student visa in south korea ⁣කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය part 01


 

කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ඔයාලා  බලනවා ඇති,හිතනවත් ඇයි මේ තරම් දිගට ගොඩක් දෙවල් හෙමින් කියන්නෙ කියලා.. ඇත්තටම කොරියාවේ student visa ගැන ගොඩක් සරලව කියන්න බෑ.. ගොඩක් අයගෙ ඉල්ලීමට විඩියෝ කරත් මේ මාතෘකාව එහෙන් මෙහෙන් කතා කරලා ඔයාලව අමාරුවේ දාන්න අපිත් කැමති නැ සහ මීට කලින් කොරියාවේ student visa ඇවිත් අපෙ ලංකාවේ මේ අවස්ථාවන් නැති වෙන තරමට සිද්ධින් වෙලා තියෙනවා ඒ නිසා මේ නංගිගෙ අත්දැකීම් සහ කොරියාව ගැන/ කොරියාවේ student visa එකක වැදගත්කම / කොරියාවේ university එකක වැදගත්කම/ කොරියාවේ degree එකක වටිනාකම / අනාගත ප්‍රයෝජන ගැන ගොඩක් දේවල් දැනගෙන මෙහෙ එන්න ඕන...
ගොඩක්ම හේතුව වෙලා තියෙන්නේ මීට කලින් කොරියාවේ university ආව ලමයි student වීසාකාලය ඉක්මවා හො ඉට කලින්  ජොබ් කරන්න ගිහින් නීතිවිරෝධී වෙලා අදාල university වලින් black list වෙලා තියෙනවා. එනිසා  හොද නම නැතිවෙලා තියෙනවා..
එවගේම තමයි මම වැඩ කරන කම්කරු වීසා e-9  වීසා එකටත් එන ගැහැනු ලමයි කොරියාවට එන එක අඩුවෙලත් තියෙන්නේ මුලින්ම ඇවිත් තමන්ගෙ boyfriend husband  ඉන්න තැනට යන්න මාරුවෙන නිසා කම්පනි වලින් ලංකාවේ ගැහැනු ලමයි  ගැන තියෙන අයහපත් හැගීම..
කොරියාවේ student වීසාවලට අපි වගෙ රටවල් විතරක් නෙවෙයි වෙන යුරෝපීය  රටවලින් පවා එනවා. එයාලා ඇවිත් කොරියාවේ degree ඉවර කරලා මෙහෙ හොද පඩියකුත් ගන්නවා.. එ වගේම e9 වීසා ඇවිත් ඉන්න අයගෙ boyfriend,girlfriend,husband & wife ,උපාධිය  ඉවර කරගෙන කොරියාවේම වෙන වීසා වලට මාරුවෙලා e9 වීසා සිටින තමන්ගෙ කෙනාටත් වී⁣සා වෙනස් කරගෙන කොරියාවේ තවදුරටත් රැදී සිටිනවා.. මේ ගැන නොදැනුවත්කම නිසා අපෙ අය ගොඩක් පාඩු සිදුකරගෙන සිටිනවා.. ඉතිං මේ හැමදෙයක්ම පියවරෙන් පියවර ලංකාවේන් කොරියාවට තව අවස්ථාවන් ලබෙන්න අවබෝධයෙන් මේ ගැන දැනුවත් වෙන්න අපි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා..
මේ නිසා ඉවසීමෙන් අපිත් එක්ක දිගටම ඉන්න...
අනිවාර්යයෙන් තව වැඩසටහන් කරන්න ඔයාලගෙත් ස⁣හයෝගය අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි.. විඩියෝ share කරලා,සහයෝගය අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා..
ඔයාලට තියෙන ප්‍රශ්න කමේන්ට් කරන්න අනිවාර්යයෙන් උත්තර අපි ඉස්සරහට දෙන්නම්.. දිගටම අපිත් එක්ක ඉන්න.. ස්තුතියි..

කොරියාවට ඉගෙනගන්න එන්න කැමති ඔයාලට කොරියාවෙ කැම්පස් ගැන දැනගන්න මෙතනින්


AIESEC Organization එක හරහා volunteer project එකකට එන්න කැමති අයට

කොරියාවේ,වෙන ඕනම රටකට  student වීසා එන හැමොම මුලින්ම හිතන්න හොයන්න ඕන... එ ගැන  student university visa ,part 2




music video නැතුව 1 million views කලාව ⁣වෙනස් කල කොරියාවේ නිහඩ කවියා


මියැදිච්ච පෙම නමින් වලලාපු හීනයක්...

කියාපන් මගෙ මැණික මේ ඉන්නෙ නුඹමදැයි...

මිලිය⁣නෙ views ගන්න music video  එකක් කරන්නම ඕනද.. මෙතෙක් තිබු මතයන් පුස්සක් කල 
👉 * සුන්දර කොරියාවේ* නිහඩ කවියා.....

විචාර ලියන්නනම් දන්නැ ඒත් ලියන්න හිතුනා..

සින්දුවක් හදවතින්ම හැඟීමකින් අහන්න තමන්ගේම අත්දෑකීමක් වෙන්න ඕන නැ එහෙම වෙලත් නෙමෙයි හදවතට කියාගන්න බැරි හැඟීමකින් අපි සින්දු අහන්නෙ....

මේත් එවගෙ හදවත⁣ට දැනුන තමන්ට අහිමිවුන ඒත් අදටත් අසීමිතව හදවතින්ම ආදරෙ කරන තමන්ගෙ ගෑනු ලම⁣යගෙ දරු ප්‍රසුති සැත්කම  තමන්ගෙ අතින්ම කරන්න වුන පෙම්වතාගෙ හැඟීම ආදරය එක්ක දැනෙන්න ලියවුන කවියක් ගීතයක්...

ඔයාලත් අහලත් ඇති දැනටමත් ඒත් අහලා නැත්තම්  අහන්න අනිවාර්යයෙන්  අත්දැකීමක් නොවුනත් කොතනකින් හො හදවතටම දැනෙන තැනක් තියෙයි.. මට හොදටම දැනු පදපේලි හතරක් උඩ සහ යටින්ම දාලා තියෙනවා..

එ වගේම මේ සිද්ධියෙන් පසු පෙම්වති⁣යට දැනෙන පිලිතුරු ගීතයත් අහන්නම ඕන...

මැණික 02 
මං ඇර වෙනත් හීනෙක සැනසෙන්න බලන්...
දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්...

මෙහෙම ලියන්න  හිතුනේ මෙච්චරකල් බිහිවුන පරන සින්දු අපි අදටත් අහනවා.. ඒත් ගොඩක් වෙලාවට දැන් අලුත් කාලෙ ගොඩක් බිහිවෙන නිර්මාණ අද ඇහුවොත් ආයෙ හෙට අහන්න හිතෙන්නෙ නැ....
හැම එකක්ම නෙමෙයි.. ඒත් මේ නිර්මාණය වගේ මේ  කවියාගෙ චැනල් එකෙ  දැනට තියෙන  නිර්මාණ 5ම ආයෙ ආයෙත් අහන්න හිතෙනවා විස්තර කරන්න තෙරෙන්නෙ නැ... අනිවාර්යයෙන් ඔයාලත් අහන්න...

ගොඩක්ම සතුටු දේ තමයි මේ තරම් දැනෙන නිර්මාණ බිහිකරන කවියා ඉන්නෙ කට්ට කාගෙන වැඩ කරන කොරියාවේ.. ඔහුත් කොරියාවේම අපි වගේ වැඩකරන සහෝදරයෙක්..අපේම මල්ලියෙක්.  
එයාගෙ මේ නිර්මාණ සහ හැමදේම ගැන කතා කරන අපෙ මංජුවා කරපු interview  සම්පූර්ණ විඩියෝ එකත් 
1 million  ගියපු විඩියෝ එකත් චැනල් එකෙ විස්තරත් කමෙන්ට්වලින් බලන්න...

අදටත් ඇති නිසා පෙම හිත ඔබ ගාව..
අපි මැව් හීනවල ජීවත්වෙමි තාම....

චතුවා... 

මේතරම් නිර්මාණයන් කරන ඔහුගෙ කතාව 



හදවතට දැනුන එ ගීතය මැනික 



පවතින හදිසි තත්ත්වයට ශක්තියක් වෙමින් කොරියාවේ කොල්ලොන්ගෙන් මව්බිමට ආධාර තොගයක් (photo)

පවතින හදිසි තත්ත්වයට ශක්තියක් වෙමින් කොරියාවේ කොල්ලොන්ගෙන් මව්බිමට ආධාර තොගයක් (photo)

දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගේ එකතුවෙන්.     

'#පරීත්‍යාගශීලීන්ගේ_එකමුතුව '

නමින්  අරමුදලක් පිහිටවාගත් අතර ඔවුන්ගේ මූලික අරමුන වූයේ,

 #'ප්‍රථමයෙන්_මව්බිමේ_සෞඛ්‍ය_අංශය_රැකගනිමු''
යන තේමාවයි.

      මව්බිම වෙනුවෙන් දෙවනවරටත් කොවිඩ් 19න් දැඩි අපහසුතාවයට ලක්ව සිටින වෛද්‍ය,හෙද , සෞඛ්‍ය පරීක්ෂක අංශයන්හි සේවය කරන නිළධාරින් සදහා සෞඛ්‍ය ආරක්ශිත ඇදුම් කට්ටල සකසා දීමට 20/09/30 වන දින වැඩපිළිවෙලක් සූදානම් කරගත් අතර දින 04ක 
කෙටි කාලයකින් ආරක්ශිත ඇදුම්(PPE) 2600 සකසා ගැනීමට මුදල් සම්පූර්ණ විය.

අසීරුවෙන් උපයාසපයා ගන්නා  මුදලින් මෙම සද්කාර්‍යට දායකත්වය දැක්වූ කොරියාවේ ඔබ සැමට ප්‍රථමයෙන් ස්තූතියි 

එම ඇදුම්,
👉ගලබොඩඅත්තෙ ස්වාමීන් වහන්සේට
👉ජාතික රෝහලට
👉කළුබෝවිල රෝහලට
👉ජයවර්ධනපුර රෝහලට
👉මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයට

ආදී වශයෙන් ලංකාවම ආවරණය වන පරිදි බෙදා දීම අද දිනයේ සිදුකෙරින.

කොරියාවේ පරීත්‍යාගශීලීන්ගේ එකමුතුව සමග සම්බන්ධවී මව්බිම වෙනුවෙන් ඔබ සැම කල යුතුකම ලාංකිය සියලුම සෞඛ්‍ය ශේෂ්ත්‍රයන්ට ඉමහත් සේවයක් වූ  ඔවුන් පැවසුවේ ඉතාමත් සතුටිනි.

අප සමග සම්බන්ධව දිවා රෑ නොබලා නන් අයුරින් උදව් උපකාර කල  වැලිපිට ඉන්ද්‍රරතන ස්වාමීන්වහන්සේ ගෞරවාන්විතව සිහිපත් කරන්නෙමු.

එමෙන්ම සාධාරණ මිලකට ආරක්ශිත ඇදුම් සකසාගැනීමට අදාල ආයතන සම්බන්ධ කර දුන් හේමාලි කුඩාගම මහත්මියට නොවන්නට 
ඇදුම් මසා ගැනීම ලෙහෙසි පගසු කාර්‍යක් වන්නේ නැත.

ඇදුම් සකසාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිර්දේශ කර ඉතාමත් සාධාරණ මුදලට ටියානා ෆැශන් ආයතනය සම්බන්ධ කරදුන් දුන් වෛද්‍ය  දර්ශන ප්‍රේමරත්න මහතාට ස්තුතියි පුදකල යුතුය.

ආරක්ශිත ඇදුම් අපගේ  විශ්වාසය කඩ නොකර දින 4ක් ඇතුළත සාධාරණ මිලට මසා නිමකර දුන්නේ  මුදලට එහා ජාතික සේවයක් කරමතට ගනිමිනුයි.

කොරියාවෙ  අපි මේ හැමදේම කරන අතරතුර එයට මහත් රුකුලක් වන පුශ්ප ප්‍රේමලාල් මහතාටද ස්තුති.

එමෙන් අසීරුම කාලයක ඇදුම් 2600ක් තනිවම අදාල ආයතනයන්ට බාරදීමට හා අදාල චායාරූප වීඩියෝ ලබාදීමට කටයුතුකල ප්‍රභාත් එදිරිසිංහ අයියට ස්තුති වන අතර,
ලංකාවෙ සිට අවශ්‍ය උපදෙස් හා ලංකාවෙන් වියයුතු සියල්ල සම්බන්ධ කර දුන් දර්ශන හේවාගම අයියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු.

කොරියාවේ පරිත්‍යාග ශීලීන්ගේ එකමුතුව.

 සම්පූර්ණ කෙටි විඩියෝව ලගදීම බලාපොරොත්තු වන්න... ඡායාරූප පහතින්






















කොරියාවේ ලක්ෂ ගනන්වලට අලෙවි වල මැටි භාණ්ඩ

කාර්මික රටක් වූවත් මැටි කර්මාන්තයට වඩාත් වටිනාකමක් ලබාදී ඇති කොරියාව..

අප කල විඩියෝව පහතින් 
                     
                                              

කොරියාවේ තවත් ශ්‍රී ලාංකයෙකු සියදිවි හානි කරගනී

කොරියාවේ මේ වසරේ සියදිවි හානිකරගැනීම රැළ්ලක් වෙලා
කොරියාවේ සියදිවි නසාගැනිමේ කලාව වෙනස් කලයුතු කාලය එලඹ ඇත.
මව්රටින් කොරියාවට පැමිනෙන හැම කෙනෙක්ම තමන්ගේ ජිවිතය ජයගැනිම සදහා වෙරදරනවා. අපි කොරියාවට එනවිට අංගසම්පූූර්න මිනිස්සු නොවන්න පුලුවනි.ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවානම් ඔවුන් නිසිමගට ගැනිම එම කර්මාන්තශාලාවල ඉන්න අයගේ යුතුකමකි.නමුත් ඔවුනුත් අසරන වෙන කෙනෙක් තලාපෙලිම නොකලයුතුයි.කෙසේ වෙතත් බිරිදක් ලමයි දෙදෙනෙක් සිටින ස්වාමිපුරුෂයෙක් පියෙක්ගේ වටිනාකම නොහදුනන අයගේ නොහොබිනා වැඩකටයුතු නිසා අකාලයේ ජිවිතයෙන් සමුගන්න සිදුඋනා. ඉදිරියේදි කොරියාවට එන අයගැන මානසික වෛද්‍යවරයෙකු ලවා දේශන පවත්වා මෙරටට එවිය යුතුයි.
 එක්සියදිවි නසාගැනිමෙන් මාස තුනක් ඉක්ම යන්නට පෙර තවත් ජිවිතයක් සියදිවි නසාගැනිමෙන් ප්‍රශ්නය තවමත් විසදි නැති බව පෙනියයි.විදේශයේ සිට පැමිනෙන අයට සියදිවිනසාගැනිම වැලැක්විමේ අධ්‍යාපන වැඩසටහන් කොතෙක් පැවැත්විමට සැලැසවුවද එය කිසිගනනකට නොගැනිම නිසා මෙවන් අකල් මරණ සිදුවිම වැලැක්විය නොහැකිය.ඉතින් කොරියාවේ සේවය කරන තරුන ජිවිත විශාල ප්‍රමානයක් මව්බිමට අහිමි වි ඇත.

උපුටා ගැනීම - පුෂ්ප ප්‍රේමලාල් මහතාගේ favebook සටහන ඇසුරෙන් 
2020වර්ෂයේ ජුලිමස අවසන් විමට පෙර 16දෙනෙක් ජිවිතයෙන් සමුගෙන ඇත.මෙහි සේවය කරන තරුන ජිවිත ඉදිරිය ගැන මීට වඩා වගකිමෙන් වැඩකටයුතු කලයුතුයි.එහෙම නැතිවුවහොත් තමන්ගේ දෙමාපියන්ට, බිරින්දැවරුන්ට, ලමයින්ට තම ආදරනියන් නැතිවි යයි.ඔබගේ අවධානය තවදුරටත් යොමුකරන ලෙස දන්වා සිටින්නෙමු.

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න