දකුණු කොරියාවේ 🇰🇷 වැඩ බිමක දරුණු ගින්නකින් 38 දෙනෙක් මිය යයි

                                    

▪️දකුණු කොරියාවේ 🇰🇷 වැඩ බිමක දරුණු  ගින්නකින් 38 දෙනෙක් මිය යයි 

දකුණු කොරියානු නගරයක් වන ඉචියොන් හි ඉදිවෙමින් තිබූ ගබඩාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ. එහිදි විදේශිිිකයන් තිදෙනෙක් ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිටින බවට වාර්තා නොවේ..
තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වැඩබිමේ සේවකයින් 78 දෙනෙකු සේවය කර ඇත.

ගින්න හටගෙන ඇත්තේ පහළම මාලය තුළ පරිවරණය ස්ථාපනය කිරීමේදී භාවිතා කළ හැකි දැවෙන ද්‍රව්‍ය පුපුරා යාමෙන් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහල යා හැකි බවත් ගින්න සුලු කාලයක් තුළ සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් සේවකයින් මුදා ගැනීමටද අපහසු වී ඇති බවත් සඳහන්.

මිය ගිය සියලු දෙනා ඉදිකිරීම් කම්කරුවන් යැයි විශ්වාස කරනවා 😢😢

මේ පිලිබදව කොරියාවේ  පුවත් වල පලවු අයුරු  මෙතනින් විඩියෝව බලන්න


No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න