ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත

 ලෝකයේ වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති අද දිනය බොහෝ රටවල උත්කර්ෂවත් ලෙස සමරයි

1888 මැයි 1 වන දින ඇමරිකානු කම්කරුවන් 65000ක පමණ පිරිසම් පැය 8ක වැඩමුරයක් ඉල්ලමින් චිකාගෝ නුවර වීදි බැසීය..එවකට කර්මාන්ත ශාලා හිමියන් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් කර්මාන්ත ශාලා වසා දමමිම් දැඩිව ක්‍රියා කලේය..

මෙයින් ආවේගයට පත් විශාල සංඛාත මේ ජනතාව චිකාගෝ හේමාකට් චතුරස්‍රයට එක් විය..මෙහිදී වැඩවර්ජනයේ තෙවන දින පොලිස් නිළධාරීන් ගේ පහර හමුවේ කම්කරුවන් 4 දෙනෙකු මරු තුරුලට ගියහ.

මෙහිදී කම්කරුවන් හා පොලීසිය අතර විශාල ගැටුමක් බවට පත් වී පොලිස් නිළධාරීන් 6 පවා මියගියහ..මෙහිදී පොලීසිය විසින් කම්කරු මෙහෙයුම් මෙහෙය වූ කම්කරු නායකයින් අත්තඩංගුවට ගන්නා ලදී..පසුව ඔවුනට වසර 15ක සිරදඩුවමකට යටත් කෙරිණි..

චිකාගෝ සිපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම ක්‍රියාවලිය එවක සිටි පොලීසිය අනුමත කලව ලොව කිසිදු ජනවර්ගයක් එය අනුමත නොකලෝය..එබැවින් ලෝකය පුරා ජාත්‍යන්තර කම්කරු අරගලයට මුල පුරන්නට විය..

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීම සදහා පැරිස් නුවරදී පෙඩ්ඩ්‍රක් එංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන සැමරුම් උත්සවයක් පැවැත්මට තීරණය කලහ

මේ අනුව සෑම වසරකම මැයි 1 වන දිනට ජාත්‍යන්තර කම්කරු දිනය බවට පත් කරන අතර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1933 මැයි 1 දින කොළඹ ප්‍රයිස් පිටියේදිය.


No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න