පවතින හදිසි තත්ත්වයට ශක්තියක් වෙමින් කොරියාවේ කොල්ලොන්ගෙන් මව්බිමට ආධාර තොගයක් (photo)

පවතින හදිසි තත්ත්වයට ශක්තියක් වෙමින් කොරියාවේ කොල්ලොන්ගෙන් මව්බිමට ආධාර තොගයක් (photo)

දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගේ එකතුවෙන්.     

'#පරීත්‍යාගශීලීන්ගේ_එකමුතුව '

නමින්  අරමුදලක් පිහිටවාගත් අතර ඔවුන්ගේ මූලික අරමුන වූයේ,

 #'ප්‍රථමයෙන්_මව්බිමේ_සෞඛ්‍ය_අංශය_රැකගනිමු''
යන තේමාවයි.

      මව්බිම වෙනුවෙන් දෙවනවරටත් කොවිඩ් 19න් දැඩි අපහසුතාවයට ලක්ව සිටින වෛද්‍ය,හෙද , සෞඛ්‍ය පරීක්ෂක අංශයන්හි සේවය කරන නිළධාරින් සදහා සෞඛ්‍ය ආරක්ශිත ඇදුම් කට්ටල සකසා දීමට 20/09/30 වන දින වැඩපිළිවෙලක් සූදානම් කරගත් අතර දින 04ක 
කෙටි කාලයකින් ආරක්ශිත ඇදුම්(PPE) 2600 සකසා ගැනීමට මුදල් සම්පූර්ණ විය.

අසීරුවෙන් උපයාසපයා ගන්නා  මුදලින් මෙම සද්කාර්‍යට දායකත්වය දැක්වූ කොරියාවේ ඔබ සැමට ප්‍රථමයෙන් ස්තූතියි 

එම ඇදුම්,
👉ගලබොඩඅත්තෙ ස්වාමීන් වහන්සේට
👉ජාතික රෝහලට
👉කළුබෝවිල රෝහලට
👉ජයවර්ධනපුර රෝහලට
👉මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයට

ආදී වශයෙන් ලංකාවම ආවරණය වන පරිදි බෙදා දීම අද දිනයේ සිදුකෙරින.

කොරියාවේ පරීත්‍යාගශීලීන්ගේ එකමුතුව සමග සම්බන්ධවී මව්බිම වෙනුවෙන් ඔබ සැම කල යුතුකම ලාංකිය සියලුම සෞඛ්‍ය ශේෂ්ත්‍රයන්ට ඉමහත් සේවයක් වූ  ඔවුන් පැවසුවේ ඉතාමත් සතුටිනි.

අප සමග සම්බන්ධව දිවා රෑ නොබලා නන් අයුරින් උදව් උපකාර කල  වැලිපිට ඉන්ද්‍රරතන ස්වාමීන්වහන්සේ ගෞරවාන්විතව සිහිපත් කරන්නෙමු.

එමෙන්ම සාධාරණ මිලකට ආරක්ශිත ඇදුම් සකසාගැනීමට අදාල ආයතන සම්බන්ධ කර දුන් හේමාලි කුඩාගම මහත්මියට නොවන්නට 
ඇදුම් මසා ගැනීම ලෙහෙසි පගසු කාර්‍යක් වන්නේ නැත.

ඇදුම් සකසාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිර්දේශ කර ඉතාමත් සාධාරණ මුදලට ටියානා ෆැශන් ආයතනය සම්බන්ධ කරදුන් දුන් වෛද්‍ය  දර්ශන ප්‍රේමරත්න මහතාට ස්තුතියි පුදකල යුතුය.

ආරක්ශිත ඇදුම් අපගේ  විශ්වාසය කඩ නොකර දින 4ක් ඇතුළත සාධාරණ මිලට මසා නිමකර දුන්නේ  මුදලට එහා ජාතික සේවයක් කරමතට ගනිමිනුයි.

කොරියාවෙ  අපි මේ හැමදේම කරන අතරතුර එයට මහත් රුකුලක් වන පුශ්ප ප්‍රේමලාල් මහතාටද ස්තුති.

එමෙන් අසීරුම කාලයක ඇදුම් 2600ක් තනිවම අදාල ආයතනයන්ට බාරදීමට හා අදාල චායාරූප වීඩියෝ ලබාදීමට කටයුතුකල ප්‍රභාත් එදිරිසිංහ අයියට ස්තුති වන අතර,
ලංකාවෙ සිට අවශ්‍ය උපදෙස් හා ලංකාවෙන් වියයුතු සියල්ල සම්බන්ධ කර දුන් දර්ශන හේවාගම අයියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු.

කොරියාවේ පරිත්‍යාග ශීලීන්ගේ එකමුතුව.

 සම්පූර්ණ කෙටි විඩියෝව ලගදීම බලාපොරොත්තු වන්න... ඡායාරූප පහතින්






















No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න