⁣කොරියාවේ කොල්ලෙක්ගෙන් ලක්ෂ 57ක් ගැලවු කෙල්ල

                                    

කොරියාවේ කොල්ලෙක්ගෙන් ලක්ෂ 57ක් ගැලවු කෙල්ල

ආදරේ ගැන කතා කරන්න ගියාම හරි අමාරුයි මේකට අර්ථකථනක් දෙන්න. ඒක ඒ තරම්ම හරිම පිවිතුරුයි ලස්සනයි. ඒත් මේ වෙනකොට ආදරේ කරන අය ආදරේ කරපු අය දන්නවා මේකේ ගැඹුර. ඒ කිවුවෙ අපි ජීවිතේ වගේ පරිස්සම් කරන ගොඩක් දේවල් , අපි මුලු ලෝකෙම කියලා හිතාගෙන විදින දේවල් දවසක අපිටත් හොරෙන්ම අපිවත් නැති කරලම යන්න යනවා. ඒ වගේ ජීවිතේ ආදරේ එක්ක ලස්සන ලෝකයක් තනන්න කොරියාවෙ දුක් වින්ද කොල්ලෙක්ගෙ දියවෙච්ච දාඩිය මහන්සියේ සුවද ගැන අමිහිරි සත්‍ය කතාවක් මේක.

ආදර කතා ගැන අහන්න කියන්න අපි හරි ආසයි. ඒත් ආදරයක් පටන් ගත්ත මොහොතෙ ඉදලා ජීවිත වලට වෙන වෙනස්කම කියන්න හරිම අමාරුයි. අපි ජීවත් වෙන්නෙ ආදරේ නිසා. ගොඩක් වෙලාවට ජීවිතේ හදාගන්න ලස්සන පවුලක් හදාගෙන ජීවත් වෙන්න ලස්සනට අදින්න පලදින්න හොද වාහනයක් ගන්න ලස්සන ගෙයක් හදන්න වෙඩින් එකක් අරන් ගමකට විනෝදවෙන්න හරි ආසයි. ගොඩක් ප්‍රේම කතා පාසල් යන වයසෙන් තමයි පටන් ගන්නෙ. ඉතිං මේ කතාවෙ අපේ සහෝදරයටත් තිබුණා ඉස්කෝලෙ යන කාලෙ ඉදලා දැන අදුනගත්ත ලස්සන ආදර කතාවක්. මේ වෙද්දි මේ ආදරේ වසර අටක්. එතකොට හිතාගන්න පුලුවන් කොච්චර හීන බලාපොරොත්තු එක්ක මේ ගමන එන්න ඇතිද කියලා. මේ තරුණයගෙ පවුලෙ ඔහුට තව බාල සහෝදරයෙකුත් සහෝදරියකුත් ඉන්නවා. ඉතිං දෙමවුපියන් වගේම එයාලගෙ ජීවිත ගැනත් හිතලා  ජීවිතේ හදාගන්න ඕනි නිසා ඔහු හරි අමාරුවෙන් ලොකු කට්ටක් කාලා කොරියාවට එනවා. ඔහුගෙ ප්‍රේමවන්තිය කඩවත ප්‍රදේශයේ. ඔහු කොරියාවට ඇවිත් මාසයක් දෙකක් ගෙදරට සල්ලි දානවා. ඊට පස්සෙ තරුණිය ඔහුට ඇවිටිලි කරනවා ගෙදරටම කරලා බැහැනේ අපේ ජීවිතෙත් හදාගන්න ඕනිනේ අපි කඩවතින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගමු කියලා. හැම දේම ආදරේට යටයි කියනවා වගේ ඔහු මහන්සියෙන් හම්බකරපු මුදල් හරි ලෙන්ගතුකමින් ආදරෙන් ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක එයාට එවනවා. ඉතිං අවුරුදු දෙකයි මාස පහක් යන තුරුම ඔහු ඇයට මේ ඉඩම ⁣මිලදී ගැනීම වෙනුවෙන් ලක්ෂ දෙක ගානෙ මුදල් එවනවා.ඒ හැම මොහොතකම තරුණියත් ඔහු සමග කතා කරනවා. මුදල් ටික ටික එකතු වෙද්දි තරුණයා හරි ආසාවෙන් ජීවිතේ ගැන සුභ සිහින දකිනවා. හැමදාම ඇයත් එක්ක කතා කරලා ඇ⁣ය එක්ක අනාගතේ ගොඩනගනවා.  මේ අතරෙ වසර දෙකක් ගෙවිලා මාස පහකුත් ගතවුනා. ඔහුට වැකේෂන් ලැබුණා. ඒ වනවිට ඔහු ඇයට රුපියල් ලක්ෂ පනස් හතක මුදලක් යවා අවසන්. තරුණයා හරි සතුටින් ලෑස්ති වුණා ලංකාවට එන්න. ඒ ඔවුන්ගෙ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන්. ඉතිං කොරියාවෙ සිට පැමිණෙන්න අදාල ගාස්තුත් වෙනත් වියදම් ආදියත් නිසා ඔහු ඇයට මේ මස දැම්මේ ලක්ෂයක මුදලක් පමණයි. නමුත් ඔහු ලංකාවට පැමිණෙන්නට ටිකට් සූදානම් කරගෙන සියල්ල සකස්කරගත් පසු මෙතෙක් දවස් කතා කල තම ජීවිතයේ සහකාරිය කරගැනීමට ආසාවෙන් බලා සිටි තරුණියගේ දුරකතනය වැඩ කරන්නෙ නැතුව යනවා. අවසානයේ ඔහු ඇයගේ නිවසටත් කතා කරනවා. නමුත් පිළිතුරක් නෑ. ඒ දුරකතන සියල්ල අක්‍රීයයි. ඔහු කලබලවෙනවා කරදරයක්ද දන්නෙ නෑ කියලා. ඒත් ඔහු අහිතක් හිතුවෙ නෑ. නමුත් ලංකාවට පැමිණි වහා ඔහු පා තබන්නෙ ඇගේ නිවසට. නමුත් අවාසනාවක මහත ඇගේ දෙමාපියන් ප්‍රකාශ කලේ වාවාගත නොහැකි දෙයකි, 
මීට මාස ගණනකට ඉහත ඇය තරුණයකු  හා හොරෙන් පැනගොස්  අනතුරුව ඔහු හා ව්වාහ වූ බවත්‍, නැවත නිවසට ඇය නොපැමිණි බවත් ඇය ඉන්නා ඉසවුවක් හෝ  නොදන්නා බවත් ඇගේ දෙමාපියන් විසින් ප්‍රකාශ කරන ලදී .
       සියල්ල වැටහීමට ඔහුට ගත වූයේ සුලු නිමේෂයකී.නමුත් ඒ වන විටත් ඔහුගේ ජීවිතය බිද වැටී හමාරයි. කොරියාව තුල අනේත පීඩනයන්ට මුහුණ දෙමින් අවු වැසි සීතල නොතකමින් දහඩිය වගුරවමින් අත් පා ලෙලි යන තෙක් වැඩ කරමින් අනාගතය වෙනුවෙන් ඉවසා දරා වැඩ කල ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් වී හමාරයි. අවසානයේ ඔහුට ඉතුරු වුනේ තරුණිය විසින් ඔහුට ඈත් කල ඔහුගේ පවුලේ සඟයන් පමණයි. 
    
              මේ අවාසනාවන්ත කතාව තවත් එක් ලියවිල්ලක් නොවෙයි. මෙවන් සිද්ධි සිය ගණනක් කොරියාවේ සේවය නියුතු අපේම තරුණයන්ට සිදු වී තිබුණා. ඒවායෙහි තොරතුරු මට වාර්තා වුණා.හදවත නතර වූ කතාවක් මේක. මක් නිසාදයත් මවු රටෙන් බැහැරව මේ ගෙවන ජීවිතයේ කටුක බව ඔබත් මමත් හොදාකාරව දන්නා හෙයින්. ඊටත් වඩා ලස්සන ජීවිතයක සුන්දර බලාපොරොත්තු එලෙසින් මිලින වීම අතිශයින් ඛේදජනක සිදු වීමක්. 

           ඔබට කියන්නට ඇත්තේ මෙපමණයි. ඔබේ ජීවිතයේ ඔබ විශ්වාස කරන යම් කෙනෙක් වේද ඒ ඔබේ දෙමාපියන් පමණයි. ඔබ දැනටමත් අවිවාහක අයෙක් නම් ඔබේ පෙම්වතිය පිළිබද ⁣විමසිලිමත් වන්න. එසේම ඔබ විවාහක අයෙක් නම් ඔබේ බිරිද පිළිබද සැලකිලිමත් වන්න. මන්ද ඔබේ ජීවිතයේ ඔබ පණ දෙවැනි කොට ඔබ ලග සිටින්නවුන් ඇරෙන්න අහස් මාලිගා තනමින් දිවිය බබලවන්නට පුරසාරම් දොඩන්නියන්ගෙන් ප්‍රවේසම් වන්න. අවසානයේ ඔබ සිරකරුවෙකු හෝ මිනීමරුවෙකු හෝ වීමෙන් පලක් නැත. ඔබ උපයන මුදල විශ්වාසවන්තිය ලග තබන්න. නැත්නම් ඔබ ලග තබාගන්න. අහිංසක කොල්ලන්ගේ ජීවිත වල සාරය උරා බොන්නට මාන බලා සිටින කොතෙකුත් පිරිස් ඔබ අවට ඇත. ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.

            රැවටීමෙන් තොර වංචාවෙන් තොර සාහසිකයින්ගෙන් තොර වාසනාවන්ත මිනිසුන් පමණක් මුණ ගැසී ඔබේ අනාගතය ආලෝකමත් වීමට සැමදා පතන 
සටහන 


මෙවැනි කතා වගේම මීටත් වඩා වුන සිදුවීම් විශාල වශයෙන් කොරියාවේ විතරක් නෙමෙයි පිටරට දුක්විදින ගොඩක් අයට සිදුවෙලා තියෙනවා... කාටවත් මෙවන් දේවල් සිදුනොවී මනුස්සකම පිරි සමාජයක් බිහිවේවා...

කොරියාවේ සියළුම දේ දැනගන්අන පේ වෙබ් සයිට් එක සහ youtube චැනලය සමග එකතුවන්න

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න