2020 සූර්ය වන්දනාවෙන් දකුණු කොරියානු⁣වන්ගෙ ආරම්භය

2020 සූර්ය වන්දනාවෙන් දකුණු කොරියානු⁣වන්ගෙ ආරම්භය
                                       

මුලින්ම 2020 ලැබුවා වූ නව වසර දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සැමටත් ලෝකවාසී සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථානා කරනවා...

දකුණු කොරියානුවන් බොහෝ පිරිසක් අලුත් වසරක පළමු දින  ඉර උදාව බැලීම සාම්ප්‍රදායිකව කරගෙන එනවා..ඒ වගේම විහාරස්ථාන වලට මෙන්ම තමන් අදහන ආගමික ස්ථාන වලට ගිහින් තම ආගම් ඇදහීමේ කටයුතුද කරනු ලබනවා..

     දකුණු කොරියානුවන් මෙම ඉර උදාව නැරඹීමෙන්  උදා වන නව වසරේ තමන්ගේ බලාපොරොත්තු  ඉෂ්ඨ  වේ යැයි අපේක්ෂා කරනු ලබනවා..නව වසරේ නැග එන හිරු දෙස බලමින් ඔවුන් ඒ පැතුම් ගුවනට මුසු කරනවා...

   මෙසේ ඉර උදාව නැරඹීමට සුදුසු ස්තාන විවිධ ප්‍රදේශ වල නගර සභා මෙන්ම පලාත් ආයතන වලින් නම් කරමින් ඒ සදහා කොරියානුවන්ට පහසුකම් සලසා දෙනු ලබනවා..

   මේ අතර දකුණු කොරියාවේ ඉපැරණිම පන්සලක් වන 향일암 පන්සලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්... මේ විහාරස්ථානයේ  වසරේ සෑම දිනකම ජනතාවගෙන් පිරී ඉතිරී යනවා..ඊට හේතුවනම් මෙම විහාරස්ථානයට පැමින කරන්නා වූ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙනවා යන මතය නිසාවෙන්...
  එබැවින් ජනවාරි 1 වන දින ඉර උදාව නැරඹීමට දස දහස් සංඛ්‍යාත ජනගහනය මේ විහාරස්ථානයට පැමිණෙනවා තමගේ ප්‍රාර්ථනා  ඉටු කරගැනිමේ අරමුණෙන්..

පහත සදහන් වීඩියෝව ක්ලික් කර ඔබත් 2020 වසරේ ඉර උදාව නරඹන්න...

සටහන
නුවන් මධුසංඛ කරුණාරත්න

                                       

අපගෙ සියළුම විඩියෝ නරඹන්න youtube චැනලයට පිවිසෙන්න..   

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න