Facebook හැක්කරමින් කර මුදල් වංචාවක් හසුකරගනී

Facebook හැක්කරමින් කර මුදල් වංචාවක් හසුකරගනී

මේ දිනවල කොරියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ෆේස්බුක් ගිණුම් සොරා ගැනීමේ (හැක් කිරීමේ) ජාවාරමක් සිදු වෙමින් පවතී..

විවිධ උපක්‍රම භාවිත කරමින් එදා සිටම අද දක්වා බොහෝ පිරිස් මෙම ෆේස්බුක් හැක් කිරීමේ ජාවාරම කරමින් පවතී.අද වන විට මේ තත්වය බොහෝ සෙයින් වැඩි වී ඇති බවක් දැක ගැනීමට පුලුවන්...

පසුගිය දින වල එක දිගට මෙසේ කොරියාවේ බොහෝ ගිණුම් හැක් කරමින් මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වුණි.එහිදී විවිධ ලින්ක් වර්ග එවමින් ඒ හරහා තම ගිණුමේ පෞද්ගලික තිරතුරු ඔවුන් සතු කරගනිමින් ගිණුම ඔවුන් සතු කරගනී..මෙවැනි පණිවිඩ වල දැක්වෙන්නේ යම්කිසි වෙබ් ලිපිනයකි(url/link)ඉන්පසු මෙය ක්ලික් කිරීම මගින් වෙනත් ආකාරයට ෆේස්බුක් ගිණුම වෙත ලොග් වීමට පෙන්වන අතර ඒ මගින් ලොග් වූ විගස තම ගිණුම ඔවුන් නතුකරගනී..

පසුව ඔවුන්ගේ මිතුරන්ගෙන් හදිස්සි හේතුවකට බව පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් පසු ගිය දින ගණනාව තුළ බොහෝ සෙයින් අසන්නට දකින්නට ලැබුණි...

මෙසේ සිදුකරන්නා වූ පිරිස් ගැන තොරතුරු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ( SL CERT)  සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් රැක් කරගනිමින් පවතී..

ඔබත් මෙම  තොරතුරු ඔබේ මිතුරන් අතර බෙදා හැර මෙවැනි කූඨ ජාවාරම්කරුවන්ගෙන් බේරීමට කටයුතු කරන්න...

මුලික මුලාශ්‍ර neth fm article 

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න