පියයුරු ඇල්ලුවාද..? පියයුරු ඇල්ලුනාද ? කොරියාවේ නීතිය

පියයුරු ඇල්ලුවාද...??  පියයුරු ඇල්ලුනාද....?? කොරියාවේ නීතිය 
----------------------------------------
ගතවුනු කාල වකවානුව පුරාවටම කොරියානු අහස යට අහන්න ලැබුන ලාංකීය කදුලු කතා බොහොමයි. ඒ අතරින් ඔබ වෙත ගෙන ආව සත්‍ය සිදුවීම් රාශියක් අතරෙ මට ලැබුණු බොහොම හිත සසල කරපු සිදුවීමක් මේක. මොකද අදටත් නොදන්න සත්‍ය ඉතුරුවෙලා තියෙන්නෙ ඔහු ලග පමණයි.

මේ කතාව පිළිබද විස්තරය මා වෙත එවන්නෙ , මේ නඩුව වෙනුවෙන් ඔහුගෙ පාර්ශ්වයට කතා කරපු කොරියාවේ අපේ භාෂා පරිවර්තකයෙකු විසිනුයි. එතුමන්ට බොහොම ස්තූතියි.

බොහෝ අසීරු වැඩ කටයුතු මැද්දෙ කොරියාවේ ඉන්න අපේම සහෝදර සඟයන් වෙහෙස මහන්සිය විඩාව නිවාගන්න ගොඩක් වෙලාවට නිවාඩු දවසක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා නිදහසේ හුස්මගන්න වගේම එළියට බැහැලා ටිකක් විනෝද වෙන්න.සතියේ වැඩ කටයුතු ඉවරවෙලා සති අන්තියේ මේ සිදුවීමට අදාල තරුණයාත් ඔහු නවාතැන් ගත් ස්ථානයට ආසන්න උද්‍යානයකට යන්න කාලයක් තිස්සෙ පුරුදු වෙලා හිටියා. ඒ වගේම මෙම උද්‍යානයට ආව ගිය ගොඩක් පුංචි දරුවො එක්ක සෙල්ලම් කරන්න වගේම ඔවුන්ගෙ පුංචි ළමා ක්‍රීඩා වලට උදවු කරන්නත් ඔහු පුරුදු වෙලා ඉදලා තිබුණා.

අවාසනාවන්ත ලෙස එක් දිනකදී සුපුරුදු විදියටම මෙම උද්‍යානයකට ආව මේ තරුණයා එම ස්ථානයේ සිටි දරුවන් සමග කුඩා බෝල වලින් සෙල්ලම් කරමින් සිටින මොහොතක වයස අවුරුදු දහ තුනක පමණ ගැහැණු දරුවෙකු වඩාගනිමින් ඇයට ක්‍රීඩාව සදහා සහය දී තිබෙනවා. අවාසනාවන්ත ලෙස ඒ අවස්ථාවේ ඔහුගේ අත ඇයගේ පියයුරු ස්පර්ශ වෙනවා. මෙය දකින ඇගේ මව කෝපයට පත්වන අතර ඉන් නොනැවතී පොලීයට කැදවා ඔහු අසහනකාරයෙකු ලෙස හුවා දක්වමින් පොලීසිය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් උසාවි දක්වා ගමන් කොට ඔහුට වසර දෙකක හිර දඩුවමකට යටත් කරනු ලබනවා. ඒ වන විටත් ඔහු වීසා අහිමිව සිටි තරුණයෙකු වීම තවත් බරපතල කරුණක් වනවා.

කොරියානු පොලීසිය විසින් මෙම සිදුවීමේ සත්‍යතාව විමසා බැලීම උදෙසා එම ස්ථානයේ සී සී ටීවී පරික්ෂා කිරීමේදීත් ඔහුගේ දෑත්වල⁣ට ඇයගේ පියයුරු ස්පර්ශ වන අයුරු පැහැදිලි ලෙසම පෙන්නුම් කරනවා.ඉතා අවාසනාවන්ත ලෙස මේ වන විටත් ඔහුට කොරියාවේ සිර මැදිරියක් උරුම වී හමාරයි.
ඔහු දාරක ස්නේහයෙන් දරුවා ඔසවා ගත්තද, නැතිනම් වෙනත් පටු නොහික්මුණ චේතනාවක් ඔහු තුල තිබුණාද යන්න දන්නේ ඔහුගේ හිත පමණයි.

කොරියානු නීතියට අනුව ඔහු වරදකරුවෙකු වී හමාරයි. කොල්ලනේ මේ සිදුවීමෙන් ඔබට මා කිව යුතු දෙයනම් පළමුවෙන් ඔබ සිහිතබාගන්න මෙය ලංකාව නොවේ.
කොරියාවට රැකියාව සදහා පැමිණි පසු ඔබ සිටින්නේ වෙනත් රටක වෙනත් නීතීන් සමූහයකට යටත්වය.

එසේම කොරියාවේ සංස්කෘතිය වෙනස් කිරීමට ඔබටවත් මටවත් කළ නොහැක. 

ඇතැම් විට ලංකාවේදී මෙන් කුඩා දරුවන් පිළිබද වැඩිපුර සෙනෙහසක් ඇල්මක් දැනෙනු ඇත. ඇතැම්විට ඔබේ දරුවන් සිහිවෙනු ඇත. නමුත් ඔබ කොරියාවේ දරුවන් වඩාගැනීම් සිප වැලදගැනීම් වලට උනන්දුවක් නොදක්වන්න. ඒ වෙනුවට දයාබර වදනින් ඔවුන් ඇමතීම පමණක් සිදු කල හැකිය.

එක් අයෙකු විසින් ⁣දැන හෝ නොදැන කරන ක්‍රියාවකින් හානියක් වනුයේ සමස්ත රටටමය.
එබැවින් කුමන රටක කුමන ස්ථානයක ඔබ රැකියාව කලද ඔබේ හැසිරීම ඔබේ ජීවිතයේ තීරණාත්මක කාරණාවක් වනු ඇත.

මේ කොරියාව තුළ ඔබට දහසක් දෙනා හිමිව නැත. ලාභයද පාඩුවද ඔබම විද දරා ගත යුතුය. කොල්ලනේ කෙල්ලනේ අපි සතුටු වෙමු , විනෝද වෙමු, සියල්ලන්ටම ලොකු පොඩි භේදයකින් තොරව ආදරය කරමු.
එපමණක් නොවේ නිරතුරු සිහියෙන් කටයුතු කරමු.

වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් ඔබට ලියන මම 
දිලාන් මදුසංක..
2020/05/23

1 comment:

  1. ETHTHENMA OHU ANAWASHYA DHEYAK KARA ETHTHE...NODHANNA RATAKA, NODHANNA PAUWLAKA AUWRUDHU 13 KA DHARUWEKWA KAUDHA WADAAGANNA YANNE...

    ReplyDelete

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න