දකුණු කොරියාවේ කොල්ලොන්ගෙන් කොළඹ ජාතික රෝහලට ලක්ෂ ගනනක වෛද්‍යාධාර ⁣video

                                     

දකුණු කොරියාවේ කොල්ලොන්ගෙන් කොළඹ ජාතික රෝහලට ලක්ෂ ගනනක වෛද්‍යාධාර video 


කොරියාවේ සිටින කොල්ලො කවදත් ලංකාවේ දෙයක් වෙනකොට අනිවාර්යයෙන් මැදිහත්වෙනවා වගේම මේ ඇතිවි තිබෙන වසංගතය හමුවේ ලංකාවට නොයෙක් විදියට අාධාර කරනවා..
ඒ අතරේ දවස් හයක් ඇතුලත කොල්ලො 71 ක කණ්ඩායමක් එකතු කල මුදලින් අද 2020-04-25 වන දින කොළඹ ජාතික රෝහලේ අප කව්රුත් හදුනන ජාතික හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා ‍රම්‍යානි සොයිසා මහත්මියට ලබාදී තිබෙනවා...

එතුමිය විසින් facebook පිටුවේ පල අදහස සහ විඩියෝව පහතින් බලන්න... 


Video


දකුණු කොරියාවේ  මානුෂිය ආදාර එකතු කල ශ්‍රී ලාංකික සහෝදරයන්ට ප්‍රනාමය..

දකුණු කොරියාවේ කම්කරු උපදේශක පුෂ්ප ප්‍රෙමලාල් මහතා ප්‍රමුඛ එ රට සේවය කරන  ශ්‍රී ලාංකික  තරුණයන්  71 දෙනෙකු දින 6 ක් තුල මුදල් ලක්ශ ගනනාවක් එකතු කර ආරක්ශිත ඇඳුම්  කට්ටල 1000 ක් ,මුව ආවරණ 4500 ක් සහ අත් වැසුම් 2500 ක් අප රටට ලබා දුන්නා

මෙම ආදාර  ජාතික රෝහලේ නි.අඩ්‍යක්ශ වෛද්‍ය  ලයනල් මුහන්දිරම් මහතා බාර ගත් අතර ඒ අවස්තාව  සදහා විශේෂ ශ්‍රේනියේ හෙද නිලධාරී සුරවීර මහතාද සහභාගි විය 

මහන්සියෙන් හම්බ කරන ඔවුන්  ප්‍රකාශ කලේ    "ලාංකීය වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මංඩලය දෙවිවරුන් සේ අපේ රටේ අය රැකගන්නා අයුරු  අපි දැක්කා . ඒ නිසයි ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න  අපි මේ දේ කරන්නෙ " කියලයි .

මේ ක්‍රියාන්විතයන්හි දිවා රාත්‍රි වෙහෙසක් නොබලා ඇඳුම් මැසීමට දායක වූ තංගල්ල මියාමි ගාමන්ට් ආයතනයටද ස්තූතිය පිරිනමමි

අප රට මුහුන පාන ඕනෑම ආපදා අවස්තාවකදී  දකුණු කොරියාවේ  සේවය  කරන සහෝදරයන් නිරතුරුවම අප රටට ඈදාර සපයමින්  විශිෂ්ටම  සේවාවක්  ලබාදීමට පෙරමුණ  ගන්නා බව නොරහසකි . 

ඔබ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු!
මම
පුෂ්පා රම්‍යානි සොයිසා

අපගෙ වෙබ් සයිට් සහ youtube  සමගින් එකතුවන්න..  


1 comment:

  1. මව්රට වෙනුවෙන් සෑම අවස්ථාවකදීම සිදු කරන ඔබලාගේ කැපවීම අගය කරනවා....👍👍👍

    ReplyDelete

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න