ කැටියක් මගින් සිදුවූවක් ලෙසයි. නමුත් ඒ වන විටත් තවත් එක් තරුණ ජීවිතයක් අකාලයේම කිසිවෙකුත් නැති ⁣සීතල කුටියක හුස්ම පොද දිය කර හමාරයි. 

අහිමි වුනේ සජංනිම්ට ගෝලයෙක් විතරක් නෙමෙයි. රත්තරං අහිංසක පවුලක අම්මෙක්ට තාත්තෙක්ට ලස්සනට උස්මහත් කරපු දගකාර කොල්ලෙක්. මේ කතාව ඇතුලෙ තියෙනවා කියන්න ගොඩක් දේවල්. 

මේක තවත් එක් කතන්දරයක් නෙමෙයි.
මේ ආකාරයෙන් අවාසනාවන්ත විදියට සෝජු බෝතලේ හින්දම අවසන් ගමන් ගිය බොහෝමයක් කොල්ලො ඉන්නවා. 
      මේ මරණයට හේතුව ගැන කිවුවම සෝජු එක්ක තියෙන සම්බන්ධය ගැන කියන්නම වෙනවා. දහසක් බලාපොරොත්තු එක්ක කොරියාවට එන ගොඩක් කොල්ලො මෙහෙ කම්පැනිවල දුක් විදිනවා. මහන්සිය යන්න හවසට යාලුවො එක්ක පොඩ්ඩක් සෙට් වෙන කොල්ලො වගේම අද කොරියාවෙ සෝජු තියෙන අන්තිම දවස වගේ බොන කොල්ලොත් ඉන්නවා. මේ හින්දම තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව යාලුවො එක්ක ප්‍රශ්න රණ්ඩු ඇති කරගන්නවා වගේම තමන්ගෙ පෞද්ගලික ආරක්ෂාව ගැනවත් හැගීමක් නැති වෙනවා. සමහර අවස්ථාවල සිදුවෙන අනතුරු වලට ප්‍රධානම හේතුව තමයි අදික ලෙස බීමත්ව සිටීම. මේ තරුණයාත් සිහියෙන් නින්දට ගියානම් ඒ අවාසනාවන්ත සිදුවීම සිදු නොවෙන්න තිබුණා. බොහෝ වෙලාවට නිවසෙන් පිට මේ වගේ දුර රටක සේවය කරන ඔබ ජීවත් වෙන්නෙ තනි කාමරයක නම් ඔබේ ආරක්ෂාව හා ඔබේ විමසිලිමත්භාවය අතිශයින්ම වැදගත් වෙනවා. කොරියාව නිරන්තර ස්වාභාවික ආපදාවලට ලක් වෙනවා.දිවා රෑ නොබලා එවන් අවස්ථාවකදීත්  ඔබේ ආරක්ෂාව සලසා ගැනීම සදහා ඔබ සිහියෙන් සිටිය යුතුමයි. 

කොල්ලනේ ප්‍රධානම දේ තමයි සිහි තබා ගත යුතුයි ඔබ නැවත සීරීමක් හෝ නොමැතිව නිවසට එනතෙක් ඔබේ ආදරණීයන් බලා සිටිනා බව. ඔබ දහසකුත් එකක් ප්‍රශ්න මැද බොහෝ අභියෝග වලට මුහුණ දී පෙරාපු රත්තරන් ටිකක් වගේ කොරියාවට එන්නෙ. 

ඉතිං ජීවිතේ ලස්සන කරගන්න පුංචි ලස්සන කැදැල්ලක් හදාගන්න ආසම වාහනයක් අරගෙන ලස්සනට ජීවත් වෙන්න මේ කොරියාවෙ මුහුදේ , මැෂින් අස්සෙ හෙලන කදුලු දහඩිය ලෙයින් තෙත් කරන්නට සූදානම් වෙන්න එපා. ඒ හීන හැබෑ කරගන්න සිහියෙන් ජීවත් වෙන්න. මේ අලුත් අවුරුද්දෙ කොල්ලනේ බෝතලේට ඇහැ යන එක අඩු කරමු. හීන වල⁣ට පණ දෙන්න බාධා කරන හැම දෙයක්ම ජීවිතෙන් අතුගාලා දාන්න උත්සාහ කරමු. නැත්නම් මුහුදු කිහිපයක් ඈතින් තියෙන අර පුංචි මුතු ඇටේට ඔබේ ආදරණීයයන්ට බලන්න ඔබේ මළකද ගෙනියන්න වැඩ සිද්ධ කරන්න එපා. 

    කොරියාවෙදි මිය යන හැම තරුණයෙකුගෙම මළ සිරුරු ලංකාවට පිටත් කර හරින්න ලොකු කාලයක් ගත වෙනවා. සමස්ත ලාංකික කොරියානු රැකියාවල නියුතු ඔබ වෙනුවෙන් එවන් ඛේදජනක අවස්ථාවක එම සිරුරුවල වගකීම ගෙන ඒවා ලංකාවට එවන්නට ඔබේ ඥාතීන් අතට පත් කරන්නට වෙ⁣හෙසෙන මහන්සි වෙන වටිනා දෙපලක් ඉන්නවා. ඔවුන් ගැන සදහන් නොකරම බැහැ. විශේෂයෙන්ම 

තේගු ශ්‍රී ලංකාරාම විහාරාධිපති කටුවන
විජිතවංශ ස්වාමීන් වහන්සේ...ද 

ශ්‍රී  ලංකා තානාපති කාර්‍යාලයේ තානාපති තුමාන් ද මේ වෙනුවෙන් කරන්නා වූ කැපවීම අනිවාර්යෙන්ම සිහිපත් කල යුතු වෙනවා.

    හුදෙක් තවත් එක් පෝස්ට් එකක් පමණක් නොවන මෙම පුවත ඔබේ මතකයේ ඉහලම ස්ථානයේ රදවාගන්නාමෙන් ඉල්ලා සිටින අතරම, සෝජුවට වඩා  ඔබත් ඔබේ සිහිනත් ඔබේ ආදරණීයනුත්  මතකයේ ඉහලින්ම රදවා ගන්නා මෙන් ඔබෙන් අයදින ගමන් මේ ලැබුවා වූ නව වසරේ මෙවන් අනුවේදනිය පුවත් යලි අසන්නට දකින්නට සිදු නොවේවායි පතමි. හිනැහී ආවා සේ තුටින් සිරිලකට පියඹා යන්නට යෝධබල විරිය ඔබට ලැබේවායි පතන මම
ඔබේ  සඟයා
සටහන  දිලාන් මදුසංක...

Facebook හැක්කරමින් කර මුදල් වංචාවක් හසුකරගනී

Facebook හැක්කරමින් කර මුදල් වංචාවක් හසුකරගනී

මේ දිනවල කොරියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ෆේස්බුක් ගිණුම් සොරා ගැනීමේ (හැක් කිරීමේ) ජාවාරමක් සිදු වෙමින් පවතී..

විවිධ උපක්‍රම භාවිත කරමින් එදා සිටම අද දක්වා බොහෝ පිරිස් මෙම ෆේස්බුක් හැක් කිරීමේ ජාවාරම කරමින් පවතී.අද වන විට මේ තත්වය බොහෝ සෙයින් වැඩි වී ඇති බවක් දැක ගැනීමට පුලුවන්...

පසුගිය දින වල එක දිගට මෙසේ කොරියාවේ බොහෝ ගිණුම් හැක් කරමින් මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වුණි.එහිදී විවිධ ලින්ක් වර්ග එවමින් ඒ හරහා තම ගිණුමේ පෞද්ගලික තිරතුරු ඔවුන් සතු කරගනිමින් ගිණුම ඔවුන් සතු කරගනී..මෙවැනි පණිවිඩ වල දැක්වෙන්නේ යම්කිසි වෙබ් ලිපිනයකි(url/link)ඉන්පසු මෙය ක්ලික් කිරීම මගින් වෙනත් ආකාරයට ෆේස්බුක් ගිණුම වෙත ලොග් වීමට පෙන්වන අතර ඒ මගින් ලොග් වූ විගස තම ගිණුම ඔවුන් නතුකරගනී..

පසුව ඔවුන්ගේ මිතුරන්ගෙන් හදිස්සි හේතුවකට බව පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් පසු ගිය දින ගණනාව තුළ බොහෝ සෙයින් අසන්නට දකින්නට ලැබුණි...

මෙසේ සිදුකරන්නා වූ පිරිස් ගැන තොරතුරු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ( SL CERT)  සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් රැක් කරගනිමින් පවතී..

ඔබත් මෙම  තොරතුරු ඔබේ මිතුරන් අතර බෙදා හැර මෙවැනි කූඨ ජාවාරම්කරුවන්ගෙන් බේරීමට කටයුතු කරන්න...

මුලික මුලාශ්‍ර neth fm article 

හේතුව පෞද්ගලිකයි රටේම කුසගින්නෙ සිටින භික්ෂූන්වහන්සේලා ගැන බලන්න ගිහි ජීවිතයෙ ඔහුගෙ අවසන් ඉල්ලිමද ?

                                                    

හේතුව පෞද්ගලිකයි රටේම කුසගින්නෙ සිටින භික්ෂූන්වහන්සේලා ගැන බලන්න ගිහි ජීවිතයෙ ඔහුගෙ අවසන්  ඉල්ලිමද ?

මංජු තේනුවර නැමැති ආදරණීය නිවේදකයා ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුල වඩාත් කතාබහට ලක්වෙනවා ඒ ඔහුගෙ  FACEBOOK ගිනුම තුල තබා ඇති සටහන් නිසාත් ඇතැම් අය ඔහු ගිහි ගෙය අතහැර පැවිදි ජීවිතයට යන ⁣බවට තොරතුරු හුවමාරු වීමත් සමග..
 කෙසේවෙතත් විශේෂත්වය නම් අවසන් වරට මේ දිනවල පවතින තත්ත්වය  සමග ආරණ්‍ය සේනාසන වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලාට දානය ලැබේද එ ගැන සොයා බලන්න යනුවෙන්.. එ සමග ලංකාවේ බොහො ආරණ්‍ය සේනාසනවල දුරකථන සහ ලිපිනයන් ඔහු අවසන් වරට සටහන් කර තිබෙනවා...
එ සමගින් අවසන් FACEBOOK සටහන යනුවෙනුත් සදහනක් කර තිබෙනවා..
තවමත් ඇත්ත හරි හැටි දැනගන්නා තුරු ආදරය  කරන රසිකයන් විදියට අපි ඔහුගෙ අනාගතයට සුබපතනවා.. 
පහතින් ඔහු අවසන් වරට පල කල සටහන සහ Facebook ඔස්සෙ ආදරණීයන් ඔහු වෙනුවෙන් කල නිර්මාණ බලන්න...

ලංකාවට ගොස් කොරියාවට පැමිනීමට පෙර මේ ගැන දැනුවත් විය යුතුමයි

                                          

ලංකාවට ගොස්  කොරියාවට පැමිනීමට පෙර අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වී පැමිනෙන්න



මව්රටට ගොස් සිටින අය නැවත කොරියාවට පැමිනිමේදි නිරෝධායනය සදහා තමන් සේවය කරන ආයතනය විසින් තම ආයතනයේ නිවස්න භාවිතා කිරිම සදහා  අනුමැතිය ලබාදිය යුතුයි. එසේ නැතහොත් තමන්ට පුද්ගලික නිවස්නයක් තාවකාලිකව මිලදි ගත යුතුයි.එසේ නැතිනම් නැවත මව්රටට පිටත් කර යවනු ඇත.

1) තමන් ගුවන්තොටුපලට පැමිනි පසු සෞඛ්‍ය අංශ විසින් ආයතන  ප්‍රධානියාට  ඇමතුමක් රැගෙන නිවස්නයේ රැදි සිටිනා බවට සහතික කරවා ගන්නවා.ආයතන ප්‍රධානියා විසින් නිවස්නය ලබාදීම ප්‍රතික්ෂේප කල අවස්ථාවක,

2) තමන් විසින් තනිකාමරයක් මාසික කුලියට ලබාගැනිමට අවශ්‍ය වේ.එසේ ලබාගන්නා නිවස්නයේ අයිතිකරුගේ දුරකථන අංකය ගුවන්තොටුපල සෞඛ්‍ය අංශයට ලබාදිය යුතුයි.දිනකට දෙවරක්  සෞඛ්‍ය අංශය විසින් පරික්ෂාකරනු ලැබේ.

3) කොරියානු රජය මගින් ලබාදෙන නිරෝධායන මධ්‍යස්ථාන වල මේවනවිට ඉඩකඩ මදිකම නිසා එය භාවිතාකිරිමට නොහැකි තත්වයක් උදාවි ඇත.

4) තම යහලුවන්ගේ නිවස්න භාවිතාකිරිමට බලාපොරොත්තු වන අය හට එම නිවස්නයේ හුදකලා ජිවත්විම සදහා තනිකාමරයක් තිබිය යුතුයි.

       ඉහත සදහන් කරුනු මව්රටේ සිට පැමිනිමේදි සුදානම් කරගෙන පැමිනිය යුතුය.එසේ නැතිනම් නැවත මව්රටට යාමට සිදුවේ.ඔබ සැම කර්මාන්තශාලා මාරුකර ටිකදවසකට මව්රටට ගොස් එන අය ගොඩාක්ම මේ කරුනු ගැන අවධානය යොමුකරන්න.මෙහි පැමින නැවත මව්රටට යනවාට වඩා ආරක්ෂාකාරි වැඩපිලිවෙලක් සකස් කරගෙන පැමිනෙන්න.

උපුටාගැනීම කොරියානු භාෂා පරිවර්තක සහ නීතී උපදේශක පුෂ්ප ප්‍රේමලාල් අබේසිංහ මහතාගෙ පිටුවෙන්...

⁣කොරියාවේ කොල්ලෙක්ගෙන් ලක්ෂ 57ක් ගැලවු කෙල්ල

                                    

කොරියාවේ කොල්ලෙක්ගෙන් ලක්ෂ 57ක් ගැලවු කෙල්ල

ආදරේ ගැන කතා කරන්න ගියාම හරි අමාරුයි මේකට අර්ථකථනක් දෙන්න. ඒක ඒ තරම්ම හරිම පිවිතුරුයි ලස්සනයි. ඒත් මේ වෙනකොට ආදරේ කරන අය ආදරේ කරපු අය දන්නවා මේකේ ගැඹුර. ඒ කිවුවෙ අපි ජීවිතේ වගේ පරිස්සම් කරන ගොඩක් දේවල් , අපි මුලු ලෝකෙම කියලා හිතාගෙන විදින දේවල් දවසක අපිටත් හොරෙන්ම අපිවත් නැති කරලම යන්න යනවා. ඒ වගේ ජීවිතේ ආදරේ එක්ක ලස්සන ලෝකයක් තනන්න කොරියාවෙ දුක් වින්ද කොල්ලෙක්ගෙ දියවෙච්ච දාඩිය මහන්සියේ සුවද ගැන අමිහිරි සත්‍ය කතාවක් මේක.

ආදර කතා ගැන අහන්න කියන්න අපි හරි ආසයි. ඒත් ආදරයක් පටන් ගත්ත මොහොතෙ ඉදලා ජීවිත වලට වෙන වෙනස්කම කියන්න හරිම අමාරුයි. අපි ජීවත් වෙන්නෙ ආදරේ නිසා. ගොඩක් වෙලාවට ජීවිතේ හදාගන්න ලස්සන පවුලක් හදාගෙන ජීවත් වෙන්න ලස්සනට අදින්න පලදින්න හොද වාහනයක් ගන්න ලස්සන ගෙයක් හදන්න වෙඩින් එකක් අරන් ගමකට විනෝදවෙන්න හරි ආසයි. ගොඩක් ප්‍රේම කතා පාසල් යන වයසෙන් තමයි පටන් ගන්නෙ. ඉතිං මේ කතාවෙ අපේ සහෝදරයටත් තිබුණා ඉස්කෝලෙ යන කාලෙ ඉදලා දැන අදුනගත්ත ලස්සන ආදර කතාවක්. මේ වෙද්දි මේ ආදරේ වසර අටක්. එතකොට හිතාගන්න පුලුවන් කොච්චර හීන බලාපොරොත්තු එක්ක මේ ගමන එන්න ඇතිද කියලා. මේ තරුණයගෙ පවුලෙ ඔහුට තව බාල සහෝදරයෙකුත් සහෝදරියකුත් ඉන්නවා. ඉතිං දෙමවුපියන් වගේම එයාලගෙ ජීවිත ගැනත් හිතලා  ජීවිතේ හදාගන්න ඕනි නිසා ඔහු හරි අමාරුවෙන් ලොකු කට්ටක් කාලා කොරියාවට එනවා. ඔහුගෙ ප්‍රේමවන්තිය කඩවත ප්‍රදේශයේ. ඔහු කොරියාවට ඇවිත් මාසයක් දෙකක් ගෙදරට සල්ලි දානවා. ඊට පස්සෙ තරුණිය ඔහුට ඇවිටිලි කරනවා ගෙදරටම කරලා බැහැනේ අපේ ජීවිතෙත් හදාගන්න ඕනිනේ අපි කඩවතින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගමු කියලා. හැම දේම ආදරේට යටයි කියනවා වගේ ඔහු මහන්සියෙන් හම්බකරපු මුදල් හරි ලෙන්ගතුකමින් ආදරෙන් ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක එයාට එවනවා. ඉතිං අවුරුදු දෙකයි මාස පහක් යන තුරුම ඔහු ඇයට මේ ඉඩම ⁣මිලදී ගැනීම වෙනුවෙන් ලක්ෂ දෙක ගානෙ මුදල් එවනවා.ඒ හැම මොහොතකම තරුණියත් ඔහු සමග කතා කරනවා. මුදල් ටික ටික එකතු වෙද්දි තරුණයා හරි ආසාවෙන් ජීවිතේ ගැන සුභ සිහින දකිනවා. හැමදාම ඇයත් එක්ක කතා කරලා ඇ⁣ය එක්ක අනාගතේ ගොඩනගනවා.  මේ අතරෙ වසර දෙකක් ගෙවිලා මාස පහකුත් ගතවුනා. ඔහුට වැකේෂන් ලැබුණා. ඒ වනවිට ඔහු ඇයට රුපියල් ලක්ෂ පනස් හතක මුදලක් යවා අවසන්. තරුණයා හරි සතුටින් ලෑස්ති වුණා ලංකාවට එන්න. ඒ ඔවුන්ගෙ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන්. ඉතිං කොරියාවෙ සිට පැමිණෙන්න අදාල ගාස්තුත් වෙනත් වියදම් ආදියත් නිසා ඔහු ඇයට මේ මස දැම්මේ ලක්ෂයක මුදලක් පමණයි. නමුත් ඔහු ලංකාවට පැමිණෙන්නට ටිකට් සූදානම් කරගෙන සියල්ල සකස්කරගත් පසු මෙතෙක් දවස් කතා කල තම ජීවිතයේ සහකාරිය කරගැනීමට ආසාවෙන් බලා සිටි තරුණියගේ දුරකතනය වැඩ කරන්නෙ නැතුව යනවා. අවසානයේ ඔහු ඇයගේ නිවසටත් කතා කරනවා. නමුත් පිළිතුරක් නෑ. ඒ දුරකතන සියල්ල අක්‍රීයයි. ඔහු කලබලවෙනවා කරදරයක්ද දන්නෙ නෑ කියලා. ඒත් ඔහු අහිතක් හිතුවෙ නෑ. නමුත් ලංකාවට පැමිණි වහා ඔහු පා තබන්නෙ ඇගේ නිවසට. නමුත් අවාසනාවක මහත ඇගේ දෙමාපියන් ප්‍රකාශ කලේ වාවාගත නොහැකි දෙයකි, 
මීට මාස ගණනකට ඉහත ඇය තරුණයකු  හා හොරෙන් පැනගොස්  අනතුරුව ඔහු හා ව්වාහ වූ බවත්‍, නැවත නිවසට ඇය නොපැමිණි බවත් ඇය ඉන්නා ඉසවුවක් හෝ  නොදන්නා බවත් ඇගේ දෙමාපියන් විසින් ප්‍රකාශ කරන ලදී .
       සියල්ල වැටහීමට ඔහුට ගත වූයේ සුලු නිමේෂයකී.නමුත් ඒ වන විටත් ඔහුගේ ජීවිතය බිද වැටී හමාරයි. කොරියාව තුල අනේත පීඩනයන්ට මුහුණ දෙමින් අවු වැසි සීතල නොතකමින් දහඩිය වගුරවමින් අත් පා ලෙලි යන තෙක් වැඩ කරමින් අනාගතය වෙනුවෙන් ඉවසා දරා වැඩ කල ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් වී හමාරයි. අවසානයේ ඔහුට ඉතුරු වුනේ තරුණිය විසින් ඔහුට ඈත් කල ඔහුගේ පවුලේ සඟයන් පමණයි. 
    
              මේ අවාසනාවන්ත කතාව තවත් එක් ලියවිල්ලක් නොවෙයි. මෙවන් සිද්ධි සිය ගණනක් කොරියාවේ සේවය නියුතු අපේම තරුණයන්ට සිදු වී තිබුණා. ඒවායෙහි තොරතුරු මට වාර්තා වුණා.හදවත නතර වූ කතාවක් මේක. මක් නිසාදයත් මවු රටෙන් බැහැරව මේ ගෙවන ජීවිතයේ කටුක බව ඔබත් මමත් හොදාකාරව දන්නා හෙයින්. ඊටත් වඩා ලස්සන ජීවිතයක සුන්දර බලාපොරොත්තු එලෙසින් මිලින වීම අතිශයින් ඛේදජනක සිදු වීමක්. 

           ඔබට කියන්නට ඇත්තේ මෙපමණයි. ඔබේ ජීවිතයේ ඔබ විශ්වාස කරන යම් කෙනෙක් වේද ඒ ඔබේ දෙමාපියන් පමණයි. ඔබ දැනටමත් අවිවාහක අයෙක් නම් ඔබේ පෙම්වතිය පිළිබද ⁣විමසිලිමත් වන්න. එසේම ඔබ විවාහක අයෙක් නම් ඔබේ බිරිද පිළිබද සැලකිලිමත් වන්න. මන්ද ඔබේ ජීවිතයේ ඔබ පණ දෙවැනි කොට ඔබ ලග සිටින්නවුන් ඇරෙන්න අහස් මාලිගා තනමින් දිවිය බබලවන්නට පුරසාරම් දොඩන්නියන්ගෙන් ප්‍රවේසම් වන්න. අවසානයේ ඔබ සිරකරුවෙකු හෝ මිනීමරුවෙකු හෝ වීමෙන් පලක් නැත. ඔබ උපයන මුදල විශ්වාසවන්තිය ලග තබන්න. නැත්නම් ඔබ ලග තබාගන්න. අහිංසක කොල්ලන්ගේ ජීවිත වල සාරය උරා බොන්නට මාන බලා සිටින කොතෙකුත් පිරිස් ඔබ අවට ඇත. ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.

            රැවටීමෙන් තොර වංචාවෙන් තොර සාහසිකයින්ගෙන් තොර වාසනාවන්ත මිනිසුන් පමණක් මුණ ගැසී ඔබේ අනාගතය ආලෝකමත් වීමට සැමදා පතන 
සටහන 


මෙවැනි කතා වගේම මීටත් වඩා වුන සිදුවීම් විශාල වශයෙන් කොරියාවේ විතරක් නෙමෙයි පිටරට දුක්විදින ගොඩක් අයට සිදුවෙලා තියෙනවා... කාටවත් මෙවන් දේවල් සිදුනොවී මනුස්සකම පිරි සමාජයක් බිහිවේවා...

කොරියාවේ සියළුම දේ දැනගන්අන පේ වෙබ් සයිට් එක සහ youtube චැනලය සමග එකතුවන්න

දකුණු කොරියාවේ කොල්ලොන්ගෙන් කොළඹ ජාතික රෝහලට ලක්ෂ ගනනක වෛද්‍යාධාර ⁣video

                                     

දකුණු කොරියාවේ කොල්ලොන්ගෙන් කොළඹ ජාතික රෝහලට ලක්ෂ ගනනක වෛද්‍යාධාර video 


කොරියාවේ සිටින කොල්ලො කවදත් ලංකාවේ දෙයක් වෙනකොට අනිවාර්යයෙන් මැදිහත්වෙනවා වගේම මේ ඇතිවි තිබෙන වසංගතය හමුවේ ලංකාවට නොයෙක් විදියට අාධාර කරනවා..
ඒ අතරේ දවස් හයක් ඇතුලත කොල්ලො 71 ක කණ්ඩායමක් එකතු කල මුදලින් අද 2020-04-25 වන දින කොළඹ ජාතික රෝහලේ අප කව්රුත් හදුනන ජාතික හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා ‍රම්‍යානි සොයිසා මහත්මියට ලබාදී තිබෙනවා...

එතුමිය විසින් facebook පිටුවේ පල අදහස සහ විඩියෝව පහතින් බලන්න... 


Video


දකුණු කොරියාවේ  මානුෂිය ආදාර එකතු කල ශ්‍රී ලාංකික සහෝදරයන්ට ප්‍රනාමය..

දකුණු කොරියාවේ කම්කරු උපදේශක පුෂ්ප ප්‍රෙමලාල් මහතා ප්‍රමුඛ එ රට සේවය කරන  ශ්‍රී ලාංකික  තරුණයන්  71 දෙනෙකු දින 6 ක් තුල මුදල් ලක්ශ ගනනාවක් එකතු කර ආරක්ශිත ඇඳුම්  කට්ටල 1000 ක් ,මුව ආවරණ 4500 ක් සහ අත් වැසුම් 2500 ක් අප රටට ලබා දුන්නා

මෙම ආදාර  ජාතික රෝහලේ නි.අඩ්‍යක්ශ වෛද්‍ය  ලයනල් මුහන්දිරම් මහතා බාර ගත් අතර ඒ අවස්තාව  සදහා විශේෂ ශ්‍රේනියේ හෙද නිලධාරී සුරවීර මහතාද සහභාගි විය 

මහන්සියෙන් හම්බ කරන ඔවුන්  ප්‍රකාශ කලේ    "ලාංකීය වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මංඩලය දෙවිවරුන් සේ අපේ රටේ අය රැකගන්නා අයුරු  අපි දැක්කා . ඒ නිසයි ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න  අපි මේ දේ කරන්නෙ " කියලයි .

මේ ක්‍රියාන්විතයන්හි දිවා රාත්‍රි වෙහෙසක් නොබලා ඇඳුම් මැසීමට දායක වූ තංගල්ල මියාමි ගාමන්ට් ආයතනයටද ස්තූතිය පිරිනමමි

අප රට මුහුන පාන ඕනෑම ආපදා අවස්තාවකදී  දකුණු කොරියාවේ  සේවය  කරන සහෝදරයන් නිරතුරුවම අප රටට ඈදාර සපයමින්  විශිෂ්ටම  සේවාවක්  ලබාදීමට පෙරමුණ  ගන්නා බව නොරහසකි . 

ඔබ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු!
මම
පුෂ්පා රම්‍යානි සොයිසා

අපගෙ වෙබ් සයිට් සහ youtube  සමගින් එකතුවන්න..  


IDH රොහලට කොරියාවේ කොල්ලොන්ගෙන් මිලියන 5.3 ක ආධාරයක් video

IDH රෝහලට කොරියාවේ කොල්ලන්ගෙන් මිලියන 5.3ක ආධාරයක් .. video 

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසය නිසා මේ වන විට ලක්ෂ සංඛාත රෝගී සංඛාවක් හා 80000කට අධික මරණ සංඛාවක් වාර්ථා වේ..

අපගේ මව් රටෙහිද මේ වන විට සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වේ..කොරෝනා වෛරසයෙන් බොහෝ බැට කෑ පීඩන විදි කොරියාවේ ශ්‍රී ලාංකිකයන් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් තම යුතුමක ඉටු කරමින් සිටී..

ඉකුත් දින කීපය තුල කොරියා ශ්‍රී ලංකා මහවිහාරය මුල් කොටගෙන කොරියා ශ්‍රී ලංකා පදනම මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය  පාලනය කිරීමට සහය දීමක් ලෙස මුදල් එකතු කරන්නට යෙදුනා..දින 10කින් පමණ  කොරියාවේ ශ්‍රී ලාංකික හදවත් බොහොමයක්  ඒ හා අත්වැල් බැදගනිමින් දින කීපයක් තුල රුපියල් ලක්ෂ 53ක පමණ මුදල් ප්‍රමාණයක් එකතු කරගනු ලැබූ අතර එය අද දින IDH රෝහලට නිල වශයෙන් පරිත්‍යාග කිරීමට යෙදුණා..ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ හදවත් වල ඇති ආදරය ඔප්පු කිරීමට මීට වඩා  උදාහරණ අවශ්‍යනැත.
  ශ්‍රී ලංකාවෙ ඇතැමුන් කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා ගෙන එනවායැයි ලංකාවට නොයෙන ලෙසත් උද්ඝෝෂණ  පවා පසුගිය කාලේ කලද ඒ කිසිම දෙයකට කෝප නොවී එදා මෙන්ම මව්බිමේ ඕනෑම ව්‍යසනයකදී මුලින්ම දිගුවන එතර දෑත දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික හදවත් වලින් පැන නැගුණි..
     මීට අමතරව අද වන විට මේ වන විට දකුණු කොරියාවේ බොහෝ දෙනා තම තම ප්‍රදේශ වෙනුවෙන් තම ගම්මාන වෙනුවෙන් වෙන වෙනම තමන්ගේ ධනය කැපකරමිම් ආධර උපකාර කරන අයුරු අපට දැක ගත හැක.
පහතින් මේ සියල්ලම සංවිධානය ආරආරම්භ කල සහ අවසන් පරිත්‍යාග කල අවස්ථා වල විඩියෝ පහතින්.
IDH රෝහලට වෛද්‍ය උපකරණ ලබාදුන් මොහොත මෙතනින් බලන්න









මෙම උතුම් පිංකම සංවිධානය කල කොරියා ශ්‍රී ලංකා මහාවිහාර පදනමට හා දායක වූ සියළුම ශ්‍රී ලාංකිකයින්ට ස්තූතියි .!

ඒවගෙම කොරියාවේ අපි කල මේ දවස්වල කතා කරන කොත්තමල්ලි කොරියාවේන්ම අපිට ගන්න තැන් පිළිබඳව

කොරියාවේ කොරොන ගැන ජනතාව දැනුවත් කරපු විදි ක්‍රම ගැන වගේම කොරියාවේ අපි කරන විඩියෝ බලන්න අපෙ චැනල් එකටත් එකතුවෙන්න...



                      



                      







කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න