අපේ කාලයෙ විද්‍යා ගුරුතුමා නැගෙනහිර දුක් විදින අම්පිටියෙ සුමනරතන ස්වාමීන්වහන්සෙ ගැන තැබු දුක හිතෙන facebook සටහන

  මම මේ ලගකදී මඩකලපුව මංගලාරාම විහාරස්ථානයට ගියේ අම්පිටියේ සුමනරතන නායක හිමිපාණන් බැහැදැකීමටයි. එහි ගිය අපිව උන්වහන්සේ ඉතාමත් ආදරයෙන් පිළිගෙන කෑම බීම පවා සපයා දුන්නේ ඉතාමත් ලෙන්ගතුව.

" මයේ පුතේ මට ඕනි නම් නුවර පන්සල තියෙනවා , මේ සේරම අතහැරලා එහෙට වැඩම කරලා නිදහසේ ජීවත්වෙන්න පුළුවන්. ඒත් මම මේක අතඇරල දාල ගියොත් ආයෙමත් මඩකළපුවට සිංහල බෞද්ධයෙක් ආපු දවසට ඇවිත් යන්න බෞද්ධ සිද්ධස්ථානයක් නැති වෙනවා"
නායක හාමුදුරුවෝ එහෙම කිව්වහම තමයි උන්වහන්සේ සිංහල බෞද්ධ පුළුටක්වත් නැතිව මෙච්චර කලක් මේ සිද්ධස්ථානය රැකගන්න මොන තරම් කැපවීමක් කරලා තියෙනවද කියලා අපට හිතුනේ.

1980 වෙසක් පුර පසළොස්වක පොහෝදින එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් රණවිරුවන් ඇතුළු 48 දෙනෙක් මියගිහින් අළු ගොඩක් වුණු පන්සල නැවත අද තියෙන තත්වයට ගේන්න උන්වහන්සේ කරල තියෙන අපරිමිත කැප කිරීම මම මගේ ඇස් දෙකින්ම දැක්කා. දැන් උන්වහන්සේ සාමණේර හිමිවරුන්ට ඉගෙන ගැනීමට පිරිවෙන් ගොඩනැගිල්ලක් සහ එහි සිව්වන මහලේ රණවිරු ස්මාරකයකුත් ඉදි කිරීමට කටයුතු කර ගෙන යනවා. සම්බුදු ශාසනය රැක ගැනීම සඳහා අපේ ලොකු හාමුදුරුවෝ මඩකලපුවේ වැඩ සිටිමින් කරන මේ මහා කැප කිරීමට ඔබ සියලු දෙනාට පුළුවන් උපරිමයෙන් සහයෝගයක් දක්වන්න. මේ සමඟ අපේ ලොකු හාමුදුරුවෝ මට දුන්නු සියලු විස්තර ඇතුළත් කර තබනවා.

ඔබත් අම්පිටියේ සුමනරතන හිමියන්ගේ දුරකථන අංකයට කතා කර වචනයකින් හෝ සහයෝගය දක්වන්න.

065-2222104 / 077- 1791883

- තිස්ස ජනනායක -

No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න