කොරියාවේ අවමංගල උත්සව සිදුවන ආකාරය

කොරියාවේ අවමංගල උත්සව සිදුවන ආකාරය 

🔲✏කොරියාවේ අවමංගල උත්සව ගැනයි අද✏🔲

ආයුබෝවන් !🙏

♣අද නම් දුක්බර අවස්ථාවක් ගැනයි කියන්න යන්නේ. ඒත් ඉතින් අපි හැමෝටම උරුම දෙයක්නේ ඒ.

♣එක් එක් රටවල සංස්කෘතීන්(문화) සහ සම්ප්‍රදායන්ට අනුව එක් එක් උත්සව අවස්ථාවන්වල යම් යම් වෙනස්කම් පවතින්න පුලුවන්. 

♣ඒ අනුව අපි අද කොරියාවේ අවමංගල්‍යය උත්සවයක් සිදු කරන්නේ කොහොමද සහ ඒ හා සම්බන්ධ කොරියානු බසින් පද කිහිපයක් ඉගෙන ගනිමු. 

♣අවමංගල්‍යය උත්සවයට කොරියානු බසින් කියන්නේ 장례식 (චංනේශික්) කියායි. වර්තමානයේ දී සළකා බලන විට, රෝහල්වල(병원) අවමංගල්‍යය උත්සව සදහාම වෙන් වූ ස්ථානවල(장례식장) තමයි මේ කටයුතු සිදු කරන්නේ. අපේ රටේ වගේ නිවසට මෘතදේහය අරන් එන්නේ නැහැ. එම අවමංගල්‍යය උත්සව ශාලාවේ දීම මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වලා ආදාහනය හෝ භූමදානය කරනවා. නිවසේ දී නම් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක් තබලා තමා අවමංගල්‍යය උත්සවයට පැමිණෙන අය අවසන් ගෞරව දක්වන්නේ. 

♣අවමංගල්‍යය උත්සවයකදී මියගිය පුද්ගලයාගේ පවුලේ අය ශෝකය ප්‍රකාශ කරන්න කලු පාටින්(검은색/검정색) තමයි ඇදුම් අදින්නේ(옷을 입다). පිරිමි අය නම් බටහිර ක්‍රමයට කෝට්සූට්(양복) සහ ගැහැණු අය නම් සුදුපාට(흰색) හෝ කලුපාට කොරියානු ජාතික ඇදුම(검은색 한복) ඇදීමක් දකින්න පුලුවන්. ඒ වගේම, අවමංගල්‍යය උත්සවයට සහභාගි වන අනෙක් අය(문상객) අදින්නෙත් කලුපාට ඇදුම්. 

♣ඒ වගේම, ඒ පැමිණෙන අය මියගිය කෙනාගේ පවුලේ අයට(유족) ශෝකය ප්‍රකාශ කිරීමේ අර්ථයෙන් මුදල් ලබා දීමක් සිදු කරනවා. අවමංගල්‍යය උත්සවයක දී එලෙස ලබා දෙන මුදල් වලට 조의금 කියලායි කියන්නේ.

♣අවමංගල්‍යය උත්සවයක දී තවත් වැදගත් දෙයක් තමා ආචාර කිරීම(절을 하기~ 절을 하다). ඒ අනුව, පැමිණෙන අය මියගිය කෙනාගේ ඡායාරූපය ඉදිරිපිට සිටගෙන කොරියානු ක්‍රමයට දෙවතාවක් ආචාර කර අවසන් ගෞරව දක්වනවා වගේම පවුලේ අයට එක් වතාවක් හිස නවා ආචාර කරනු ලබනවා.

♣ඉන්පසුව, අවමංගල්‍යය සිදු වූ නිවසේ අය පැමිණි අය සදහා සූදානම් කළ ආහාර භුක්ති විඳ මියගිය කෙනාගේ ගුණ කථන වලින් පවූලේ අයට සහනයක් අස්වැසිල්ලක්(위로 ~ 위로하다) ගෙන දීමට කතාබහ කිරීමෙන් සමු දේ.

♣ඊලඟ ලිපියෙන් TOPIK II ලිවීමේ(쓰기) ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය රැගෙන එන්නම්. මා ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රශ්නය සදහා පාදක වන්නේ කොරියාවේ අවමංගල්‍යය උත්සවක්. ඒ නිසා මේ වචන ටික මතක තියා ගන්නකෝ. 
♦검은색 කලුපාට
♦양복 බටහිර ඇදුම
♦정장 කෝට් කිට් එක
♦밝다 එළියයි/ දීප්තිමත්
♦밝은색 දීප්තිමත් ඇදුම් 
♦빈소 මෘත ශරීරාගාරය
♦종교적인 이유 ආගමික හේතූන්

♦절을 하다 ආචාර කරනවා
♦실례가 되다 ආචාරශීලී බවින් තොර වෙනවා
♦절을 하지 않다 ආචාර නොකරනවා
♦가족들을 위로하다 පවුලේ අයව සනසනවා
♦화장을 진하게 하다 තදට makeup කරනවා
♦좋지 않다 හොඳ නැහැ 
♦장례식에 가다 අවමංගල්‍යය උත්සවයකට යනවා
♦신경을 쓰다 අවධානය යොමු කරනවා
♦옷을 입다 ඇදුම් අදිනවා

♦보통 සාමාන්‍යයෙන් 
♦그리고 ඒ වගේම

♠විශේෂයෙන්ම TOPIK විභාගයේ දී කොරියානු සංස්කෘතිකමය සහ කාලීන තොරතුරු පිළිබඳ අවබෝධයක් තිබීමද එම ප්‍රශ්න තේරුම් ගැනීමට මනා රුකුලක් වනු ඇත. අප නොදන්නා සංසිද්ධියක් පිළිබඳව කොපමණ කියවූවද තේරුම් ගැනීමට අපහසු වනු ඇත.

සැමට ජය!💪
තෙරුවන් සරණයි !🙏🙏🙏

සැකසුම :කොරියානු භාෂා දේශිකා #මල්කාන්ති දිසානායක#

මෙතුමියගෙ තවත්  කොරියානු භාෂාමය, සංස්කෘතික කරුණු පිළිබඳ දැනුවත් වීමට  මෙතනින් එකතුවන්න


No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න