කොරියාවේ නොදැනුවත්ව උත්ඝෝෂන කරලා වැඩ වරද්දගන්නෙපා

වීසා අවසන්ව ලංකවට යාමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් සංවිධානය කරන්නට යෙදුන උත්ඝෝෂනයකට නීති උපදේශක පුශ්පලාල් මහතාගෙන් උපදෙසක්..


කොරියාව තුල කොතනක හෝ උද්ඝෝෂනයක් කරනවානම් පොලිසියේ අවසරය ලබාගත යුතුයි. අදාල පොලිස් මූලස්ථානයට ගොස් පැය 48කට පෙර 집행신고서  කරලා අවසරය ලැබුනු පසු උද්ඝෝෂනය හෝ විශාල පිරිසක් එකතුවිය හැකිය.

නමුත් මම මෙතනින් අදහස් කරේ  තානාපති කාර්යාලය ඉදිරිපිට ජුනිමස 15වන දින පැවැත්විමට නියමිතව ඇති විරෝධතාවය පිලිබදවයි. 

집행신고서 පොලිසියේ අවසරය නොමැතිව එහෙම ජනරාශි එකතුවිය නොහැකිය.එකතුවිය හැකිවුවත් ඔවුන් අත්අඩංගුවට ගැනිමට හැකිතත්වයක් ඇත.එහෙත්집행신고서 අවසරය ලබාගන්නා විට අදාල පුද්ගලයන් ගැන පොලිසියේ විස්තර ලබාදෙනවා වගේම තවත් අවම 5 දෙනෙක්ගේවත් නම් දුරකථන අංක ලබාදිය යුතුයි.එසේ කලවිට විරෝධතාවයට සහභාගිවන ප්‍රමානය අනුව පොලිස් නිලධාරින් ප්‍රමානයක් සහභාගිකරවා ගත යුතුයි.

තොරියාවේ විරෝධතා උද්ඝෝෂන සදහා අත්දැකිම් බහුල කෙනෙක් හැටියට දැනගැනිම සදහා සටහනක් තබන්න හිතුනා.තමන්ට ගැටලුවක් ඇත්නම් පලාත්වලින් ප්‍රජානායකයෝ කිහිපදෙනෙක් එකතුවි තානාපතිතුමාගෙන් වෙලාවක් ඉල්ලාගෙන හමුවෙලා කථාකර බලන්න.

වීසාකාලය නිමවි මව්රටට යාමට නොහැකි ඉන්නා ප්‍රමානය 600කට අධිකයි.නමුත් මේ වෙලාවේ තානාපතිතුමා රාජත්‍රාන්තිකව කරනා සේවය ගැන අපි හොදාකාරව දන්නා නිසා මෙහෙම සටහනක් තියන්න හිතුනා. විදේශිකයන්ගේ සියලුම වැඩ තානාපතිතුමාට කලනොහැකියි.ඒත් එතුමා මේ වෙලාවේ ශ්‍රිලාංකිකයන් මව්රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කරලා තියෙනවා.

විරෝධතා කරනවාද නැද්ද යන්න විසාකාලය නිමවු අයගේ කාර්යක්.නමුත් ගුවන්ගමන් සිදුකරන්න කියලා තානාපතිතුමා විදේශකටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලිම්කරලා තියෙනවා.හැම කෙනෙකුටම කලහැකි වැඩප්‍රමානයක් තියෙනවා.කොරෝනා වෛයිරසයත් සමග ගැටලු රාශියක් මතුවෙලා තියන වෙලාවක විරෝධතාවයට සුදුසු නැහැකියලා තමයි මමනම් හිතන්නේ.

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න