2017,2018,2019 විභාගෙ සමත් එත් කොරියන් සිහිනය කුමක් වේවිද

2017,2018,2019  විභාගෙ සමත් එත් කොරියන් සිහිනය කුමක් වේවිද

#2020_න්_එහා_කොරියානු_රැකියා_සිහිනය.

නිෂ්චිතවම තොරතුරු සතු නොවුනත් 2017,2018 සහ 2019 යන තෙවසරේ විභාගය සමත් වූවන්ගෙන් 4000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පොරොත්තු ලේඛනයේ සිටිනු ඇතැයි අනුමාන කල හැක.
(නිෂ්චිතවම දන්නා කෙනෙක් වේනම් පහතින් සටහන් කරන්න.)

එයින් 2017 ඉතිරිව ඇති යම් ප්‍රමාණයක් වේනම්  ඔවුන් නුදුරේදීම වසර දෙකේ කාලසීමාව ඉක්මවූ පසු පොරොත්තු ලේඛනයෙන් ඉවත්වනු ඇත.
එය කණගාටුවට කාරණාවක් වුවත් EPS සැබෑ ස්වරූපය එයයි.

එමෙන්ම මේ කොරෝනා නිසා උද්ගතවූ ඇතැම් ප්‍රමාදයන් යම් වාසිදායක තත්වයක් ඇති කිරීමට දායකවිය හැකිය.
එය මෙසේය.
කොරෝනා හේතුවෙන් ඉදිරිපත්වීම ප්‍රමාදවන වෛද්‍ය වාර්ථා නිසා අපේක්ෂකයන් වසරකින් පසු නැවත වෙබ්ගතවීම ප්‍රමාද වෙමින් පවතී.
බොහෝවිට මෙම තත්වය සමනය වී අවසාන අපේක්ශකයාත් වෙබ්ගතවී අවසානවන්නේ අගෝස්තුවේ විය හැකිය.
ඒ අනුව ඔවුන්ගේ වසර දෙක අවසාන වන්නේ 2021 අගෝස්තු කෝටාවටත් ගිවිසුම් ලැබීමෙන් පසුවය.
එනම් තව කෝටා පහකට පසුවය.

දැනට කොරියාවේ කර්මාන්තශාලා වල රැකියා අහිමිවීමේ තත්වයක් නැති වුවත් 
අතිකාල අඩුවීමක් නිරීක්ෂණය කල හැකිය.
එහෙත් කොරියානුවෝ 2021 නව ජවයකින් අරඹනු ඇත.

මා අසා ඇති පරිදි සාමාන්‍යයෙන් කොරියාවේ දිනකට නව කර්මාන්තශාලා 200 ක පමණ ප්‍රමාණයක්  එකක් ඇරඹේ.
එවන් තත්වයක් ඔවුන් ඉදිරි අනාගතයේ නිර්මාණය කරනු ඇත.
එමෙන්ම එක් සේවකයෙක් වැඩකරන පැය ගණන සීමා කොට සේවකයාගේ ජීවන තත්වය උසස් කිරීමේ කොරියාවේ වෑයම නිසා වැඩ මුර පවත්වාගැනීමට වැඩි සේවකයන් ප්‍රමාණයක් සේවාස්ථානයන්ට බඳවාගැනීමට සිදුවනු ඇත.
උක්ත කාරණා දිත්වයෙන්ම සංක්‍රමණික සේවකයන්ට නව රැකියා ජනිතවීමට ගැම්මක් සැපයෙනු ඇත.

මේ මැයි මාසයයි.
ලංකාවේ 2021 වසරේ සාමාන්‍ය EPS විභාගය පවත්වන්නට තාම හිතලාවත් නැත.
කොරියාවට අවැසි වුවත් කොරෝනා ඊට ඉඩදෙන සේයාවක් පෙනෙන්නට නැත.
ලංකාවේ පොරොත්තු ලේඛනයේ විශාල පිරිසක් ඇත.
තවත් පිරිසක් එම ගොඩට ඇතුලත් කරගැනීමට කොරියාවට හදිසියක් නොමැති අයුරක් පෙනේ.
බොහෝවිට විභාගය නොපැවැත්වීමට වැඩි බරක් ඇත.
විභාගය පැවැත්ම හෝ නොපැවැත්වීම ගැන පුවතක් මෙම සමූහයට මුදාහැරීම මට අයිති නිළ කටයුත්තක් නෙවේ.
ගුරුවරුන් සහ සිසුන් ඉගැන්වීමේ ඉගෙනීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුද නොවේ.
මා පවසන්නේ මාගේ විශ්ලේෂණයයි.
එම කොනෙන් අල්ලාගෙන මට චෝදනා කල යුතුද නොවේ.

සිහින හාරදහසකට ආසාන්න ප්‍රමාණයක් වෙබ් එකෙහි පල් වෙමින් පිලුනු වෙමින් තිබේ.
ඒවා පමණ නොදැන පාස් කිරීමේ ආනිසංශය.
ඒ ගැන මීට ඉහතදී බොහෝතැන්හි බොහෝකොට කථාකර ඇතිනිසා වැඩි යමක් නොලිවමනාය.

මා ඉහතින් සඳහන් කල අනුමාන සියල්ලම ඒ ආකාරයෙන් සිඳු වුවහොත් අඩුමගානේ ඔය හාරදහසක් දෙනාගෙන් 90% කටවත් සෝජු උගුරක් තොලගා කිම්චි කෑල්ලක් රස බැලීමේ වාසනව උදාවනු ඇත.
එසේ වුවහොත් වසර දෙකින් ඔබ්බට තව දිඟුවක් අවැසි වන්නේ නැත.

බලාපොරොත්තු සරවත් වන්නේ ඒවා චිරාත්කාලීනව හිතේ කැකෑරෙන විටය.
ඒ රස විදිමින් පසුවන්න.
විභාගය පවත්වන නිවේදනය නිකුත්වුවහොත් අනිවාර්යයෙන් හැකි හැමෝම ඇඩ්මිෂන් ගන්න.
හැමදාමත් වෙබ් එකේ ඉන්න කෙනා කවදාහරි කොරියාවට යනු ඇත.
සිස්ටම් එකට අභියෝග කිරීමට ඔබ ශක්තිමත් මදි වෙන්නට පුලුවනි.
එහෙත් කොරියාවට යෑමට ඔබට සිස්ටම් එකක් තිබිය යුතුමය.

සැමට ජය.

සටහන👉 දර්ශන හේවාගමගේ 

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න