කොරෝනා මැද ශ්‍රී ලංකාවට ගිය අයට ගුවන්තොටුපළ තීරු බදු සහන

කොරෝනා වෛයිරසය නිසා මව්රටට ගිය අයට ගුවන්තොටුපල තීරුබදු සංකීරනයෙන් තමන්ට අවශ්‍ය බඩුබාහිරාදිය ලබාගත හැකියාව සලස්වා ඇත.
 කොරෝනා නිසා මව්රටට පැමිනි අයට ගුවන්තොටුපල තීරුබදු සංකීරනයෙන් ලබාගැනිමට නොහැකි උනු නිසා ඔබට එම අවස්ථාව ජුලිමස 1වෙනිදා සිට ලබාදි ඇත. ඔබකලයුත්තේ ගමන් බලපත්‍රය සහා නිරෝධන සහතිකය රැගෙන යා යුතුයි

ඔබට ජුලිමස 1වෙනිදා සිට උදේ 8.00සිට සවස 2.30දක්වා පැමිනිමට හැකිය.
දිනකට මගින් 400කට පමනක් ගුවන්තොටුපල වෙත පැමින බඩුබාහිරාදිය මිලදි ගත හැකිය
ගුවන්තොටුපල අධිකාරයට දුරකථන ඇමතුමක් ලබාදි දිනය කාලය වෙන්කරවාගන්න 0112-264444

මූලාශ්‍ර..පුෂ්ප ප්‍රේමලාල් මහතාගේ facebook පිටුවෙනි

කොරියාවේ නොදැනුවත්ව උත්ඝෝෂන කරලා වැඩ වරද්දගන්නෙපා

වීසා අවසන්ව ලංකවට යාමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් සංවිධානය කරන්නට යෙදුන උත්ඝෝෂනයකට නීති උපදේශක පුශ්පලාල් මහතාගෙන් උපදෙසක්..


කොරියාව තුල කොතනක හෝ උද්ඝෝෂනයක් කරනවානම් පොලිසියේ අවසරය ලබාගත යුතුයි. අදාල පොලිස් මූලස්ථානයට ගොස් පැය 48කට පෙර 집행신고서  කරලා අවසරය ලැබුනු පසු උද්ඝෝෂනය හෝ විශාල පිරිසක් එකතුවිය හැකිය.

නමුත් මම මෙතනින් අදහස් කරේ  තානාපති කාර්යාලය ඉදිරිපිට ජුනිමස 15වන දින පැවැත්විමට නියමිතව ඇති විරෝධතාවය පිලිබදවයි. 

집행신고서 පොලිසියේ අවසරය නොමැතිව එහෙම ජනරාශි එකතුවිය නොහැකිය.එකතුවිය හැකිවුවත් ඔවුන් අත්අඩංගුවට ගැනිමට හැකිතත්වයක් ඇත.එහෙත්집행신고서 අවසරය ලබාගන්නා විට අදාල පුද්ගලයන් ගැන පොලිසියේ විස්තර ලබාදෙනවා වගේම තවත් අවම 5 දෙනෙක්ගේවත් නම් දුරකථන අංක ලබාදිය යුතුයි.එසේ කලවිට විරෝධතාවයට සහභාගිවන ප්‍රමානය අනුව පොලිස් නිලධාරින් ප්‍රමානයක් සහභාගිකරවා ගත යුතුයි.

තොරියාවේ විරෝධතා උද්ඝෝෂන සදහා අත්දැකිම් බහුල කෙනෙක් හැටියට දැනගැනිම සදහා සටහනක් තබන්න හිතුනා.තමන්ට ගැටලුවක් ඇත්නම් පලාත්වලින් ප්‍රජානායකයෝ කිහිපදෙනෙක් එකතුවි තානාපතිතුමාගෙන් වෙලාවක් ඉල්ලාගෙන හමුවෙලා කථාකර බලන්න.

වීසාකාලය නිමවි මව්රටට යාමට නොහැකි ඉන්නා ප්‍රමානය 600කට අධිකයි.නමුත් මේ වෙලාවේ තානාපතිතුමා රාජත්‍රාන්තිකව කරනා සේවය ගැන අපි හොදාකාරව දන්නා නිසා මෙහෙම සටහනක් තියන්න හිතුනා. විදේශිකයන්ගේ සියලුම වැඩ තානාපතිතුමාට කලනොහැකියි.ඒත් එතුමා මේ වෙලාවේ ශ්‍රිලාංකිකයන් මව්රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කරලා තියෙනවා.

විරෝධතා කරනවාද නැද්ද යන්න විසාකාලය නිමවු අයගේ කාර්යක්.නමුත් ගුවන්ගමන් සිදුකරන්න කියලා තානාපතිතුමා විදේශකටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලිම්කරලා තියෙනවා.හැම කෙනෙකුටම කලහැකි වැඩප්‍රමානයක් තියෙනවා.කොරෝනා වෛයිරසයත් සමග ගැටලු රාශියක් මතුවෙලා තියන වෙලාවක විරෝධතාවයට සුදුසු නැහැකියලා තමයි මමනම් හිතන්නේ.

කොරියාවේ අවමංගල උත්සව සිදුවන ආකාරය

කොරියාවේ අවමංගල උත්සව සිදුවන ආකාරය 

🔲✏කොරියාවේ අවමංගල උත්සව ගැනයි අද✏🔲

ආයුබෝවන් !🙏

♣අද නම් දුක්බර අවස්ථාවක් ගැනයි කියන්න යන්නේ. ඒත් ඉතින් අපි හැමෝටම උරුම දෙයක්නේ ඒ.

♣එක් එක් රටවල සංස්කෘතීන්(문화) සහ සම්ප්‍රදායන්ට අනුව එක් එක් උත්සව අවස්ථාවන්වල යම් යම් වෙනස්කම් පවතින්න පුලුවන්. 

♣ඒ අනුව අපි අද කොරියාවේ අවමංගල්‍යය උත්සවයක් සිදු කරන්නේ කොහොමද සහ ඒ හා සම්බන්ධ කොරියානු බසින් පද කිහිපයක් ඉගෙන ගනිමු. 

♣අවමංගල්‍යය උත්සවයට කොරියානු බසින් කියන්නේ 장례식 (චංනේශික්) කියායි. වර්තමානයේ දී සළකා බලන විට, රෝහල්වල(병원) අවමංගල්‍යය උත්සව සදහාම වෙන් වූ ස්ථානවල(장례식장) තමයි මේ කටයුතු සිදු කරන්නේ. අපේ රටේ වගේ නිවසට මෘතදේහය අරන් එන්නේ නැහැ. එම අවමංගල්‍යය උත්සව ශාලාවේ දීම මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වලා ආදාහනය හෝ භූමදානය කරනවා. නිවසේ දී නම් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක් තබලා තමා අවමංගල්‍යය උත්සවයට පැමිණෙන අය අවසන් ගෞරව දක්වන්නේ. 

♣අවමංගල්‍යය උත්සවයකදී මියගිය පුද්ගලයාගේ පවුලේ අය ශෝකය ප්‍රකාශ කරන්න කලු පාටින්(검은색/검정색) තමයි ඇදුම් අදින්නේ(옷을 입다). පිරිමි අය නම් බටහිර ක්‍රමයට කෝට්සූට්(양복) සහ ගැහැණු අය නම් සුදුපාට(흰색) හෝ කලුපාට කොරියානු ජාතික ඇදුම(검은색 한복) ඇදීමක් දකින්න පුලුවන්. ඒ වගේම, අවමංගල්‍යය උත්සවයට සහභාගි වන අනෙක් අය(문상객) අදින්නෙත් කලුපාට ඇදුම්. 

♣ඒ වගේම, ඒ පැමිණෙන අය මියගිය කෙනාගේ පවුලේ අයට(유족) ශෝකය ප්‍රකාශ කිරීමේ අර්ථයෙන් මුදල් ලබා දීමක් සිදු කරනවා. අවමංගල්‍යය උත්සවයක දී එලෙස ලබා දෙන මුදල් වලට 조의금 කියලායි කියන්නේ.

♣අවමංගල්‍යය උත්සවයක දී තවත් වැදගත් දෙයක් තමා ආචාර කිරීම(절을 하기~ 절을 하다). ඒ අනුව, පැමිණෙන අය මියගිය කෙනාගේ ඡායාරූපය ඉදිරිපිට සිටගෙන කොරියානු ක්‍රමයට දෙවතාවක් ආචාර කර අවසන් ගෞරව දක්වනවා වගේම පවුලේ අයට එක් වතාවක් හිස නවා ආචාර කරනු ලබනවා.

♣ඉන්පසුව, අවමංගල්‍යය සිදු වූ නිවසේ අය පැමිණි අය සදහා සූදානම් කළ ආහාර භුක්ති විඳ මියගිය කෙනාගේ ගුණ කථන වලින් පවූලේ අයට සහනයක් අස්වැසිල්ලක්(위로 ~ 위로하다) ගෙන දීමට කතාබහ කිරීමෙන් සමු දේ.

♣ඊලඟ ලිපියෙන් TOPIK II ලිවීමේ(쓰기) ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය රැගෙන එන්නම්. මා ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රශ්නය සදහා පාදක වන්නේ කොරියාවේ අවමංගල්‍යය උත්සවක්. ඒ නිසා මේ වචන ටික මතක තියා ගන්නකෝ. 
♦검은색 කලුපාට
♦양복 බටහිර ඇදුම
♦정장 කෝට් කිට් එක
♦밝다 එළියයි/ දීප්තිමත්
♦밝은색 දීප්තිමත් ඇදුම් 
♦빈소 මෘත ශරීරාගාරය
♦종교적인 이유 ආගමික හේතූන්

♦절을 하다 ආචාර කරනවා
♦실례가 되다 ආචාරශීලී බවින් තොර වෙනවා
♦절을 하지 않다 ආචාර නොකරනවා
♦가족들을 위로하다 පවුලේ අයව සනසනවා
♦화장을 진하게 하다 තදට makeup කරනවා
♦좋지 않다 හොඳ නැහැ 
♦장례식에 가다 අවමංගල්‍යය උත්සවයකට යනවා
♦신경을 쓰다 අවධානය යොමු කරනවා
♦옷을 입다 ඇදුම් අදිනවා

♦보통 සාමාන්‍යයෙන් 
♦그리고 ඒ වගේම

♠විශේෂයෙන්ම TOPIK විභාගයේ දී කොරියානු සංස්කෘතිකමය සහ කාලීන තොරතුරු පිළිබඳ අවබෝධයක් තිබීමද එම ප්‍රශ්න තේරුම් ගැනීමට මනා රුකුලක් වනු ඇත. අප නොදන්නා සංසිද්ධියක් පිළිබඳව කොපමණ කියවූවද තේරුම් ගැනීමට අපහසු වනු ඇත.

සැමට ජය!💪
තෙරුවන් සරණයි !🙏🙏🙏

සැකසුම :කොරියානු භාෂා දේශිකා #මල්කාන්ති දිසානායක#

මෙතුමියගෙ තවත්  කොරියානු භාෂාමය, සංස්කෘතික කරුණු පිළිබඳ දැනුවත් වීමට  මෙතනින් එකතුවන්න


කොරියන් පොලීසියට වෙට්ටු දමා සැගව සිටි අපරාදකරු හසුවේ

පසුගිය දින ශ්‍රී ලාංකිකයෙකුට පිහියෙන් ඇන පලාගොස් සැගව සිටි සැකකරු අද කොටුකරගනී


පසු ගිය දිනක දකුණු කොරියාවේ ජින්දෝ ප්‍රදේශයේ සේවය කරමින් සිට සාදයකින් අනතුරුව බහින් බස් වීමක් සිදුව පිහි ඇනුමකින් එක් පුද්ගලයකු මරණයට පත් විය ..නාන කාමරය තුළ මෙම පිහියෙන් මින් මිය ගිය පුද්ගලයාගේ සිරුර හමු වීමත් සමගම දකුණු කොරියානු පොලිසිය විසින් සැකකරු සොයා ගමන් ඇරඹූහ..දින දෙකක් මුළුල්ලෙහි පොලිසියට කට්ටි පැන මෙන් සිටි මෙම සැකකරු සොයා දෙන මෙන් දකුණු කොරියානු පොලිසිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ද ඉල්ලා සිටියේ ය ... එහි දී ඉරිදා රාත්‍රියේ චොනාන් දුම්රිය පොළෙන් එම සැකකරු බැස ඇති බවත් ඔහුට සහාය වන්නන්ට හා රැකවරණය සලසන්නට ද  දකුණු කොරියාවේ නීති අනුව නීති අනුව දඬුවම් හිමි වේ ..එම සැකකරු චොනාන් සිට කන් වොන්දො බලා බස් රථයකින් ගමන් කර ඇති අතර කන්වොන්දො  බස් නැවතුමේ දී අද දවල් 2.50පමණ අත්අඩංගුවට ගෙන ඇත..ඔහු ගැන තොරතුරු ලබාදුන් ලබා දුන් අයට ස්තුතිය පළ කර අතර කර අතර ඔහුට සහයෝගය ලබා දුන් අයට කොරියානු නීතිය කෙසේ ක්‍රියා වේ දැයි නො දන්නා බව කම්කරු උපදේශක ලාල් මහතා විසින් ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කරන ලදී

කොරියානු පුවත්පතක පල වූ ලිපියක්
ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න

මේතරම් නීතිය ක්‍රියාත්මක වන රටේ නීතිය ගැන නොදන්න සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපෙ රට සහ අපට හිමිවන රැකියා අවස්ථාවන්ට තියෙන අවදානම ගැන කරන පැහැදිලි කරන පුෂ්ප ප්‍රෙමලාල් මහතා සමග කල සාකච්ඡාව පහතින් බලන්න


කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න