ලංකාවට ගොස් කොරියාවට පැමිනීමට පෙර මේ ගැන දැනුවත් විය යුතුමයි

                                          

ලංකාවට ගොස්  කොරියාවට පැමිනීමට පෙර අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වී පැමිනෙන්න



මව්රටට ගොස් සිටින අය නැවත කොරියාවට පැමිනිමේදි නිරෝධායනය සදහා තමන් සේවය කරන ආයතනය විසින් තම ආයතනයේ නිවස්න භාවිතා කිරිම සදහා  අනුමැතිය ලබාදිය යුතුයි. එසේ නැතහොත් තමන්ට පුද්ගලික නිවස්නයක් තාවකාලිකව මිලදි ගත යුතුයි.එසේ නැතිනම් නැවත මව්රටට පිටත් කර යවනු ඇත.

1) තමන් ගුවන්තොටුපලට පැමිනි පසු සෞඛ්‍ය අංශ විසින් ආයතන  ප්‍රධානියාට  ඇමතුමක් රැගෙන නිවස්නයේ රැදි සිටිනා බවට සහතික කරවා ගන්නවා.ආයතන ප්‍රධානියා විසින් නිවස්නය ලබාදීම ප්‍රතික්ෂේප කල අවස්ථාවක,

2) තමන් විසින් තනිකාමරයක් මාසික කුලියට ලබාගැනිමට අවශ්‍ය වේ.එසේ ලබාගන්නා නිවස්නයේ අයිතිකරුගේ දුරකථන අංකය ගුවන්තොටුපල සෞඛ්‍ය අංශයට ලබාදිය යුතුයි.දිනකට දෙවරක්  සෞඛ්‍ය අංශය විසින් පරික්ෂාකරනු ලැබේ.

3) කොරියානු රජය මගින් ලබාදෙන නිරෝධායන මධ්‍යස්ථාන වල මේවනවිට ඉඩකඩ මදිකම නිසා එය භාවිතාකිරිමට නොහැකි තත්වයක් උදාවි ඇත.

4) තම යහලුවන්ගේ නිවස්න භාවිතාකිරිමට බලාපොරොත්තු වන අය හට එම නිවස්නයේ හුදකලා ජිවත්විම සදහා තනිකාමරයක් තිබිය යුතුයි.

       ඉහත සදහන් කරුනු මව්රටේ සිට පැමිනිමේදි සුදානම් කරගෙන පැමිනිය යුතුය.එසේ නැතිනම් නැවත මව්රටට යාමට සිදුවේ.ඔබ සැම කර්මාන්තශාලා මාරුකර ටිකදවසකට මව්රටට ගොස් එන අය ගොඩාක්ම මේ කරුනු ගැන අවධානය යොමුකරන්න.මෙහි පැමින නැවත මව්රටට යනවාට වඩා ආරක්ෂාකාරි වැඩපිලිවෙලක් සකස් කරගෙන පැමිනෙන්න.

උපුටාගැනීම කොරියානු භාෂා පරිවර්තක සහ නීතී උපදේශක පුෂ්ප ප්‍රේමලාල් අබේසිංහ මහතාගෙ පිටුවෙන්...

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න